ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන ඇඟලුම් නිෂ්පාදකයෙක් වන එම්.ඒ.එස්. හෝල්ඩින්ස් අනුබද්ධ හොරණ බොඩිලයින් ඇඟලුම් ආයතනයේ 30 වැනි සංවත්සර පසුගියදා එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී සැමරීය.
එම්.ඒ.එස්. හෝල්ඩින්ස් සභාපති මහේෂ් අමලීන් සහ එහි උප සභාපති ෂෙරාඩ් අමලීන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.
1992 වසරේ නොවැම්බර් මස 16 වැනිදා ආරම්භ කළ එම ආයතනය වර්තමානයේ ලොව දියුණුම තාක්‍ෂණයෙන් යුත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් සමන්විත වන අතර ලෝක ප්‍රසිද්ධ වෙළෙඳනාම 14 ක් සඳහා කාන්තා ඇඳුම් සහ ක්‍රීඩා ඇඟලුම් අපනයනය කරයි.
බොඩිලයින් ආයතනය නිෂ්පාදනය කරන ක්‍රීඩා ඇඳුම් යුරෝපය සහ ඇමරිකාව ඇතුළු ලෝකය පුරා රටවල්වල ජනතාව භාවිතා කරන අතර ලොව සුප්‍රසිද්ධ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද එම ආයතනය නිෂ්පාදනය කරන ක්‍රීඩා ඇඳුම්වලින් සැරසී තරගවල සහභාගි වෙති.
හොරණ පිහිටි බොඩිලයින් ආයතනයේ 30 වැනිදා සංවත්සර වන විට සමස්ත කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව 6000 කට අධික අතර එම ආයතනයේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සෘජු රැකියා 60,000 ක් පමණ බිහිකර තිබේ.
එම ආයතනය කළුතර දිස්ත්‍රික්කයට ආලෝකයක් බවට පත්වෙමින් ව්‍යාපාරික අරමුණ එහා ගිය පාසල්, පන්සල් සහ රාජ්‍ය ආයතන සමඟ එකතුව සමාජ සුබසාධන ව්‍යාපෘති 30 ක් ක්‍රියාත්මක කළේය.
මාවක් ඔය ගං ඉවුර දෙපස කුඹුක් ගස් 1000 ක් රෝපණය කිරීම, පළමු ශ්‍රේණියේ සිසුන්ගේ සැපයුම් සඳහා අරමුදල් රැස්කිරීම, ඉංගිරිය රෝහලට ගොඩනැගිලි ඇතුළු පහසුකම් රැසක් ලබාදීම, ‘රණවිරුගම’ හරහා ත්‍රිවිද හමුදාවේ රණවරුවන්ට නිවාස ඉදිකිරදීම සහ හොරණ විද්‍යාරත්න විශ්වවිදයාල පීඨයට බොක්සිං වළල්ලක් ඉදිරිකර දීම එම ව්‍යාපෘති 30 අතරින් කීපයකි.
බොඩිලයින් ආයතනය 30 වැනි සංවත්සරය වෙනුවෙන් එම පරිශ්‍ර භූමියේ අක්කර දෙකක වනාන්තරයක් රෝපණය කිරීමේ සහ හොරණ පාරේ ඩිජිටල් බස් නැතුම්පළ දෙකක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති දෙකක් ද සම්පූර්ණ කළේය.
බොඩිලයින් ඇඟලුම් ආයතනය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලා අතරින් ‘කොවිඩ් 19’ වසංගතයට සාර්ථකව මුහුණ දුන් ආයතනයක් ලෙස පිළිගැණෙන අතර එම ආයතනය ‘කොවිඩ් 19’ අභියෝගයට මුහුණ දුන් ආකාරය සම්බන්ධයෙන් රචිත ‘අපේ කතාව’ ග්‍රන්ථය ද එදින එළිදැක්වීය.
මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව සමරු මුද්දර කවරයක් ද නිකුත් කළේය.
-සටහන- යොහාන් භාසුර
ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැව
ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.
වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්
මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ
ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.
ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘බොඩිලයින්’ ඇඟලුම් ආයතනය 30 වැනි සංවත්සරය සමරයි