භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම සමාගමක් වන ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී (DIMO) සමාගම බංග්ලාදේශය තුළ සිදු කරන ඉදිකිරිම් යන්ත්‍රෝපකරණ ව්‍යාපාරය මේ වනවිට යම් පරිණත මට්ටමකට පත්වෙමින් තිබෙන බව පවසයි. ඒ අනුව එම වෙළෙඳ පොළේ පවතින ස්ථානය හිමි කරගැනීමට සිය සමාගම වෙත හැකියාව ලැබෙනු ඇතැයි සමාගමේ සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කරයි.
2024/25 මූල්‍ය වර්ෂය වෙනුවෙන් සමාගම නිකුත් කළ වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් සභාපතිවරයා මේ බව පවසා තිබේ. “භූගෝලීය විවිධාංගීකරණය යටතේ බංග්ලාදේශය තුළ සිදු කරන අපගේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ව්‍යාපාරය, වෙළෙඳ පොළේ එයට හිමි ස්ථානය ලබා ගැනීම සඳහා වන පරිණතභාවයට පත්වෙමින් තිබෙනවා.“
2022 මැයි 10 වැනිදා DIMO බංග්ලාදේශ් (පෞද්) සමාගම නමින් ස්ථාපිත කෙරුණු මෙම සමාගම මගින් බර යන්ත්‍රෝපකරණ සහ උපාංග අලෙවිය සහ අලෙවියන් පසු සේවාව ලබා දෙයි. DIMO සමාගම ඉදිරියේදී සිය ව්‍යාපාරය භූගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරිමට සැලසුම් කර ඇතැයිද මෙම වාර්ෂික වාර්තාව තුළ සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් මෙරට තුළ ඇති වූ ආර්ථික අර්බුදයත් සමගින්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙත එල්ල වූ බලපෑම මෙරට තුළ සිය ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ව්‍යාපාරය වෙත දරුණු ලෙස බලපෑ බව සභාපතිවරයා පවසයි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංග්ලාදේශයේ DIMO හි ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ව්‍යාපාරය පරිණත මට්ටමකට
PRADEEP WICKRAMARATNA Tuesday, 17 June 2025 01:55 PM
දියුණුවෙන් දියුණුවට මේ සමාගම පත්වෙන්න ඕනේ. අද අපි යම් තැනක සිටිනවා නම් මේ සමාගමේ අපිට දීපු ගුරුහරුකම් ගොඩක් බලපෑවා. ඩිමෝ නිසා තමයි අද ගොඩක් ගල්ෆ්වල සහ ඕස්ට්‍රේලියා නවසීලන්තයේ රටවල රැකියා කරන මෝටර් කාර්මික ශිල්පීන් හොඳ පවුල් ජීවිතයක් ගතකරන්නේ. දියුණුවෙන් දිනුවට පත් වේවා