බ්‍රිතාන්‍යයයේ නව විදෙස් ගමන් බලපත්‍ර කොන්දේසි වලට ශ්‍රී ලංකා රජයේ විරෝධය පලවී ඇත.
නව කොන්දේසි වලට අනුව බ්‍රිතාන්‍යයට අලූතින් පැමිණෙන සංචාරකයන්ට විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු වලට අමතරව යළි සිය රට යාමේදී ආපසු ගෙවන පවුම් 3000 ක අමතර ගාස්තුවක්ද ගෙවීමට සිදුව ඇත.මේ ගාස්තුව අයකෙරෙන්නේ බ්‍රිතාන්‍යය විසින් මෑතකදී හදුන්වාදුන් පරිදි ‘අවදානම්‘ රටවල් වලින පැමිණෙන සංචාරකයින්ගෙන් වන අතර එම රටවල් ගොන්න අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ය.ඉන්දියාව,පකිස්ථානය,බංගලාදේශය නයිජීරියාව හා ඝානා අනෙක් අවදානම් රටවල් වේ.
ශී්‍රලංකා විදේශ කටයුතු අමාත්‍යංශය මේ පිළිඹදව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහකොමසාරිස්වරයා දැනුම්වත් කළ බව අමාත්‍යංශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පවසයි.මෙම ගාස්තු ක්‍රමය හදුන්වාදී ඇත්තේ තාවකාලිකව බවත් ගාස්තු අයකෙරෙන්නේ ‘අවදානම්‘ ලෙසට හදුනාගත් පුද්ගලයන්ගෙන් පමණක් බවත් සාමාන්‍ය සංචාරකයාට මෙයින් බලපෑමක් ඇති නොවන බවත් බ්‍රිතාන්‍යය මහකොමසාරිස් ජෝන් රැන්කින් මහතා ප්‍රකාශ කළ බව අමුණුගම මහතා කියයි.
බ්‍රිතාන්‍යයට ඇතුල් වන සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය පාලනය කිරීමටත් විදෙස් ගමන් බලපත්‍ර කල් ඉකුත්වීමෙන් පසුවත් බ්‍රිතාන්‍යයේ රැදී සිටිනා සංක්‍රමණිකයින් යළි ඔවුන්ගේ රටවල් කරා යැවීමටත් හැකි වනසේ මේ නව ගාස්තු ක්‍රමය හදුන්වාදීමට බි්‍රතාන්‍යය රජය කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුසිත අඩු මාස ගණනකින් ඉපදුන කෙනෙක් වගේ . කුමන හෝ පිනකට එංගලන්තයට ගොස් . පන්සලක පිනට කන බොන කෙනෙක් වගේ . (අ)
මේවා වෙන්නේ සංචාරක විසා වලින් එංගලන්තයට යන බොහෝ දෙනෙක් ආපසු යන්නේ නැති නිසා . විසා නොමැතිව එංගලන්තයේ සිටින ලාංකිකයන් දහස් ගණනකි . ඉන්දියන් සහ පකිස්තාන් අයගේ ප්‍රමාණය ලක්ෂ ගණනක් වීමට ඇත. මේ සියලම හොරෙන් වැඩ කර මුදල් උපයති. අවම වැටුපට වැඩ කරති. මෙහි සිටින රටේ මිනිසුන්ට රැකියා නොමැති කම මිලියන ගණනකි. එනිසා මෙම නිතිය එංගලන්තයේ සම්මත කර ගෙන ඇත.(නදී)
