IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


පිරි පහදුවේ අපලය වැඩි වේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරියේදී යළිත් වරක් වසා දැමීමට සිදුවනු ඇතැයි බලධරයෝ කියති.

මීට හේතුව වී ඇත්තේ මෑතකදී  ඕමානයෙන් ආනයනය කැරුණු  ඛනිජ තෙල් යොදාගෙන පිරිපහදු කළ ඉන්ධන වල තත්ත්වය බාල වීමයි.විශේෂයෙන් ශී‍්‍රලංකාවේ බහුතර වාහන වලට ඔක්ටේන් අංකය 90 හෝ 95 අගයේ පෙට‍්‍රල් යොදාන නමුත් මෙවර පිරිපහදුවෙන් ලැබී ඇත්තේ ඔක්ටේන් අංකය 88 ක් වන පෙට‍්‍රල්ය.ඒවා ශී‍්‍රලංකාවේ ධාවනය වන වාහන වලට සුදුසු නැතැයි කියති.

මෙනිසා මෙටි‍්‍රක් ටොන් 3500 ක පමණ ඉන්ධන තොගයක් වෙළදපොළට නිකුත් කළ නොහැකිව ගබඩා කර ඇති බව සදහන්වේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිර්මාණය කර ඇත්තේ ඉරානයෙන් ආනයනය කෙරෙන ඛනිජ තෙල් පිරිපහදු කිරීමටය.අන් රටවල ඛනිජ තෙල් ඊට නොගැලපෙන බව බළධාරීන් පවසයි.ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක නිසා එරටින් ඛනිජ තෙල් ආනයනය කිරීමද සිදුකළ නොහැක.මේ හේතු නිසා

පිරිපහදුවේ පිරිපහදු හැකියාව දිනකට ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 200 දක්වා පහත බැස ඇත.



අදහස් (0)

පිරි පහදුවේ අපලය වැඩි වේ

ආනන්ද ආර් Sunday, 16 June 2013 08:31 PM

කවදා අහපු දේවල්ද මේවා? අනේ අපේ රට ! (අ)

:       0       0

නීල් රානා Sunday, 16 June 2013 01:41 PM

ඉරානයේ නව ජනාධිපති හස්සන් රුහණි සමග තත්වය වෙනස් වේවි. එතෙක් ඕමාන අමු තෙල් වලින් ඔක්ටේන් 88 ට පෙට්‍රල් හදාගන්න පුළුවන් කම තියෙද්දී ඒ අගය 90 හෝ ඊට වැඩි කරගන්න අවශ්‍ය තාක්ෂණික උපක්‍රම පිලිබඳව පෙට්‍රෝලියම් ඉංජිනේරුවන් පරීක්ෂණ නොපවත්වන්නේ ඇයි?(නදී)

:       0       0

නීල්-රානා Sunday, 16 June 2013 09:36 PM

මම දන්නවා ඕකේ පුහුණු මධ්‍යස්ථානයේ ඉඳන් ඉහලම තැන දක්වා තනතුරු අල්ලාගෙන හිටියෙත් දැන් ඉන්නෙත් බොරු කාරයෝ. ඒ නිසයි රුසියාවෙන් ලැබුණු තෑග්ගවත් වැඩි දියුණු කරගන්න බැරි වුනේ. නිවැරදිව පිරිපහදුව පාලනය කලානම් එයින් ලැබුණු ලාභයෙන් නව පිරිපහදුවක් අපිටම හදාගන්න තිබුනා. මා පෙට්‍රෝලියම් ඉංජිනේරුවන් ලෙස අදහස් කලේ ඔතන ඉන්න යාන්ත්‍රික, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික වැනි ඉංජිනේරුවන් නොවේ. අමු තෙල් වලින් අනෙක් නිපැයුම් හදන්න දන්නා විශේෂඥයින්. මේ රටේ බොහෝ ගුරුවරුන්ට විෂය උගන්න ගන්න බැහැ වගේ ඇමතිවරුන්ටත් තමන්ගේ විෂය පිලිබඳ දැනීමක් නැහැ. ඊට පස්සේ පුහු තර්ක ගේනවා ලොක්කෝ ඉන්නේ පරිපාලනයට විෂය දන්නා අය ඇමති යටතේ ඉන්නවා කියල. වානේ සංස්ථාවට සිදුවුනෙත් ඕකමයි. නිදහස ලබා වසර 60 ක් ගතවන විට රටම අගාධයේ. කනාපල්ලමක් වැදිලා යුද්දේ දිනුවට හිස උදුම්මගන්න ඕනේ නැත්තේ නිදහස ලැබුවට පස්සේ බලයට ආ සියලු දේශපාලකයින් මේ රට අගාධයට ගෙනගිය නිසා. රට දාල ගිය සුද්දෝ අපි දිහා බලා දෙකොනින් හිනා වෙනවා.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 20 June 2013 12:57 AM

