IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොල් වෙන්දේසියේ අලෙවිය සියයට 44කින් පහළ ගිහින්

විමුක්ති එස්. රුද්‍රිගු

පසුගිය අප්‍රේල් 10 වැනිදා පැවැති පොල් වෙන්දේසියේදී අලෙවිය සියයට 44 කින් පහළ ගොස් තිබූ බවත් එහිදී අලෙවි වී තිබුණේ පොල් ගෙඩි 345,342 ක් පමණක් බවත් පොල් සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

අලු‍ත් අවුරුදු උත්සවයට පෙර පැවැති වෙන්දේසියේදී සාමාන්‍ය පොල් මිල සියයට 2.8 කින් ඉහළ ගොස් තිබූ බවත් එහිදී පොල් ගෙඩි 1,000 කට රුපියල් 179,497.23 ක මිලක් නියම වී තිබූ බවත් පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය. ඊට පෙර සතියේදී පොල් ගෙඩි 1,000 ක් සඳහා නියම වී තිබුණේ රුපියල් 174,601.50 ක මිලක් බවද එම අධිකාරිය පැවැසුවේය.

එහිදී පොල් ගෙඩියක් සඳහා පිරිනැමුණු ඉහළම මිල රුපියල් 188 ක් බවත් අවම මිල රුපියල් 166 ක් බවත් පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය. පසුගිය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ පොල් ගෙඩි සංඛ්‍යාව 227,487 දක්වා පහළ ගොස් තිබූ බවත් ඊට පෙර සතියේ පැවැති වෙන්දේසියට පොල් ගෙඩි 362,016 ක් ඉදිරිපත් කර තිබූ බවත් පොල් සංවර්ධන අධිකාරිය පැවැසුවේය.



අදහස් (0)

පොල් වෙන්දේසියේ අලෙවිය සියයට 44කින් පහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site