නිමල් ජයසිංහ, පද්මා, චන්දරේ ගුප්ත , බණ්ඩා, නාමල් ,නීලා, ලසන්ත ,මිනීපේ ,ඔබ සියල්ලන් සමග මමත් එය පිලිගනිමි. රානි ඔයාලගේ ආගම නෙමෙයි එයාලගේ ආගම ගැනවත් එයාල එහෙම විස්වාසයක් නැහැ. එයාලා කාල බීලා නිදහසේ ජීවත් වෙනවා අපේ අය වගේ ආගම ගැන කතා කර කර වැරදි වැඩ කරන්නේ නැහැ .එම නිසා ඔයාගේ කතාවේ කිසිම හරයක් නැහැ.(නදී)
මොකටද යන්නේ? එයාලත් ආර්ථික අවපාතයට අහුවෙලා ඉන්නේ.අනික මේ රටවල් ටික කවුද අවදානමේ දැම්මේ ? (දී)
සරෝජ් මහත්මයා, ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල් ආකාරයේ උත්තරයක් මට දීලා තියෙන්නේ. මම කොහෙවත් කියලා තියෙනවා ද ලංකාවේ ඉන්න අය හරි හොඳයි, නමුත් එංගලන්තේ ඉන්න ලංකාවේ අය හරි පිරිහිලා, ඒ හින්දයි මෙහෙට හාමුදුරුවරු ඕනෑ කියල? ඔයා එංගලන්තේ තියෙන පන්සලකට ගියොත් පෙනෙයි මෙහෙ ඉන්න ලාංකික බෞද්ධයන්ට කොච්චර සේවාවක් ඒ පන්සල් වලින් වෙනවා ද කියලා. ඔබ සිතන විදිහට එංගලන්තේ ඉන්න ලාංකිකයින් ට පන්සල් සහ හාමුදුරුවරු අවශ්‍ය නැහැ ඒ අය උගත් බුද්ධිමත් නිසා. හරිම අපූරුයි ඔබේ කල්පනා ශක්තිය. වෙන අරමුණු ඇතුව මෙහෙ ඕනෑම කෙනෙක් එනවා වෙන්න පුළුවන්. නමුත් එයින් අච්චර සේවාවක් කරන හාමුදුරුවරු අවතක්සේරු නොකළ යුතු බවයි මම හිතන්නේ. ඔබටත් තෙරුවන් සරණයි. (නි)
තුසිත මම දෙකල තියෙනවා ලන්ඩන් වල තිබෙන පන්සල් වල කෙරෙන වැඩ. පළමුව එහි යන ශ්‍රී ලන්කකිකයන් ගෙන කියන්න කලින් එම පන්සල් වල සිටින හිමිවරුන්ට බන කියන්න . පන්සලට ගියාම කරවල කුලු බඩු විකුණන සාදුල ඉන්නේ . ඔබට පොඩ්ඩක් හිතට රිදිලා වගේ ඔබගේ කවුරු හෝ මහණවී ලන්ඩන් වල පන්සලක සිටිනවා විය යුතිය . ඔබට මෙත් සුව පතමි තුසිත (අ)
ලසන්ත, ඔයා මොකක් හරි නපුරු හීනයක් දැකලා. ලංකාවෙන් එංගලන්තෙට එන්න වීසා දෙන්නේ ඉන්න්දියාවේ තියෙන කාර්යාලෙන්. අයදුම්පත බාරදෙන්න ඕනෑ ඇක්සස් ටවර්ස් වල තියෙන කන්තෝරුවට. ඉතින් ඔයා කොහෙද බෞද්ධාලෝක මාවතේ තියෙන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලේ ඉස්සරහා වේලි වේලි වීසා පෝලිමක ඉන්න හාමුදුරුවරු දකින්නේ? (නි)
තුසිත හරි. (නි)
මම හිතන්නේ මෙම තුසිත කියන්නේ . මට වරක් ලන්ඩනයේදී මුණ ගෙසුන තුසිත හිමිනම විය යුතුය . එම හිමි නමද මට කිවේ මෙහි අදහස දක්වන තුසිතගේ අදහස් මය . මට සක්සුදක් සේ පැහැදිලියි මේ අපගේ ලන්ඩන් වල සිටින තුසිත හිමි කියා . සාදු සාදු සාදු.(නදී)
