සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරියේදී යළිත් වරක් වසා දැමීමට සිදුවනු ඇතැයි බලධරයෝ කියති.
මීට හේතුව වී ඇත්තේ මෑතකදී ඕමානයෙන් ආනයනය කැරුණු ඛනිජ තෙල් යොදාගෙන පිරිපහදු කළ ඉන්ධන වල තත්ත්වය බාල වීමයි.විශේෂයෙන් ශී‍්‍රලංකාවේ බහුතර වාහන වලට ඔක්ටේන් අංකය 90 හෝ 95 අගයේ පෙට‍්‍රල් යොදාන නමුත් මෙවර පිරිපහදුවෙන් ලැබී ඇත්තේ ඔක්ටේන් අංකය 88 ක් වන පෙට‍්‍රල්ය.ඒවා ශී‍්‍රලංකාවේ ධාවනය වන වාහන වලට සුදුසු නැතැයි කියති.
මෙනිසා මෙටි‍්‍රක් ටොන් 3500 ක පමණ ඉන්ධන තොගයක් වෙළදපොළට නිකුත් කළ නොහැකිව ගබඩා කර ඇති බව සදහන්වේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිර්මාණය කර ඇත්තේ ඉරානයෙන් ආනයනය කෙරෙන ඛනිජ තෙල් පිරිපහදු කිරීමටය.අන් රටවල ඛනිජ තෙල් ඊට නොගැලපෙන බව බළධාරීන් පවසයි.ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක නිසා එරටින් ඛනිජ තෙල් ආනයනය කිරීමද සිදුකළ නොහැක.මේ හේතු නිසා
පිරිපහදුවේ පිරිපහදු හැකියාව දිනකට ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 200 දක්වා පහත බැස ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදා අහපු දේවල්ද මේවා? අනේ අපේ රට ! (අ)
ඉරානයේ නව ජනාධිපති හස්සන් රුහණි සමග තත්වය වෙනස් වේවි. එතෙක් ඕමාන අමු තෙල් වලින් ඔක්ටේන් 88 ට පෙට්‍රල් හදාගන්න පුළුවන් කම තියෙද්දී ඒ අගය 90 හෝ ඊට වැඩි කරගන්න අවශ්‍ය තාක්ෂණික උපක්‍රම පිලිබඳව පෙට්‍රෝලියම් ඉංජිනේරුවන් පරීක්ෂණ නොපවත්වන්නේ ඇයි?(නදී)
මම දන්නවා ඕකේ පුහුණු මධ්‍යස්ථානයේ ඉඳන් ඉහලම තැන දක්වා තනතුරු අල්ලාගෙන හිටියෙත් දැන් ඉන්නෙත් බොරු කාරයෝ. ඒ නිසයි රුසියාවෙන් ලැබුණු තෑග්ගවත් වැඩි දියුණු කරගන්න බැරි වුනේ. නිවැරදිව පිරිපහදුව පාලනය කලානම් එයින් ලැබුණු ලාභයෙන් නව පිරිපහදුවක් අපිටම හදාගන්න තිබුනා. මා පෙට්‍රෝලියම් ඉංජිනේරුවන් ලෙස අදහස් කලේ ඔතන ඉන්න යාන්ත්‍රික, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික වැනි ඉංජිනේරුවන් නොවේ. අමු තෙල් වලින් අනෙක් නිපැයුම් හදන්න දන්නා විශේෂඥයින්. මේ රටේ බොහෝ ගුරුවරුන්ට විෂය උගන්න ගන්න බැහැ වගේ ඇමතිවරුන්ටත් තමන්ගේ විෂය පිලිබඳ දැනීමක් නැහැ. ඊට පස්සේ පුහු තර්ක ගේනවා ලොක්කෝ ඉන්නේ පරිපාලනයට විෂය දන්නා අය ඇමති යටතේ ඉන්නවා කියල. වානේ සංස්ථාවට සිදුවුනෙත් ඕකමයි. නිදහස ලබා වසර 60 ක් ගතවන විට රටම අගාධයේ. කනාපල්ලමක් වැදිලා යුද්දේ දිනුවට හිස උදුම්මගන්න ඕනේ නැත්තේ නිදහස ලැබුවට පස්සේ බලයට ආ සියලු දේශපාලකයින් මේ රට අගාධයට ගෙනගිය නිසා. රට දාල ගිය සුද්දෝ අපි දිහා බලා දෙකොනින් හිනා වෙනවා.(නදී)