රජය ඉක්මනට නව තෙල් පිරිපහදුවක් සාදන්න සැලසුම් සකස්කළ යුතුයි. කොහෙද අපේ මන්ත්රිලා සභාපතිලා පිස්සු නටනකොට ඒවා බේරන්න වෙලා තිබෙන්නේ ජනාධිපතිට. එතුමාට රට දියුණුවට ඉදිරි සැලසුම් හදන්න වෙලාවක් නැහැ. විෂය භාර ඇමති වරු හිටියට එතුමන්ලා තමන්ගේ විෂය ගැන දන්නේ නැහැ. හොඳම වැඩේ තමයි ලබනපාර ඡන්දයට උගත්කමක් ඇති , සාමකාමී විනයගරුක ,නවක තරුණයන් සහ තරුණියන් කණ්ඩායමක් ඉදිරිපත් කරන එක. එතකොට පුළුවන් ඔවුන්ගේ දැනුම සංවිධාන ශක්තිය අපේ රටේ දියුණුවට යොදාගන්න. ජර්මනිය, ප්‍රංශය වැනි දියුණු රටවල පාර්ලිමේන්තුවේ ඉන්න 85% විතර උපාධියක් තිබෙනවා. එම නිසයි එම රටවල් දියුණුවෙන්නේ. හැමදාම අධ්‍යාපනයක් නැති විනයක් නැති මිනිස්සු පාර්ලිමේන්තු යැව්වට වැඩක් නැහැ.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 16 June 2013 04:02 PM

නව තෙල් පිරිපහදුවක අවශ්‍යතාවය හොදින්ම තිබෙද්දී අපේ මිනිස්සු සල්ලි නයට අරන් හදන්නේ මාසෙකට නැවි 2-3 එන වරායවල්. දවසකට ගුවන්යානා 2-3 එන ගුවන්තොටුපළවල් , ඒවාට යන්න පාරවල්. මේ විදියට ගියොත් තෙල් මිල තව තවත් ඉහලයාවි. කබපෙන් ලිපට වට්ටේන්නේ දුප්පත් ජනතාව. ඔබ තුමන්ලා පොරොන්දු වුන සුභ අනාගතයද මේ.(නදී)

:       0       0

ඩී.උපුල් Tuesday, 18 June 2013 09:06 PM

කරන්නම දෙයක් නැත්නම් කාට කාට හරි බෙදල දුන්නනම් අඩුම ගණනේ ගිනි තියාගන්නවත්. (අ)

:       0       0

අමිල - මෙල්බර්න් Tuesday, 18 June 2013 08:25 AM

ඔක්ටේන් 90 රථ වාහන සදහා එතරම් සුදුසු ඉන්ධනයක් නොවේ. එම නිසා එය ඕස්ට්‍රෙලියාවට ආනයනය තහනම් කර තිබෙනවා. (නි)