කලබල වෙන්න එපා. ආපහු රටෙන් යනකොට 3000 දෙනවනේ ........ (දී)
අර වාෂ්ප වෙච්ච එක්කෙනා කලා වගේ බ්‍රිතාන්‍ය තානාපතිගේ ටයර් වල හුලන් ඇරියොත් ඕක නවත්තන්න පුළුවන් වේවි. (නදී)
මේක හොඳ වැඩක්. මොකද තංගල්ලේදී මරපු එංගලන්ත ජාතිකයට තාම අපේ ආණ්ඩුව සාදාරනයක් ඉෂ්ට කරන්න ප්‍රමාද වීම ගැන අපිටත් කනගාටුයි. කොහොමත් ලංකාවේ දැන් දුෂන මැරකම් වැඩිවෙලා තියනවා. ඒ වගේම පාතාලයෝ රටින් පිට කරන්නත් ඔය දේශපාලුවෝ සම්බන්දවෙනවා ඇතිනේ. මෙහෙම කරපුවම වත් ඇස් ඇරෙයි කියලා හිතනවා. මන් හිතන්නේ නැහැ ඉගෙන ගන්න අයට මේක බලපායි කියලනම්. හොඳ දෙයක්.(නදී)
විසා දෙන නොදෙන එක වෙනම දෙයක්. නමුත් ඉල්ලුම් කරුවන්ගේ මුදල් කොල්ල කෑම ලැජ්ජාවක් නේද? දන්නා අය දන්නවා. විසා ප්‍රතික්ෂේප කරලා ගෙවපු මුදලුත් අරගෙන පාස්පෝර්ට් එකේ ප්‍රතික්ෂේපයි කියල සටහනකුත් දමනවා. (නදී)
බටහිරට බනින ගොඩක් අයගේ ළමයි ඉන්නේ බටහිර රටවල .... (නි)
එංගලන්තයට අවශ්‍ය උගත්, ඒ රටේ ආර්ථිකයට බොහෝ වාසි ගෙනදෙන පිටරැටියන්. එහෙත් දැන් ලංකාවෙන් වැඩියම එන්නේ නුගත් අය. සමහරුන්ට ඉංග්‍රීසිවත් කතා කිරීමට නොහැකියි. ආවත් හොරෙන් වැඩ කරනවා. පෙට්රෝල් ෂෙඩ් වල ඉන්දියන් පකිස් හෝ ලාංකික කඩ වල රෙස්ටුරන්ට් වල. ඒකෙන් වෙන්නේ එංගලන්තයේ සිටින එම රැකියා කරන කොටසට රැකියා විරහිත බාවය ඇතිවීමයි. එංගලන්තයේ තිබෙන නිදහස නිසා රටට ඇතුළු වුනාට පසු වරදකට අසුවන්නේ නැත්නම් අවුරුදු ගණනක් හොරෙන් සිටිය හැකියි. සිටින්නන්ද අපමණය. මෙයින් මෙම රටට බරක් මිස හොඳක් නොමැත. එම නිසා මෙම නීති පනවා හොරෙන් සිටින හොරෙන් වැඩ කරන අයව එලවා දමන්න බලන්නේ (දී)
බ්‍රිතාන්‍යයත් අවදානම් රටක්. (නි)
ලගදී සම්මත කරගත්ත විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම් කළ තීන්දුව ගැන බ්‍රිතාන්‍යය විරෝධය පලකරලා නැද්ද.අපට එහෙ යන්න තහංචි දැම්ම ගමන් ඒකට විරෝධය පල කරනවා. (නි)
අවදානම් පුද්ගලයා ලෙසට මම නම් දකින්නේ දේශපාලඥයායි.... (දී)
පිටින් එන සංචාරකයන්ගේ වීසා ගාස්තු අපේ රටේ වැඩි කරන එකට කවුරුත් විරුද්ධ නැහැ වගෙයි. (නි)
අද ඩේලිමේල් පත්තරේ මුල්පිටුවේ දාලා තියෙන ඉංග්‍රීසි කුමාරිකාවන් දෙදෙනාගේ පින්තුර දකිනවිට වීසා නැතුවම එංගලන්තයට යන්න හිතෙනවා. (නි)
