IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මැණික් හා ස්වර්ණාභරණ අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදුව නෑ

අංජුල මහික වීරරත්න


මැණික් හා ස්වර්ණාභරණ සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා සිටිය ද අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදුව නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳපොළ ජය ගත හැකි පරිදි ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමට රජය කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය. 
ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින් “Gem City Ratnapura- 2025” ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 පැල්මඩුල්ල ග්‍රෑන්ඩ් සිල්වරේ හෝටලයේ දී පැවැත්වුණු අතර එහි සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය. 
ඉකුත් 15, 16 හා 17 තෙදින මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිධානය කරන මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ ප්‍රදර්ශනය, ලෝකයේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳපොළක් ලෙස ස්ථාපිත කිරීමේ අරමුණින්, විවිධ වර්ගයේ මැණික්, මැණික් හා ස්වර්ණාභරණ කැණීම් සහ සැකසීම් ක්‍රමවේද, පරීක්ෂණාගාර සේවා මෙන්ම ක්ෂේත්‍රයේ පුහුණු හා අධ්‍යාපන අවස්ථාවලින් සමන්විතව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ. 
එහිදී අග්‍රාමාත්‍යවරිය මෙසේද කීවාය.
“ශ්‍රී ලංකාව මැණික් සඳහා මුළු ලෝකයේම ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම මෙම මැණික්වලින් විශාල ප්‍රමාණයක් හමුවන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. එහෙත් රත්නපුරට හිමි එම ගෞරවය ලැබී ඇති දැයි අප විමසිය යුතුයි. උසස් තත්වයේ මැණික් අපනයනයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයෙන් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය විශාලයි”‍ යනුවෙන්ද අගමැතිවරිය කීවාය.



අදහස් (0)

මැණික් හා ස්වර්ණාභරණ අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදුව නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site