(දයාරත්න ඇඹෝගම)
දේශීය බඩ ඉරිඟු ගොවියා ශක්තිමත් කිරීම සඳහා දැනට බඩ ඉරිඟු කිලෝවක් සඳහා පවතින මිල රුපියල් 5 කින් ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර තන්තිරිමලයේදී අද(21) පැවසීය.
රුපියල් මිලියන පනහක වියදමින් දෙමටමල්ගම 367 තුලාව, බෝගොඩ හන්දියේ සිට කිවුලේකඩ දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“අපි මේ සැරේ බඩ ඉරිඟු වගාවට අතහිත දීලා තියෙනවා. බඩ ඉරිඟු වගා කරන අයට ලක්ෂයක් වියදම් වුණොත් 60,000ක් නිකන් දෙන්න අපි ලෑස්තියි. ඒ වගේ පවුල් 3,000ක් තෝරගෙන තියෙනවා.
බඩ ඉරිඟු පිටරටින් ගෙන ඒමත් නවත්තන්නයි අපි උත්සාහ කරන්නේ.
බඩ ඉරිඟුවලට දැන් ලොකු ඉල්ලුමක් තියෙනවා. දැන් බඩ ඉරිඟු මිල 45 යි. මම ඒ මිල රුපියල් 50 දක්වා වැඩි කරනවා.
නොදන්වාම පාන් පිටි මිල වැඩි කරලා. ජීවන වියදම් කමිටුවේ සභාපතිවරයා මම. ඒ වැඩි කරපු සමාගම්වලට මම වහාම දැනුම් දුන්නා පාන් පිටි මිල අඩු කරන්න කියලා.
මොකද බඩු මිල වැඩි කරනවා නම් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය තියෙන්න ඕන. ඒ අවසරයකින් තොරවයි පෞද්ගලික සමාගම් පාන් පිටි මිල වැඩි කරල තියෙන්නෙ. ඉස්සෙල්ල දවසෙ වැඩිවන පාන් පිටි මිල හදිසියේම අඩු වුණේ අපි කරපු දැනුම් දීමත් එක්ක. අපේ අනුමැතිය නැතිව කිසිසේත්ම වැඩි කරන්න බෑ.
අපි අලුතෙන් වී වර්ගයක් හඳුන්වලා දෙනවා. ඒකට ගතවෙන්නේ දින 80යි. වියළි කලාපයේ ප්‍රදේශවලට වගේම වව්නියාව, මඩකලපුව, අම්පාර, මොනරාගල ,හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ඒවා වගා කරන්න කියලා අපි නිර්දේශ කරනවා. බතලේගොඩ වී පර්යේෂණ ආයතනයට ගියාට පස්සේ තමයි මම මේ ගැන හරි තීරණයක් ගත්තේ. ඒ අනුව ඉදිරියේ දී අඩු වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශවලට ඒ දින 80 වී වර්ගය ලබා දෙන්න කටයුතු කරනවා” යැයිද ඒ මහතා කීය.
ඉදිරියේදී මුන් ඇට, මුං ඇට කව්පි හා කුරක්කන් මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මෙම අවස්ථාවට තන්තිරිමලේ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නා හිමි, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල ඉහල දමන්න කලින් අන්තිමටම බඩ ඉරිගු දැක්කේ කවදද. හේනට ගිය අන්තිම දවස, ගොවියෙක් සමග මේ සම්බන්දව කතා කරපු දිනයක් මතකද. ලේකම් හොයාගෙන එන දේ ඇමතිලා බෙරිහන් දිදී කියනවා
මම දන්නවා මගේ අදහස දැක්කම පාඨකයෝ හිනාවේවි , මම ලියන්නේ සත්‍යය , ලංකාවේ අහර ද්‍රව්‍ය වල මිල ඉතා වැඩිය , කරුණාකර පුලුවන්නම් කන බොන දෙයක මිල අඩු කරන්න කතාකරමු , වැඩි කරන කතා නම් අපට එපා ,මුන් ඇට නැව් ගාස්තු , වරාය ගාස්තු , එම රට සහ මෙරට ප්‍රවාහන ගාස්තුත් ගෙවල දෙරටේම අතර මැදි ව්‍යාපාරිකයොත් ලාභයක් තබාගෙන ලංකාවේ නිෂ්පාදන වලට අඩුවෙන් මෙහෙ පාරිභෝගිකයන්ට දෙන්න පුලුවන්නම් , අපේ ගොවියනට බැරි මොකද ?
මාසයක් කන්න ගොවියන්ට... රුපියල් 1200 විශ්‍රාම වැටුපෙන් පුළුවන්ද?
කොහොමද ඇමති තුමා ඕක කරන්නේ? සියලුම බඩ ඉරිඟු මිලදී ගන්නවද?
දෙයියෝ සාක්කි....බඩ ඉරිඟු පිටරටින් ගේනවා කියලා මම දැනුයි දන්නේ ....රටට ගිය කලක් ...
අම්ම මර ගානක්නේ. ඩොලරටකට රුපියල් 175ක් වෙනවා. ඩොලර් සතයක් යනු රුපියල් 1.75 ක් වෙනවා. වැඩි කර ඇති මුදල ඩොලර් සත 3 කටත් අඩුයි. අම්මප බිලියන් වලින් කතා කරන, ගුවන් දුම්රිය ගුවන් පාලම් ගැන කතා කරන රටක ගොවියා ගොනාට ඇන්දවීමට කරන උත්සාහයක මහත?