ඇත්තටම සුද්දා ලංකවෙන් ගිය එක ගැන ගොඩක් දුක් වෙනවා.සුද්දා හිටියා නම් අද කාලේ ඉන්න මෝඩයෝ පාර්ලිමේන්තු එන්නෙ නැහැ. අපේ රට ලිබරල් වෙනකම් හැමදාම එකම තැන. (නි)
ළඟදීම එංගලන්තය නීතියක් ගේනවා "එංගලන්තය දාල යන අයට පවුම් 3000 දෙනවා කියලා.(නදී)
දැන් ලංකාවේ ඉන්නේ බටහිර විරෝදියෝ නේ. බලන්න මේ පත්තරේ වුනත් දමන අදහස් දිහා. අනික අපේ රටට එනවා වගේ සංචාරකයෝ විදිහට ඇවිත් අපේ ආර්ථිකේ පොහොසත් කරනවා වගේ දෙයකට නෙවේනේ අපි යන්නේ එහෙ. ඉතින් ඇයි මේ එහෙට විරුද්ධකම් කර කර එහෙ යන්න තනන්නේ. (නි)
මේ ඔක්කොටම මුල වන හිරු නොබසින අධි රාජ්‍යයේ අද වෙනකොට හිරු බසින් සිටිනවා. වෙනත් රටවලට හිරු පායමින් තියෙනවා. මොනවා වුනත් ඒ රටේ නිතිය එම රටේ අවශ්‍යතා මත. අපි ඒකට කෑ ගහලා වැඩක් නැහැ. (නි)
වීස ගන්න මුදල් තැම්පත් කරන්න කියල නැවතුනොත් ලොකු දෙයක්. ළඟදීම ප්ලේන් එකේ වට්නාකමත් තැම්පත් කරලා යන්න කියාවි ඔය උඩදී දොරවල් අරින්න යන ගොබ්බයො හින්ද.(අ)
මම නම් මේ ආශ්චර්යමත් රට දාල කොහෙවත් යන්නේ නැහැ (නි)
වීරසිංහ මහත්තය එංගලන්තයට කඩේ යනවා වගේ. අපි එංගලන්තයට නොගියත් එහෙ සිදුවන දේවල් පුවත් පත් මගින් ටි වී එකෙන් බලල අවබෝදයක් ගන්නවා. එංගලන්තය දැන් යුරෝපයේ ආර්ථික පරිහානියෙන් පෙලෙන රටවල් වලින් එකකි. ඒකට හේතුව ගෝලීය ආර්ථික ක්‍රමයත් ඉන්දියාවේ සහ චීනයේ නැගී සිටීමත්.(නදී)
අපිට ඕනෑ නැහැ ඔය මහ ලොකු එංගලන්තේ, අපිට අපේ සිංහලන්තේ වටිනවා (නි)
දම්මික පෙරේරා, ඔය එංගලන්තේ ගරා වැටෙනවා කියන කතාව කියන්නේ ලෝක යුද්දේ අවසානෙන් පස්සේ එංගලන්තෙට කොලනි ටික අතහරින්න වුන දා ඉදලා. තවම ඔය කතාව බටහිර විරෝදියෝ මතුරනවා. ඒත් තවම අපේ අයත් එහෙ යනවා. එංගලන්තේ නම් තාම ගරා වැටුනේ නැහැ. (නි)
මොකද මේකේ තියන වරද? ඒ ගොලන්ගේ රටේ ඒගොල්ලන්ට ඕන නීතියක් දාලා.කැමති නැති අය තානාතිපති කාර්යලය ඉදරිපිට ගිහිල්ල උපවාසයක යෙදෙන්න. (අ)
බ්‍රිතාන්‍යයේ සුදු ජාතිකයන් වැඩි හරියකට ආගම වැදගත් නැත. බොහෝ දෙනෙකු ආගම් අදහන්නේ ද නැත. ඔවුන් හොදින් කා බී , කම් සැප ලබමින්, ඊලග නිවාඩුව ගත කිරීමට නොඉවසිල්ලෙන් පසුවේ. හැබැයි ආගම පෙරට දමා කරන ත්‍රස්ත වාදී ක්‍රියාවලට ඉඩ නොදෙයි.(අ)
