ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉංජිනේරුසේවා සපයන ආයතනයක් වන ප්‍රියන්ත විතානාරච්චි ඇසෝසියේට්ස් (පෞද්ගලික) සමාගම (PWA), අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් පිළිගත් අනුකූලතා තක්සේරු ක්‍රියාවලිය ඉටුකිරීම සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පිරිනමනු ලබන ISO/IEC 17020 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇත.
පිළිගත් අනුකූලතා සඳහා ඉංජිනේරුමය කාර්යයන් පරීක්ෂාකර, සහතික කිරීමේ සේවා සපයනු ලබන ප්‍රියන්ත විතානාරච්චි ඇසෝසියේට්ස් (පෞද්ගලික) සමාගම ISO/IEC 17020 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබූ, ශ්‍රී ලංකාවේ පළමු ඉංජිනේරුසේවා සපයන ආයතනය වීම විශේෂත්වයකි.
මෙම තත්ත්ව සහතිකය ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා (25) අනුකූලතා තක්සේරු පිළිබද ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර, මෙම අවස්ථාවට අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපති ආචාර්ය සම්පත් බණ්ඩාරවාහල, අධ්‍යක්ෂිකා/ප්‍රධාන විධායක නිලධාරිනී චන්ද්‍රිකා තිලකරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ එල්.එච්.ඩී බන්දුසෝම, ප්‍රියන්ත විතානාරච්චි ඇසෝසියේට්ස් (පෞද්ගලික) සමාගම වෙනුවෙන් එහි සභාපති ප්‍රියන්ත විතානාරච්චි, ප්‍රධාන විධායක නිලධාරී ඩී.එස්. උඩගෙදර, සාමාන්‍යාධිකාරී ජී. වික්‍රමගේ, නියෝජ්‍ය තාක්ෂණික කළමනාකරු/ඉංජිනේරු මනෝජ් ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහ නියෝජ්‍ය කළමනාකාරිනී (මූල්‍ය සහ පරිපාලන) තිළිණි දසනායක මෙනෙවිය එක්ව සිටියහ.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රියන්ත විතානාරච්චි ඇසෝසියේට්ස් ISO/IEC 17020 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි