IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


බිස්නස්වල ලොකු වැඩිවීමක් නැහැ - දෙවැනි හරස් වීදියේ HR Fabric වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික මොහොමඩ් මුබෂියර්


කලක පටන් බොහෝ පාරිභෝගිකයන් පිටකොටුවට පැමිණියේ රෙදිපිළි මිලදී ගැනීමටය. එහෙත් පසුකාලීනව එම තත්වය පසුබැස ගියේ නුගේගොඩ, වත්තල, කිරිබත්ගොඩ, පමුණුව හා ප්‍රාදේශීය වශයෙන් නිමි ඇඳුම් කඩ විවෘතවීමත් සමගය. එය කෙසේ වුවද තවමත් පිටකොටුවේ රෙදිපිළි වෙළෙඳාමට අගුල් දැමීමට හැකියාවක් ලැබී නැත. ඊට හේතු වී ඇත්තේ විවිධ ප්‍රදේශවලින් කොළඹ නගරයේ රැකියාවට පැමිණි පිරිස් ගම්දනව් වෙත යෑමට මත්තෙන් පිටකොටුව බස් නැවතුමට, එසේත් නැත්නම් කොටුව ඉස්ටේෂමට පැමිණීම නිසා නැදෑ හිතමිතුරන්ට අතේ ඇති මුදලට ඇඳුමක් මිලදී ගැනීමට හැකි වෙළෙඳපොළක් පිටකොටුවේ නිර්මාණය වී තිබීම නිසාවෙනි.

පිටකොටුවේ රෙදිපිළි වෙ‍ළෙඳාමේ දී තොග සහ සිල්ලර ලෙස පැහැදිලි බෙදීමක් තිබුණ ද රෙදිපිළි සිල්ලර වෙළෙඳාම වෙනත් නගරවලට බෙදී ගියත් තවමත් රෙදිපිළි තොග වෙළෙඳාම ඇත්තේ පිටකොටුවේ දෙවැනි හා තෙවැනි හරස් වීදිවලය.

මේ දිනවල පිටකොටුව වෙළෙඳ නගරයේ වෙළෙඳාමේ තතු සොයා බැලීමට පිටකොටුවට ගිය ගමනේ දී අප ගොඩවැදුනේ දෙවැනි හරස් වීදියේ HR Fabric වෙළෙඳ ආයතනය වෙතටයි. එහි ව්‍යාපාරික මොහොමඩ් මුබෂියර් මේ දිනවල වෙළෙඳාම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි. 

Q මේ දිනවල බිස්නස් කොහොමද?

අපි මේ බිස්නස් එක ආරම්භ කරලා වැඩි කාලයක් නෑ. ඒ නිසා බිස්නස් එක සම්බන්ධයෙන් ලොකු අදහසක් දක්වන්න අමාරුයි. මේ කාලේ දී හඳුනගත්ත විදිහට බිස්නස්වල ලොකු වැඩිවීමක් නැහැ. ව්‍යාපාරිකයෝ ඉදිරියේ දී එන සීසන් එකට වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්න තියෙනවා.

Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?

අපි සීසන් එක ඉලක්ක කරගෙන තමයි මෙම ව්‍යාපාරය ආරම්භ කළේ. මුල් කාලයේ ලොකු ලාබයකට වඩා ඉලක්කගත පාරිභෝගික කණ්ඩායමක් අපේ ව්‍යාපාරය වටා ඒකරාශී කරගැනීම තමයි මූලිකම ඉලක්කය. චීනය, ඩුබායි, මැලේසියාව වගේ රටවලින් ආනයනය කරන අමුරෙදි අප ආයතනයෙන් මිලදී ගන්න පුළුවන්. 

මේ ටික කාලයට අපි හඳුනගත්ත විදිහට පාරිභෝගිකයෝ සති අන්තයේ සෙනසුරාදා දිනයේ වැඩි වශයෙන් භාණ්ඩ මිලදී ගන්න පැමිණෙන්නේ. එහෙත් කලින් පිටකොටුවේ තිබුණ බිස්නස් අද වෙද්දී පහත වැටිලා කියන කතාව දීර්ඝ කාලයක් ව්‍යාපාර කටයුතු කරන පිරිස් කියන දෙයක්.

පාරිභෝගිකයෝ අතේ මුදල් තියෙනවා ද කියන සාධකයත් එක්ක තමයි බිස්නස් එක රඳා පැවැත්ම සිදුවන්නේ. පසුගිය වසරවල වගේ කන්න විතරයි පාරිභෝගිකයෝ අතේ සල්ලි තියෙන්නේ කියන කාරණයෙන් එහාට ගිහින් අද වෙද්දී පාරිභෝගිකයෝ අමතර මුදලක් යොදවලා අමුද්‍රව්‍ය මිලදී ගන්න උනන්දුවක් පෙන්නුම් කරනවා. බිස්නස්වල දැන් දැන් වර්ධනයක් තියෙනවා. ඉදිරියේ දී මේ තත්වයේ හොඳ මට්ටමක් නිර්මාණය වෙයි කියා පෙනෙන නිසා ඉදිරියේ දී එන නත්තල් සීසන් එක සහ නව වසර ඉලක්ක කරගනිමින් වෙළෙඳපොළට නව අමුද්‍රව්‍ය තොග මේ වනවිට නිකුත් කරලා තියෙන්නේ. 

මනීෂා වීරසිංහ


ඡායාරූප : ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස්වල ලොකු වැඩිවීමක් නැහැ - දෙවැනි හරස් වීදියේ HR Fabric වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික මොහොමඩ් මුබෂියර්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 529 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 780 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 337 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site