බ්‍රිතාන්‍යය සුද්දන්ගේ රටක් නිසා , ඔවුන්ට එය රැක ගැනීමට අවශෂ්‍ය වෙලා තියෙනවා.බ්‍රිතාන්‍යය ජාතිකයන් ප්‍රිය නොකරන රස්සාවලට නැගෙනහිර යුරෝපයේ රටවල් වල මිනිස්සුන්ට යුරෝපා හවුලේ ගිවිසුම් යටතේ බ්‍රිතාන්‍යයට වීසා නොමැතිව ඇතුල් වී, තමන් කැමතී රැකියාවක් කිරීමට හැකියාව ඇත. (අ)
දැන් ලන්ඩන් සුද්දන්ගේ රටක් නෙවේ.ආසියා,අප්‍රිකා කාරයන්ගෙන් පිරිලා .එකෙනුත් බාගෙට බාගයක් වීසා නැතුව ඉන්නේ.ඒක දරාගන්න බැරිව තමය් මේ නීතිය ගෙනත් තියෙන්නේ.(අ)
ඉන්දියානු , පකිස්තානු ව්‍යංජන , බත් වර්ග තමා බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධම විදේශීය කෑම වර්ගය. ඒවා රැට රස කර කර කාලා, එලි වුණාම දකුණු ආසියාවේ මිනිස්සුන්ව එලවගන්න හදනවා.(අ)
ඒගොල්ලෝ අපේ රටට ආවා , අපි එගොල්ලොවන් එලවගත්තා, දැන් ඒගොල්ලෝ එදේම අපීට කරන්න යනවා.(අ)
මේ රටේ දේශපාලුවෝ මේ දේවල්වලට වගකියන්න ඕනේ.(අ)
සුද්දෝ සංචාරකයෝ විදියට මෙහෙ ඇවිත් අපේ ආර්ථිකයට උදවු කරනවා. අපේ උන්දැලා එහාට බැන බැන එහාටම ගොහින් එහෙන් හුරලා මෙහාට පොම්ප කරලා එහෙත් කාලා එහෙ ආණ්ඩුවට විරුද්ධව මෙහෙ පෙළපාලි යනවා.. (නි)
වෙ වෙන විසා අරන් ආගම් ප්‍රචාරේට යන හාමුදුරුවන් වහන්සේලාටත් මේකෙන් හරි පාඩුවක් වෙන්නේ දැන්. (නි)
මට දුක හිතුනා බටහිරට බැන බැන එහාටම යන්ට තනමින් බ්‍රිතාන්‍යය තානාපති කාර්යාලේ පෝලිම් වල වේලි වේලි ඉන්න හාමුදුරුවෝ ගොඩ දැක්කම. (දී)
අපේ හාමුදුරුවරු එහෙ ගිහින් ආගම ප්‍රචාරය කරන එක වලක්වන්න කරන කුමන්ත්‍රණ මේවා.... (දී)
වීසා ඉල්ලද්දී ගෙවන ගණන වීසා ප්‍රතික්ෂේප කරනකොට ආපසු ගෙවන්න ඕනෑ. (නි)
අපි මේ ලිස්ට් එකට වැටිලා තිබෙන්නේ අපේ දේශපාලකයන්ගේ වරදින් , අද රටේ ජිවන බර වැඩි නිසා පුළුවන් කෙනා බලන්නේ බෝට්ටුවක හරි නැගලා කොහෙට හරි පැනගන්නයි. එංගලන්තය හදන්නේ තමන්ගේ රට අනවසර සංක්‍රමනිකයන්ගෙන් ආරක්ෂා කරගන්න. පසුගිය කාලේදී ඇමති පුතා උඩු ගුවනේදී නටපු පිස්සුව වගේ දේවල් නිසා මෙවැනි තීරණ ගන්න එම රටවලට සිදු වෙනවා.(නදී)
අදහස් දැක්වු ඔබ සැම දෙනාම වාගේ මෝඩයෝ........ (දී)
