IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


මත්තල මාර්තුවේ ඇරේ

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ  මෙහෙයුම් ලබන මාසයේ ආරම්භ කළ හැකි බව සිවිල් ගුවන් සේවා බලධරයෝ කියති.

ඔවුන් මේ බව සදහන් කළේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ අරලියගහ මන්දිරයේදී පැවැති හමුවකදීය.

ගුවන්තොටුපළේ ඉදිකිරීම් සියයට 99 ක්ම අවසන් බවත් සියලූ පහසුකම් සමග එළැඹෙන මාර්තු 18 වැනිදා ගුවන්තොටුපළ විවෘත කළ හැකි බවත් බළධාරීහු මෙම හමුවේදී සදහන් කළහ.

දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සංවර්ධනයේ ප්‍රතිඵල ලබා දීම රජයේ අරමුණ බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කීය. ගුවන්තොටුපළේ සේවය කිරීමට අවශ්‍ය ශ්‍රමිකයින් මත්තල අවට ප්‍රදේශයෙන්ම සොයා ගන්නා ලෙසත් විශේෂයෙන්ම දක්ෂ තරුණයින්ට අවස්ථාව ලබා දෙන ලෙසත් රාජපක්ෂ මහතා උපදෙස් දුනනේය. මහා පරිමාණ සංවර්ධන කටයුතු වලදී රටේ සංස්කෘතියට හානි ගෙනදිය හැකිදේ නොකර සිටින ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

අක්කර 2000 ක භූමියක් පුරා ඉදිකෙරන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වර්ග මීටර 1000 කට ආසන්න ගබඩා පහසුකම් පවතින අතර වසරකට මෙට්‍රික්ටොන් 45,000 ක කන්ටේනර මෙහෙයවිමට හැකිවනු ඇතැයි ගණන් බලා ඇත.ගුවන්තොටේ ජාත්‍යන්තර හා දේශීය ගුවන් මෙහෙයුම් සිදුකෙරෙනු ඇති අතර දිය මත ගොඩබැස්විය හැකි යානා සදහාද පහසුකම් ඇති කැරේ.



අදහස් (0)

මත්තල මාර්තුවේ ඇරේ

සුරේෂ් Monday, 18 February 2013 10:38 PM

ජයවර්ධන, තමුන්නාන්සේලා යන්නෙම ඇදේටනේ. (නි)

:       0       0

නිහාල් Thursday, 21 February 2013 05:43 PM

ඔය මොනවා හැදුවත් මිනිස්සුන්ට නිදහසේ ලියන්න කියන්න කතාකරන්න ඉඩක් නැත්නම් වැඩක් නැහැ. (නි)

:       0       0

පහන්, නුවර Tuesday, 19 February 2013 05:35 PM

අපිට ඔක්කොම තියනවා හාබර් එකක් තමා අඩු.. (දී)

:       0       0

නීලා Sunday, 17 February 2013 01:44 PM

සතුටුයි. ඒත් ලංකාවේ මිනිසුන්ගේ වැඩ බැලුවම ගනු දෙන ගැන නමි විශ්වාසයක් නැහැ.(නදී)

:       0       0

සේන Sunday, 17 February 2013 01:46 PM

ගනන් හිලව් එහෙම කොහොමද? (නදී)

:       0       0

රුවන් Monday, 18 February 2013 03:56 PM

ලංකාවට ජයවේවා (දී)

:       0       0

වීරසිංහ Sunday, 17 February 2013 01:48 PM

සුපිරි වැඩක්, ඡන්දයක් එද්දි මේවා විතරක් නෙමෙයි ගනන් හිලව් එහෙමත් පෙන්නනවා.(නදී)

:       0       0

මාලක Sunday, 17 February 2013 01:48 PM

රස්සා ටිකත් දකුනට විතරද? එතකොට කටුනායක රස්සා කරන්නේ කටුනායක අයමද?(නදී)

:       0       0

සුභසිංහ Sunday, 17 February 2013 01:51 PM

රැකියා ටිකත් දකුනටද?(නදී)

