කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


බෙන්තොට කුරුඳු අපනයන සබඳතා වැඩසටහන හෙට(29) බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අපනයන සංවර්ධන මණ්ඩලය බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුඳු ක්ෂේත්‍රයේ නිරතවූවන් වෙනුවෙන් මේ වැඩසටහන සංවිධානය කරනු ලබයි.

බෙන්තොට කොට්ඨාසයේ කුරුදු වගාකරුවන්, නිෂ්පාදකයන්, ජංගම වෙළෙඳුන්, සෘජු හා  වක්‍රව කුරුඳු අපනයන කරුවන්,  එක් තැනකට ඒකරාශී කර ඔවුන්ට ලංකාවේ ප්‍රධාන කුරුඳු අපනයන සමාගමක් වන new lanka cinnamon  කුරුඳු ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා හදුන්වා දී, අතර මැදියන් හරහා  අපනයන සමාගම් වෙත යන කුරුඳු, සෘජුවම අපනයන සමාගම වෙත ලබාදීම වැනි දෑ මෙදින මේ වැඩසටහන යටතේ සිදු කෙරේ.