IMG-LOGO

පරිසර සංරක්ෂණයට පීපල්ස් ලීසිං පෙරට එයි

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, පරිසර සංරක්‍ෂණයේ හවුල්කරුවකු ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ කළමනාකාරීත්වයේ මගපෙන්වීම යටතේ ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත්කිරීමේ මූලික පරමාර්ථයෙන් තෙත්බිම් උද්‍යානය තුළ පරිසරය දැනුවත් කිරීමේ පුවරු ස්ථාපනය කරන ලැබීය.

නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශයේ අධ්‍යක්‍ෂ චන්දනා කළුපහන මහත්මිය, පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සිලින් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ලක්සඳ ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් නිරාවරණය කර නැරඹුම් අයිතියට පත්කිරීම පසුගියදා සිදු විය. එයට සමගාමීව රුක් රෝපණයක් ද සිදුකෙරුණි.

2016 දී කොළඹට ආසන්නව විවෘත කරන ලද කෝට්ටේ බැද්දගාන තෙත්බිම් උද්‍යානය සංචාරක හා ආවේණික පක්ෂීන්, සමනලූන්, බත්කූරන්, උරගයන් සහ ක්ෂීරපායින් වැනි සත්ව විශේෂ සඳහා වෙන්වූ නිවහනක් වේ. තවද මෙම උද්‍යානය සෑම වසරකම අගෝස්තු සිට අපේ‍්‍රල් දක්වා කාලය තුළ විවිධ සංක්‍රමණික පක්ෂීන්ගේ ජනප‍්‍රිය නැවතුමකි. අභ්‍යන්තර තෙත් බිමකට පොදු වූ ආවේණික සහ තර්ජනයට ලක් වූ මල් විශේෂවල විවිධත්වය තුළින් උද්‍යානයේ සුන්දරත්වය නිර්මාණය කරයි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

පරිසර සංරක්ෂණයට පීපල්ස් ලීසිං පෙරට එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site