:       0       0

නිරෝෂන් Monday, 18 February 2013 04:02 PM

කව්රු හරි දන්නවද මෙය විවෘත කළාම කටුනායක වහන්නෙ නෑ නේද ? එහෙම උනොත් හරිම අසාධාරණයි. අපිට නුවර එන්න දවසක් ම යයි. . (ස)

:       0       0

දිසානායක-කැනඩා Monday, 18 February 2013 02:50 AM

මෙච්චරයි රටට අඩු වෙලා තිබුනේ. ඒකත් හරි.(නදී)

:       0       0

ලලිත් Monday, 18 February 2013 02:54 AM

ඩුබායි සිට කොළඹ එන්න පැය හතරයි. හම්බන්තොට ඉදලා කොළඹ යන්න?(නදී)

:       0       0

වජිරා Monday, 18 February 2013 04:05 PM

ඒ වැඩේ පිළිබද අපි ආඩම්බර විය යුතුයි (දී)

:       0       0

නිමාලි Sunday, 17 February 2013 01:55 PM

ඇත්තටම බලන්න යන්න ආසයි (දී)

:       0       0

අමිලා Thursday, 21 February 2013 11:21 AM

කරන දෙයක් පරිස්සමට (දී)

:       0       0

ගයාන් Tuesday, 19 February 2013 06:18 PM

දැන් ඉතින් හම්බන්තොට තමයි. (නි)

:       0       0

පහන් Tuesday, 19 February 2013 06:27 PM

ජපන්නු කීපදෙනෙක්ම මගෙන් අහලා තියෙනවා ඇයි උඹලා මිනිස්සුන්ගේ නම් ගුවන් තොටුපලවල් වලට දාන්නේ කියලා?මොකද ජපානේ ඔක්කොමටම ගමේ නම තමා නරිටා ,කන්සයි ,හනේද ගුවන්තොටුපලවල් විතරක් නෙමේ කවසාකි ,හිතාචි ,යොකොහම ඇතුළු නගර බොහොමයක නිෂ්පාදනය වන කාර්මික නිෂ්පාදන ගමේ නමින් තමයි නම් කරලා තියෙන්නෙ (නි)

:       0       0

ෂීලා Friday, 22 February 2013 12:00 PM

ගුවන් තොටුපොළවල් විතරක් නෙමෙයි දැන් පාරවල් වලටත් මැරිචිච දේශපාළුවන්ගේ නම් දානවා. පාරක් හොයාගන්න නහින්න ඕනේ. බුලර්ස් පාර, බාන්ස් පාර, පලවර් රෝඩ් වගේ ප්‍රසිද්ද නමි දාන්නේ නැහැ. මොකක්ද මේ රෝගය?(නදී)

:       0       0

Ranjith Somawansa Monday, 18 February 2013 04:24 PM

ලංකාවේ මිනිස්සු හරිපුදුමයි අධීවේගී මර්ගයක් හැදුවත් බනිනවා ගුවන් තොටුපොළ හැදුවත් බනිනවා මේවයි ඇති වටිනා කම ගැන ගැන කිසිම හැගිමක් නැහැ රටක් උනොත් ජාත්‍යන්තර ගුවන්තොටුපොලවල් දේකක් අවශ්‍යයි. උදාහරණයක් කොටි කටුනායකට පහාරදුන් අවස්ථාවේ ගුවන්යානා ඉන්දියාවට හරවලා යැව්වා.දකුනට වැඩක් කරනවාට ලංකාවේ ගොඩක් අය කැමති නැහැ දකුණ හෝ උතුර දියුණුවේනවයි කියන්නේ මුලු ලංකාවේම දියුනුවක් . (ස)

:       0       0

උදය Sunday, 17 February 2013 02:37 PM

මොනවා උනත් දකුණ ඌව පලාත වගේ කල ගුන දන්නේ නැත.(නදී)

:       0       0

අජන්ත Monday, 18 February 2013 06:57 AM

කටුනායක ඉදලා අනුරාධපුරේ යන්න හිත හදාගෙන එනවා. ඒත හම්බන්තොට ඉදලා අනුරාදපුරේ යන්නේ කොහොමද දෙයියනේ.(නදී)

:       0       0

සේනාස් Sunday, 17 February 2013 02:42 PM

ඔව්, ඔවි දකුනට තමයි.(නදී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 12:46 PM

