IMG-LOGO

පෝලන්තයේ ‘ලොට් පෝලිෂ්’ ගුවන් සේවයේ යානයක් හෙට ලංකාවට

පෝලන්තයේ වෝර්සෝ සිට කොළඹ දක්වා ගුවන් ගමන් ආරම්භ කරමින් ලොට් පෝලිෂ්ගුවන් සේවයටඅයත් යානයක් හෙට (04) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතය.

ශීත සෘතුවත් සමඟ ආරම්භ වන සංචාරක සමයේ දී ලොට් පෝලිෂ් ගුවන් සේවය ලබන වසරේ මාර්තු දක්වා සතියකට සෘජු ගුවන් වාර තුනක් වොර්සෝ සිට කොළඹ දක්වා ගමන් ආරම්භ කරන අතර ශ්‍රී ලංකාවට අද පැමිණෙන යානයත් සමඟ ‘ලොට් පෝලිෂ්’ ජාලයේ, ආසියාවේ හයවැනි දීර්ඝතම ගුවන් ගමන බවට ශ්‍රී ලංකාව පත්වන බව එම සමාගම කියයි.

පෝලන්තයේ වෝර්සෝ සිට කොළඹ කටුනායක වෙත පැමිණෙන පළමු ගුවන් ගමනට පෝලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මාචෙයි ලන්ග්, ශ්‍රී ලංකාවේ පෝලන්ත තානාපති ඇඩම් බුරකොවස්කි, ‘ලොට් පෝලිෂ්’ ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිලධාරී මයිකල් ෆිජොට්, සහ ආයතනික මාධ්‍ය ප්‍රකාශක මයිකල් ශර්නිකි යන මහත්වරු සහ පෝලන්ත රූ රැජින සහ ලොට් පෝෂිල් ගුවන් සහයිකා ඔල්ගා බුලාවා මහත්මිය ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

055

 



අදහස් (4)

පෝලන්තයේ ‘ලොට් පෝලිෂ්’ ගුවන් සේවයේ යානයක් හෙට ලංකාවට

Binkunndaa Sunday, 03 November 2019 06:22 PM

ඔය පොහොට්ටු කාරයන්ගෙන් අර "පෝලන්ත රූ රැජින" ආරක්ෂා කරගන්න වෙනමම හමුදාවක් දාන්න.

:       1220       3056

de silva berlin Monday, 04 November 2019 08:01 AM

අපේ ශ්‍රීලන්කන් එක හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේවා අපට තියන බිස්නස්, දැන් එංගලන්තය, ජර්මනිය ඇතුළු බටහිර යුරෝපයේ රටවල් මගින් පෝලන්තය හරහා ලංකාවට ඒවි... අපේ දැනට පවතින සහ පසුගිය ආණ්ඩු එකකටවත් බැරි වුණ ශ්‍රී ලන්කන් එක ලාභ ලබන තත්වයට ගන්න. අපේ රටේ පිහිටීම අනුව අපට යුරෝපය, ගල්ෆ් කලාපය, නැගෙනහිර ආසියාව, ඕස්ට්‍රේලියාව අතර හබ් එකක (කේන්ද්‍රයක්) ලෙස ක්‍රියාකරමින්, විශාල ලාභයක් උපයාගන්න පුළුවන්..., රාජ්‍ය අංශයට බැරිනම් පුද්ගලික අංශයට හරි පවරලා මේක ගොඩගන්න. මේක එමිරේට්ස් යටතේ පාලනය කරනකොට ලාභ ලබන්නත්, දැන් වර්ෂයකට රුපියල් කෝටි 2000ක විතර පාඩුවක් ලබන්නත් හේතුව, රාජ්‍ය අංශයට මේක පාලනය කරන්න බැරිකමයි. අපි රටේ දේවල් පිටට විකුණන්නේ නැහැ කියමින් පාරම්බබා ඉන්නකොට හොරුන් ඇතුලේ ඉඳන් මේක හොරාකෑවා...

:       4       154

සෙනෙවිරත්න Wednesday, 06 November 2019 01:37 PM

වීරවංශ, ගම්මන්පිල දෙබාන මොනවා කියයිද?

:       119       121

de silva Thursday, 07 November 2019 06:43 PM

වීරවංශ ගම්මන්පිල යන දෙදෙනා දැන් බැට් කරන්නේ ප්‍රවේශමෙන්, ඉස්සර වගේ අහක යන පන්දුවලට නිකන් පිත්ත දමලා දැවී යන්නේ නැහැ

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site