(මනෝජ් හර්ෂික)
ඉදිරියේදි මුං ඇට ආනයනය සම්පූර්ණයෙන් නවතා දමන බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා අද (24) පැවැසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය වාරි ඉංජිනේරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
‘‘අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර පහලොස්දාහක විශේෂ ව්‍යාපෘතියක් මඟින් මුං වගා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව ලබන වසරේ සිට මුං ඇට ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉකුත් වර්ශයේ මෙට්‍රික් ටොන් 10,000ක් පමණ අප ගෙන්වලා තියෙනවා. හම්බන්තොට ඒ නව ව්‍යාපෘතිය සමඟ ඉදිරියේදී මුං ඇට ආනයනය අවශ්‍ය වන්නේ නැහැ.
ඒ වගේම යාපනය, මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික්කවල කෘෂි නවීකරන ව්‍යාපෘතිය මගින් රටකජු වගා කරලා තියෙනවා. එහි අස්වැන්න මෙට්‍රික් ටොන් 3,000ක් පමණ බලාපොරොත්තු වෙන්න පුලුවන්.
මෙරටට උඳු ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතරවෙලා තියෙනවා. උඳු ගෙන්වනවානම් රුපියල් දෙසියක බද්දක, පාඩුවට තමයි ගෙන්වන්න වෙන්නේ පිටරටින් උඳු ගෙන්වීම නැවැත්වීම අප ලැබූ ජයග්‍රහණයක් වන අතර ඒක අපේ රටේ උඳු ගෙවියා නඟා සිටුවීමට ලොකු අත්වැලක් ද වෙනවා.
විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට කෘෂි විද්‍යාඥයින්ට රටට අවශ්‍ය කෘෂිකාර්මික දත්ත සකසන්න, ආනයනය කළයුතු බෝග, මෙරට නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණය කොහොමද කියලා තීරණය කරන්න ගොවීන් දැනුවත් කරන්න මම උපදෙස් ලබා දුන්නා‘‘යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මේ හැරී අයියව දැක්ක කල්... අම්මපා කොහෙද අන්තරස්දාන වෙලා හිටියේ..? එ්ත් අපි මේ කල්පනා කරේ ඉන්න පට්ටියේ කලදශාව ඉතාම කෙටි නිසා අලුතෙන් මීහරක් පට්ටියවත් හොයන්න ගියාදවත් කියලා...
ඒ කියන්නේ මුං ඇට පිටරටින්ද ගෙන්නුවේ? ලැජ්ජයි... අර කෘෂිකර්ම ඇමති රාජගිරියේ සැපට ඉන්නකොට ඔව් ඔව් මුන් ඇට වවන එක මොන ලජ්ජාවක්ද නේද? සුද්දෝ වගේ ඉන්න ඕනෙ නේ...
මේක නම් පැසසිය යුතු කාරණයක්. අපිට අවශ්‍ය හා මෙරට විය හැකි දේවල් වගාකර ගැනීම ඉතාමත් හොඳයි...
මුං ඇට..!! බලන්න මොන තරම් රටට වැදගත් තීරණයක්ද? අනේ ඔබතුමන්ලා නැති වුන දවසට අපිට මොනවා වේවිද?
ඊට කලින් පුපුරණ ද්‍රව්‍ය, මත් කුඩු සහ අන්තවාදය ආනයනය කරන එක නවත්වන්න.
ගොවියන් ඉදිරියේදී ලංකාවට ආනයනය කිරීමට සිදුවේවි... !!!
අර පිටරටින් බාල ගම්මිරිස් ගෙනැල්ලා මේ රටේ දුප්පත් ගම්මිරිස් ගොවියෝ අනාථ කරපු කාලකන්නි ව්‍යාපාරිකයාට නීතිය ක්‍රියාත්මක කරද මේවට නම් පාලකයන්ට හෙන ගහන්න ඕනේ...
එදා අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වූ කොත්තමල්ලි අඩු කළා වගේ බැරිද මුං ඇටත් ටිකක් අඩු කරලා දෙන්න? නැතිනම් ඉස්සරහට මුං කැවුමත් රිච් කේක් වගේ ගණන් යයි.
ඡන්දෙත් කිට්ටු නිසා තව මොන මොනවා නවතියිද කියන්න බැහැ.
මොවුන් ඔක්කොම ඇටනැති සමනල්ලු...
මේ එක්කම කඩු ආනයනය නවත්වන්න පුළුවන් නම් හොඳයි. එ්කත් දේශීයව නිෂ්පාදනය කරන්න බලන්න. කඩුපණ පොවනකොට සද්දේ ඇහෙන නිසා පොලිසියට ඔත්තුවක් දෙන එක ලේසියි.
1970-77 කාලයේ අපි බැන බැන වුනත් මොනවා හරි වවල කන්න පුරුදු වුනා. පරිප්පු වෙනුවට පියලි කල කව්පී තිබුන. දැන් ඒවා දකින්නවත් නැහැ. ලංකා කඩල කියල දුඹුරු පාට ඇට වර්ගයකුත් තිබුන. ගරු ඇමතිතුමා මේවා ගැනත් හිතන්න. ගුරු සාටකේ පාට ඇට වර්ගයත් (කුරක්කන්) ඉන්දියාවෙන් නේද ගෙන්වන්නේ.
මුං ඇට පැත්තක තියලා ඡන්දෙ තියන්න ජනතාව කියනවා.
අපි අනාථ කරපු අය මුං ඇටත් අරගෙන ගෙදර පලයවූ - ජනතාව කියනවා
අර පිටරටින් බාල ගම්මිරිස් ගෙනැල්ලා විකුණලා ලැබුණ ලාබෙන් මේ රටේ දුප්පත් මිනිසුන්ට බෝම්බ දැමීම නරකද කොහෙද නරකයි කියල තියෙන්නේ.....
මේ සබීත නෝනා මුන් ඇට කෑම ඇත හැරලද කොහෙද?
මුං ඇට ආනයනය නවතා කඩු ආනයනය කරන්න තවද පැලෝපිය නාල අවහිර කරගන්න අයට දීමනාවක් ගෙවන්න මේ සඳහා අඬු ගෙන්වීමට බදු සහන ලබා දෙන්න මහා ඡන්දෙදි හමුවෙමු උතුමාණනි