කවුරු මොනවා කිව්වත් රටට දැනෙන්න දෙයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විතරයි. රජ කාලේ සහ සුද්දන්ගේ කාලේ ඇරෙන්න හිටපු කිසිම නායතයෙක් පටන් ගත්ත කිසිම දෙයක් හරියාකාරව ඉවර කරලා නැහැ. (නදී)

:       0       0

රංග Tuesday, 19 February 2013 07:12 PM

සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියලා අර කවුද කියලා තියෙන්නෙ මේකෙ සමහර මෝඩචූන් දාපු අදහස් දිහා බලලා වෙන්න ඇති. රටකට තව එයාර් පොර්ට් එකක් ලැබෙනවා කියන්නෙ කොච්චර දෙයක්ද? අනික කටුනායක දැන් ඇන්ටික් වෙලා.ලොකු ප්ලේන් ගේන්න බැහැ. ඒකෙන් වෙන්නෙ රටට එන සල්ලි නැතිවෙන එක. ඒ වගේ වෙලාවක අලුත් ඒයාට් පෝර්ට් එකක් ලැබෙනවා කියන්නෙ ආර්ථික වාසියක්. හයි වේ ටික හැදිලා මේව සම්බන්ධ වෙලා ආවට පස්සෙ මිනිස් පැය ගොඩක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි. මිනිස් පැය කියන්නෙ සල්ලි. වෙන රටවලට වෙලා දහ දුක් විදින අපි මේව බලලා සතුටු වෙනවා. සමහර උදවිය ඒකෙත් ඇදක් හොයනවා. ජාතියේ වැරැද්ද... (නි)

:       0       0

පීරිස් Tuesday, 19 February 2013 04:33 AM

සමන්, වැස්සකටවත් පාසැලකට ගියාද? මේ වගේ අදහස් දාන්න ලැජ්ජා නැද්ද? මෙම පාලකයන් යනදාට මේවා අරගෙන යන්නෙ නැහැ. මේවා හැදෙන්නෙ අපේ මතු පරම්පරාවට. අමන විදිහට හිතන්න ඵපා. (නි)

:       0       0

නන්දලාල් Tuesday, 19 February 2013 05:23 AM

හම්බන්තොට වරාය වගේ කියන්නේ ඇයි. නොදන්න නොතේරෙන දේවල් මේකේ නොලියා ඉන්නවානම් තමයි හොද. වරායක එන පාරට සියල්ල නිමකරන්න බැහැ. මේවා අනාගත ආයෝජන. (නදී)

:       0       0

සිසිර Sunday, 17 February 2013 03:16 PM

ලංකාව දැන් දියුණුයි (දී)

:       0       0

නන්දා Monday, 18 February 2013 08:32 AM

ලංකාවට ආර්ථික වාසි (දී)

:       0       0

සරත් Monday, 18 February 2013 08:34 AM

කොහොමද මේ වැඩෙන් අපිට ආර්ථික වාසි ඇත වෙන්නේ (දී)

:       0       0

මාලා Tuesday, 19 February 2013 08:12 PM

කියා ගන්න බැරි තරම් ළාආණා. ඒ පැත්තට ගියාම පුදුමත් හිතෙනවා (දී)

:       0       0

හේරත් Tuesday, 19 February 2013 08:19 PM

මේක හොද වැඩක්. හෙට වෙනුවෙන් මේවා දිලෙන වැඩ. (නදී)

:       0       0

ඉන්දික Thursday, 21 February 2013 12:38 PM

ජයවේවා. හිතන්න කාටද ආඩම්බර (දී)

:       0       0

දමින්ද Monday, 18 February 2013 09:43 AM

ලංකාව අසිරිමත් රටක් වෙයි (දී)

:       0       0

සමන් Sunday, 17 February 2013 03:55 PM

අනේ මන්දා මේ ගුවන්තොටුපොළෙන් තියෙන ආදායම මොකකද කියලා හිතාගන්න බැහැ කටුනායක ගුවන්තොටුපොළ දිහා බැලුවම. දවසකට ගුවන් යානා 20 ක් ලංකාවට එයි. ඒ වගේ 20 ක් පිටත් වෙයි. ඩුබායි වලට හැම විනාඩි තුනටම ගුවන්යානයක් යනවා ගුවන් යානයක් එනවා නම් තව කීයක් හදයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