මට නම් තේරෙන්නෙ නැහැ අපේ මිනිස්සුන්ගේ මානසික ව්‍යාධිය. කට ඇරියොත් බනින්නේ බටහිරට , ඒ මිනිස්සුන්ගේ සංස්කෘතියට ,ඒ මිනිස්සුන්ගේ ජීවන රටාවට. නැවෙන් හරි , බෝට්ටුවෙන් හරි , තෙප්පමෙන් හරි රිංගලා පනින්න හදන්නෙත් බටහිර රටකටම තමා. මේක මානසික රෝගයක් (නි)
මම හිතුව ඕක වෙයි කියලා.අද ලංකාව සංක්‍රමණය නොවන්නන්ගේ රටක් වෙලා. නමුත් රටින් පිටට ගලනය වනවා, නැවත එන්නේ නැහැ. ගෙන්නගන්න ඕනෑ කියලා කෑ ගැහුවත් දොරවහලා දාලා. අද ලෝකේ දියුණු රටවල් වන ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව එංගලන්තය, මෙන්ම ඉන්දියාව පවා සංක්‍රමණිකයන් ගෙන්වාගන්න උනන්දු වෙනවා. ඉන් ගලා එන දැනුම අත්දැකීම් සහ විවිධත්වය නිසා. අපි ද්වුත්ව පුරවැසිබව දීමත් 2010 සිට නවත්වලා දාලා. (නි)
එංගලන්තේ හොරෙන් නැවතිලා අඩු පඩියට වැඩ කරන අය නවත්වන්න එංගලන්තයට ඇත්ත වුවමනාවක් නැහැ. ඒක තමයි ව්‍යාපාරිකයාට වාසිම වැඩේ. (නි)
තුසිත ඔබටය මෙය ලියන්නේ. ඔබ ලියා ඇති අන්දමට ලංකාවේ හාමුදුරුවරුන් එන්නේ එංගලන්තයට, එහෙ සිටින සිංහල අයට ආගම කියල දීලා යහමගට කියලා. නමුත් එංගලන්තයට එන අයව කවුරුත් යහමගට ගැනිමක් අවශ්‍ය නැහැ. ඔවුන් බොහෝ දෙනෙක් බුද්ධිමත්. ලංකාවේ කලත් ඔය රටේ එම කරපු වැරදී කරන්න පහසුකම් නැති නිසාත් මේ රට යන හිමිවරු සිටිය යුත්තේ අද කාලයේ ලංකාවෙමය. මොකද අද ලෝකයේ තිබෙන නරකම රටක් හැටියට ලංකාව පත් වෙලා. මිනි මැරීම්, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර,හොර මැරකම්, මත් කුඩු බාවිතය, සුරාව, සුදුව අන්තයටම පැමිනිලා. මේ රට යන හිමිවරුන් කල යුත්තේ පළමුව ලංකාවේ සිටින ලාංකිකයන් යහමගට ආගමට ගැනිමය. එසේ නොකර ඔය රට යන හිමිවරුන්ගේ වෙනත් අරමුණක් ඇති බවයි මාගේ විශ්වාසය. තුසිත මහතාණනි, පොඩ්ඩක් මෙය සිතා බලන්න. ඔබට තුනුරුවන්ගේ පිහිට පතමි (නි)
මේකෙන් බඩේ පාර වදින්නේ එහෙ ආගම් ප්‍රචාරේට යන උදවියට.(නදී)
බ්‍රිතාන්‍ය තමන්ගේ රට රැකගන්න අවශ්‍ය කරන නීතිරීති ගෙන එනවා.ඒකෙ ඇති වැරැද්දක් නැහැ.විරෝධය පාන්න අවශ්‍ය අය ලන්ඩනයේ හයිඩ් පාක් එකේ නිදහසේ කථා කරන්න පුළුවන් තැනකට ගිහින් විරෝධය පාන්න. ලංකාවේ වගේ පොලිසියෙන් ගහන්නේ නැහැ. (නි)