:       0       0

රිමාකෝ Sunday, 16 June 2013 05:50 PM

දැන් සපුගස්කන්දේ ඉන්න ඉංජිනේරුවන්ට එච්චර හැකියාවක් නැහැ. එයාලා දේශපාලනයෙන් ආපු අය. එයාලා කැමති නැහැ පළපුරුදු අයගේ දැනුම ගන්න. ඕන තරම් ඉන්නවා විදේශ වල ගිහින් පළපුරුදු තියෙන අය. එත් එයාලට අවස්ථාවක් දෙන්නේ නැහැ. එයාලගේ තාක්ෂනය ප්‍රයෝජනයට ගන්න.(නදී)

:       0       0

ලසන්ත Thursday, 20 June 2013 09:39 AM

සිල්වා රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ පක්ෂ වලින් ඉදිරිපත් කරන අපේක්ෂකයන්ට මිස අපි තෝරගත්තු යට නෙවේ. පක්ෂවලට වගකීමක් තියනවා උගත්තු ඉදිරිපත් කරන්න.අනික තම අපේ රටේ උගත්තුන්ගේ දෙශපාලනෙත් ඔය කියන තරඟ වෙනසක් නැහැ.දැනට ඉන්න පක්ෂ විපක්ෂ උගත්තුගේ දේශපාලනේ ගැන හිතල බලන්න....(අ)

:       0       0

රානි Monday, 17 June 2013 08:26 AM

නිල රනා, ඔබ කිවුවා වගේ සුද්දෝ දෙකොනින් හිනා වෙනවා. ඒක සහතික ඇත්ත. (නි)

:       0       0

ශීලා Monday, 17 June 2013 08:30 AM

දැන් ඉරානෙන් තෙල් ගත්තේ අපි විතරද? ඉරානෙන් තෙල් ගත්තු අනික් රටවලත් තත්ත්වේ මේකමද. (නි)

:       0       0

රූපා Monday, 17 June 2013 08:31 AM

ගියවර කැබිනට් සංසෝදධයක් වෙද්දී අලුත් තෙල් ඇමති පිළිගන්ට ලක්ෂ 100 වැයකරලා තිබුනා. ඔන්න ලංකාවේ තත්වේ. අම්මපා මෙහෙම රටක් ලෝකේ තිබෙනවද?(නදී)

:       0       0

ලසන්ත Monday, 17 June 2013 08:33 AM

ඔක්ටේන් 95 කියන්නේ ලංකාවේ ප්‍රමිතියේ හැටියට සුපිරි පෙට්‍රල්. නමුත් වෙන රටවල් පටන් ගන්නෙම ඔක්ටේන් 105න්. (නි)

:       0       0

සුපුන් Monday, 17 June 2013 08:33 AM

අපේ රටේ උදවිය කවදාවත් තමන්ගේ වැරද්දක් කියන්නේ නැහැ නේද? මොකක් වුනත් හේතුවක් තියනවා. මේක රුසියාවෙන් ලැබුන තෑග්ගක්. ඒක මේ වෙනකන් අලුත් වැඩියා කළේ නැහැ. ජිඑස්පී ප්ලස් අවුරුදු 20 විතර ලැබිලා තිබුනා.ඒක නැතිවෙනකන් වෙළදපොල හදා ගත්තේ නැහැනේ (නි)

:       0       0

දම්මි Tuesday, 18 June 2013 01:49 PM

මෙහෙවු රටේ මේ වගේ දේවල් වෙන එක පුදුමයක්යැ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි
2025 අප්‍රේල් මස 30 67 0

ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක


DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි
2025 අප්‍රේල් මස 30 38 0

DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක


ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු
2025 අප්‍රේල් මස 30 37 0

ලංකා බැංකුව 2025 අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම


2025 -26 වර්ෂවලදී ආර්ථික සංගණනයක්
2025 අප්‍රේල් මස 30 27 0

2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.


උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්
2025 අප්‍රේල් මස 30 18 0

උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත


රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්
2025 අප්‍රේල් මස 30 14 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site