ජෝයි Thursday, 21 February 2013 05:50 AM

අප උපන්දා සිටම තිබුනේ කටුනායක ගුවන් තොට පමණයි. නමුත් අප පුංචි රටට අද දෙකක් තිබෙනවා. ගොඩාක් සතුටුයි. කොටි ගහපු වෙලේ ලංකාවට එන්න බැරුව මම ඉන්දියාවට ගියා. මත්තලයි කටුනායකටයි ගොඩබැස්සවීමේදීයි ගුවනට නැංවීමේදීයි වැයවෙන ඉන්ධන ගාස්තු ගුවන් ටිකට් පත්වලට එකතු කරන්න දෙන්න එපා. ජනාධිපතිතුමනි, ඔබගේ අවධානය ඒ ගැන යොමුකරන්න. (නි)

:       0       0

ප්‍රසාද් Monday, 18 February 2013 10:09 AM

සන්තෝසයි (දී)

:       0       0

ලසන්ත Tuesday, 19 February 2013 08:15 AM

කටුනායක වගේ කාක්කෝ බෝවෙන්න දෙන්න එපා. අවුරුදු ගානකින් ගෙදර එනකොට මරාගෙන කන්න හදනවා. ආවට වඩා ඉක්මනින් එතකොට යන්න හිතෙනවා.(නදී)

:       0       0

ලලික්-කටාර් Tuesday, 19 February 2013 08:22 AM

ලෝකේ කිසිම රටක නැති කාක්කෝ ලංකාවේ ගුවන්තොටුපොළේ ඉන්නවා. අවුරුදු ගානකින් ගෙදර එද්දි ඉස්සල්ලාම ලංකාව එපා කරවන්නේ මෙයාලා. මෙයාලට මත්තලටත් බෝවෙන්න දෙන්න එපා.(නදී)

:       0       0

මාරසිංහ Sunday, 17 February 2013 04:28 PM

ලොව කාර්යබහුලව ගුවන්තොටුපොල වල් හීතෘ, සිංගප්පූරුවථ ෂැංහායි,වලට දිනකට මගීන් මිලියන තිහක් පැමිනෙයි. විශ්වාස කරන්නත් අමාරුයි නේද?(නදී)

:       0       0

සමන් Monday, 18 February 2013 10:28 AM

මගීන් සොයාගන්නේ කොහෙන්ද . (ස)

:       0       0

සිල්වා Tuesday, 19 February 2013 02:27 PM

ලලිත් ඔබ හරි, දැන් මේ පැත්තේ ඉන්නේ දේශපාලන හෙංචයියලා දත කට මැදගෙන සැලසුම් හදමින් ඉන්නේ තමන්ගේ මාපියාව හදාගන්න. ජනාධිපතිතුමනි ඒවට ඉඩදෙන්න එපා.(නදී)

:       0       0

මාලා Monday, 18 February 2013 06:20 PM

රංජිත්, වැඩි දෙනෙක් කියලා තියෙන්නේ මේක හොදයි කියලා. නමුත් අපේ රටේ දේශපාලඥයෝ දීලා තියෙන පින්තූරෙ නිසා මුදල් ගැන විශ්වාස නැහැ.(නදී)

:       0       0

රූපා Monday, 18 February 2013 06:24 PM

මේ වගේ ගුවන්තොටුපොළවල් තව හදන්න. මුදල් ගනු දෙනු ගැන දැඩිව ඉන්න. හොරු එල්ලා මරා දමන්න. අපි කව්රුත් මේවට කැමතියි. හොරකමට කැමති නැහැ. ඔබට පමණයි එය කල හැක්කේ.(නදී)

:       0       0

රාණී Monday, 18 February 2013 06:27 PM

අපේ රටට මේ වගේ දේවල් තව ඕනා. දේශපාලකයෝ සමාජයට දීලා තියෙන චිත්‍රය හොද එකක් නෙමෙයි. ඒකයි කවිරුත් මුදල් ගනුදෙනු ගැන සතුටු නැත්තේ. මෙය නිවරදි කල හැක්කේ දේශපාඥයින්ට පමණයි.(නදී)

:       0       0

චක්දන Sunday, 17 February 2013 05:44 PM

ලිදේ ඉන්න මැඩියා වගේ වෙන්නේ නැතුව අළුත් දෙයක්, වෙනසක් ඇති විය යුතුයි. ඒකයි සිංගප්පූරුව දියුණු වුනේ.(නදී)

:       0       0

නිමලා Friday, 22 February 2013 01:03 AM

ඇමතිලා වෙනස් වුන නිසා යාපනේ විදුලි බලාගාරයේ නාමපුවරුව වෙනස් කරන්න ලක්ෂ 10 ක් ගියාළු. අළුත් තෙල් ඇමති පිලිගන්න ලක්ෂ 100 ක් ගියාළු. ජනාධිපතිතුමනි, ඔබ තුමාට මේවා අයිති නොමැති වැඩ බව දනිමු. ඔබට තනිව මේ සියල්ල කළ නොහැක. නමුත් ඔන්න ඕකයි තත්වය.(නදී)

:       0       0

රීටා Friday, 22 February 2013 01:04 AM

මේක විවෘත කරන්න කීයක් ඇස්තමේන්තු කරලා තියෙනවද?(නදී)

:       0       0

අනුර Sunday, 17 February 2013 05:54 PM

හැමදාම එකතැන පල් වෙන රටක් විදියට අපි සිටිය යුතු නැහැ. අපිත් දියුණු විය යුතුයි. සුභ අනාගතයක්.(නදී)

:       0       0

රීටා Friday, 22 February 2013 01:01 AM

විවෘත කිරීමේ සංදර්ශනයට කීයක වියදමක් යයිද?(නදී)

:       0       0

ෂාෆීක් Monday, 18 February 2013 11:34 AM

සතුටුයි... තවත් ප්‍රමිතියෙන් පූර්ණ ගුවන් තොටක් රටට අවශ්‍යයි.... (ස)

:       0       0

හිමාල් Tuesday, 19 February 2013 09:44 AM

වැඩේ හොදයි. (නි)

:       0       0

සිල්වා Sunday, 17 February 2013 06:15 PM

ගුවන්තොටුපොලේ වැඩකටයුතු 100% ක් ඉවර වුනාම විවෘත කරන්න. හදිසියේ කලබලේට විවෘත කරන්න එපා. සියළු වැඩකයුතු ඉවරකරලාම විවෘත කරන්න. නැත්නම් හම්බන්තොට වරාය වගේ වෙයි.(නදී)

:       0       0

සුනෙත් Tuesday, 19 February 2013 02:59 PM

ඇත්තටම අපි සන්තෝස වෙන්න ඕනේ (දී)

:       0       0

රංජිත් Wednesday, 20 February 2013 12:06 AM

ලසන්ත සහා ලලික් කියන කාථාවට මම එකගයි. විදේශිකයෝ විශාල ප්‍රමාණයක් ඔය ගැන පැමිණිලි කරලා තියේනවා විදේශ රටවල තානාපති කර්ය්‍යලවල සහා ගුවන් තොටුපලට. නමුත් කිසිම නිලධාරියේක් ඒ ගැන බලන්නේ නැහැ ගුවන් තොටුපල හැදුවා වගේම අනිකුත් දේවල් ගැනත් බලන්න. විදේශරටවලට ගිහිල්ලා බලන්න කොහොමද කියලා (ඉංදියාව,බංගලිදේශය,පකිස්තානය හැර).(නදී)

:       0       0

සේනක Friday, 22 February 2013 03:51 AM

අජන්ත, නිරෝෂන ඔයාලා කතා කරන්නේ නුවරයි, අනුරාධපුයයි ගැන. මෙච්චර කාලයක් හම්බන්තොට පැත්තේ මිනිස්සු ගොඩක් දුක් වින්දා. නුවරයි, කොළඹයි විතරද රටේ මිනිස්සු ඉන්නේ. එයාලා විතරද සම්පත් වලට හිමිකාරයෝ. කුහක වෙන්න එපා. කොහේ හැදුවත් අපේ රට ඇතුලෙයි හදන්නේ. ජපානේ නැරිටා ගුවන්තොටුපොළ තියෙන්නේ ටෝකියෝ වල නෙමෙයි ඒක තියෙන්නේ චීබා වල.(නදී)