වීරසිංහ මහතාමයා, මම අදහස් කලේ නැහැ එංගලන්තය ගරා වැටුනා කියලා. එම රටවල් වලට පත්වන පාලකයෝ කවදාවත් රට අරාජික කර රට නැති කරන්නේ නැහැ. මම අදහස් කලේ එංගලන්තයේ ආර්ථික පරිහානිය. ඉස්සර එකසත් රාජදානියේ පුරවැසියෙකුට ලැබුන පහසු කම් ටික ටික කපා හරිනවා. දුප්පත් පවුල් වලට දුන් ආදාර අවම කරනවා. රැකියා විරහිත භාවය නිසා ඔවුන්ට යැපෙන්න රජයෙන් මුදල් දෙන්න ඕනේ. ඒවා අවම කරලා. පුළුවන් තරමින් ඔවුන්ව වෙනත් රැකියා වලට යොදවන ක්‍රම කරනවා. ඔවුන්ට අයිති ගොඩක් ලොකු ව්‍යාපාර දැන් අයිති ඉන්දියන් හෝ ජර්මන් හෝ චීන රටවල් වලට. රෝල්ස් රොයිස් අයිති ජර්මනියට. ජගුවර් වාහන අයිතිය ඉන්දියන්. මිනි මය්නර් නමින් ගේසු කාර් එක ජර්මනියට අයිතියි. මේවගේ ගොඩක් ආර්ථික පසු බෑමක් මත දුවන්නේ. එංගලන්තය මම ලන්ඩන් වල එල්තම් නගරයේ අවුරුදු 18 ක් වාසය කර පැමිණියේ. මම දන්නවා නියම තත්වය . එනිසා වීරසිංහ මහත්තයෝ මට එංගලන්තය ගෙන කීම අවශ්‍ය නැහැ . මම හොඳින් දනිමි . මම බටහිර විරෝදියෙක් නොවෙමි එමෙන්ම මම බටහිර ගැත්තෙක්ද නොවෙමි . ඔබට මෙත් සුව පතමි වීරසිංහ.(නදී)
බෝට්ටුවෙන් බටහිරට පනින්නේ චන්ද්‍රගුප්ත ලගේ කට්ටිය.(නදී)
ගොඩාක් කට්ටිය එංගලන්තෙට කඩේ යනවා. එහෙට වහින කොට කුඩ ඉහලන සිංහලයතමයි මේකේ ප්‍රතිචාර දාලා තියෙන්නේ . (නි)
ෂෙරිෆ්, සිංහලන්තයේ දැන් ඉන්නේ සිංහයො නෙමෙයි (නි)
එංගලන්තය අපි වගේ රටවල් වලින් එන අය දිහා සැකෙන් බලන්න හේතු තියෙනවා. ලන්ඩන් වලම නීති විරෝධී විදිහට ඉන්න ලංකා ඉන්දියන් පකිස්තාන් අය කොච්චර ඉන්නවා ද? මේ අය අල්ලගන්න මෙහෙ පොලිසියට වත් හෝම් ඔෆිස් එකට වත් බැහැ. එක ඒ අයගේ දුර්වල කම. එක වහගන්න තමයි මේ බැඳුම්කරය දාලා තියෙන්නේ.(නදී)
හාමුදුරුවරු මෙහෙ එන්නේ ධර්ම ප්‍රචාරයේ නෙවෙයි. මෙහෙ ඉන්න සිංහල අයට තමුන්ගේ දරුවන්ට පන්සලක් කියල දෙයක් නමට හරි පෙන්නලා ඒ අය යහමගෙහි තියාගන්න. කිසිම හාමුදුරු කෙනෙක් සුද්දන් ට බන කියල ආගමට හරවා ගන්න යන්නේ නැහැ. බුදු දහම ඒහිපස්සිකයි. බෞද්ධයෝ ධර්ම ප්‍රචාරයේ නාමයෙන් යුද්ද කළේ වත් මිනි මැරුවේ වත් නැහැ.(නදී)
මෙහෙ හිටපු සුද්දා එළවලා දැන් එහෙ බඩගානවා බෝට්ටුවල එල්ලිලා.සුද්ද දාලා නොගිය හැමරටක්ම දියුණුයි.ඒ විතරක් නොවේ ඇමරිකාවට විරුද්ධව සිංහ කතා කියමින් ඇමරිකාව පස්සේ ගිහින් දියුණු වෙච්ච ජපානේ කොරියාව සිංගප්පුරුව වගේ රටවලට රස්සාවලට යනවා.ඔහේ ඉන්න අපේ දෙපිටකාට්ටුවන්ට ගහලා එලවන්න (නි)