:       0       0

ජයවර්ධන Monday, 18 February 2013 12:39 PM

මේ ප්‍රතිචාර බැලුවම මට හරි දුකයි. රටට බුද්ධ්මත් පුරුෂයෝ අවශ්‍යයි. උගත්කම විතරක් මදි.(නදී)

:       0       0

ඩොනල්ඩ් Sunday, 17 February 2013 06:59 PM

අඩ සියවසකට පසු දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම සංවර්ධනයේ සුභ නිමිත්තකි. (නදී)

:       0       0

සුනිල් Tuesday, 19 February 2013 10:32 AM

ලංකාව ආසියාවේ ප්‍රථමයා කලහැකියි (දී)

:       0       0

වරුණ Monday, 18 February 2013 01:09 PM

හම්බන්තොට වරාය වගේ නොවේවා.(නදී)

:       0       0

චතුරංග Monday, 18 February 2013 08:16 PM

සමන් හරියට කතාකරන්නේ මොකුත්ම තේරෙන්නේ නැති කෙනෙක් වගේ. මේ වගේ ව්‍යාපෘතියක් හම්බන්තොට මත්තල හදාවි කියලා අපි හීනෙකින්වත් හිතුවද?(නදී)

:       0       0

ගාමිණී Sunday, 17 February 2013 08:09 PM

කාර්යමන්ඩලය වගේම කටුනායක වගේ රේගු නිලධාරීන් පිරිසක් අත්‍යාවශ්‍යයි. රටේ වෙන හොරවැඩ දිහා බලනවිට. එතකොට රජයේ ආදායමද දෙගුන වෙනවා.(නදී)

:       0       0

අජිත් Friday, 22 February 2013 08:20 AM

හම්බන්තොට වරායට වගේ මත්තලටත් කාර් කාර් ගෙන්නන එකක් නැහැ නේද?(නදී)

:       0       0

ජයවර්ධන Thursday, 21 February 2013 04:14 PM

අපේ රට දියුණු වෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනෑ වගේම රට තුළ වෙන්නේ මොනවාදැයි අපි සෙවිල්ලෙන්ද සිටිය යුතුයි. (නි)

:       0       0

හිල්ම් Sunday, 17 February 2013 10:32 PM

බලන්නත් ආසයි (දී)

:       0       0

ජීවන් Sunday, 17 February 2013 10:55 PM

මාරසිංහ හිතුවා හරි. හීතෘවලට දවසට මගීන් මිලියන පනහක් එනවා. ෂැංහායි වලට මිලියන තිහක් එනවා.(නදී)

:       0       0

මාලා Sunday, 17 February 2013 11:11 PM

වැඩේ නම් හොදයි. ගනන් හිලව් තමයි සුවර් නැත්තේ.(නදී)

:       0       0

සුනිල් Thursday, 21 February 2013 04:50 PM

අහස් මාළිගාවල ජීවත් වෙන, අහසින් ගමන් බිමන් යන අයට ඇරෙන්න සාමාන්‍ය අපිට මේකෙන් ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 20 February 2013 08:13 AM

පහන් ජපනට කිව්වේ නැද්ද ලංකාවේ සමහර අයට හීනමානය තියෙනවා කියලා.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 20 February 2013 04:17 PM

හම්බන්තොට ධීවර වරාය මෙන් පාළුවට නොයේවා! (නි)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 20 February 2013 08:15 AM

ජපනා හරි පහන්. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 22 February 2013 06:58 PM

ලලිත් පිස්සුවෙන් කියනවද මන්දා? (නි)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 20 February 2013 08:19 AM

පහන් කිව්වේ නැද්ද ලංතාවේ බොරුවටයි වංචාවටයි තාම තැන කියලා.(නදී)

:       0       0

මංගල Monday, 18 February 2013 03:32 PM

යුරෝප් වල ඉඳලා ගුවන් ගමන් මත්තලට දානවා නම් හොඳයි. . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 104 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 177 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 120 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 254 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 49 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 430 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 616 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2119 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1840 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site