රජය ඉක්මනට නව තෙල් පිරිපහදුවක් සාදන්න සැලසුම් සකස්කළ යුතුයි. කොහෙද අපේ මන්ත්රිලා සභාපතිලා පිස්සු නටනකොට ඒවා බේරන්න වෙලා තිබෙන්නේ ජනාධිපතිට. එතුමාට රට දියුණුවට ඉදිරි සැලසුම් හදන්න වෙලාවක් නැහැ. විෂය භාර ඇමති වරු හිටියට එතුමන්ලා තමන්ගේ විෂය ගැන දන්නේ නැහැ. හොඳම වැඩේ තමයි ලබනපාර ඡන්දයට උගත්කමක් ඇති , සාමකාමී විනයගරුක ,නවක තරුණයන් සහ තරුණියන් කණ්ඩායමක් ඉදිරිපත් කරන එක. එතකොට පුළුවන් ඔවුන්ගේ දැනුම සංවිධාන ශක්තිය අපේ රටේ දියුණුවට යොදාගන්න. ජර්මනිය, ප්‍රංශය වැනි දියුණු රටවල පාර්ලිමේන්තුවේ ඉන්න 85% විතර උපාධියක් තිබෙනවා. එම නිසයි එම රටවල් දියුණුවෙන්නේ. හැමදාම අධ්‍යාපනයක් නැති විනයක් නැති මිනිස්සු පාර්ලිමේන්තු යැව්වට වැඩක් නැහැ.(නදී)
නව තෙල් පිරිපහදුවක අවශ්‍යතාවය හොදින්ම තිබෙද්දී අපේ මිනිස්සු සල්ලි නයට අරන් හදන්නේ මාසෙකට නැවි 2-3 එන වරායවල්. දවසකට ගුවන්යානා 2-3 එන ගුවන්තොටුපළවල් , ඒවාට යන්න පාරවල්. මේ විදියට ගියොත් තෙල් මිල තව තවත් ඉහලයාවි. කබපෙන් ලිපට වට්ටේන්නේ දුප්පත් ජනතාව. ඔබ තුමන්ලා පොරොන්දු වුන සුභ අනාගතයද මේ.(නදී)
කරන්නම දෙයක් නැත්නම් කාට කාට හරි බෙදල දුන්නනම් අඩුම ගණනේ ගිනි තියාගන්නවත්. (අ)
ඔක්ටේන් 90 රථ වාහන සදහා එතරම් සුදුසු ඉන්ධනයක් නොවේ. එම නිසා එය ඕස්ට්‍රෙලියාවට ආනයනය තහනම් කර තිබෙනවා. (නි)
දැන් සපුගස්කන්දේ ඉන්න ඉංජිනේරුවන්ට එච්චර හැකියාවක් නැහැ. එයාලා දේශපාලනයෙන් ආපු අය. එයාලා කැමති නැහැ පළපුරුදු අයගේ දැනුම ගන්න. ඕන තරම් ඉන්නවා විදේශ වල ගිහින් පළපුරුදු තියෙන අය. එත් එයාලට අවස්ථාවක් දෙන්නේ නැහැ. එයාලගේ තාක්ෂනය ප්‍රයෝජනයට ගන්න.(නදී)
සිල්වා රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ පක්ෂ වලින් ඉදිරිපත් කරන අපේක්ෂකයන්ට මිස අපි තෝරගත්තු යට නෙවේ. පක්ෂවලට වගකීමක් තියනවා උගත්තු ඉදිරිපත් කරන්න.අනික තම අපේ රටේ උගත්තුන්ගේ දෙශපාලනෙත් ඔය කියන තරඟ වෙනසක් නැහැ.දැනට ඉන්න පක්ෂ විපක්ෂ උගත්තුගේ දේශපාලනේ ගැන හිතල බලන්න....(අ)
නිල රනා, ඔබ කිවුවා වගේ සුද්දෝ දෙකොනින් හිනා වෙනවා. ඒක සහතික ඇත්ත. (නි)
දැන් ඉරානෙන් තෙල් ගත්තේ අපි විතරද? ඉරානෙන් තෙල් ගත්තු අනික් රටවලත් තත්ත්වේ මේකමද. (නි)
ගියවර කැබිනට් සංසෝදධයක් වෙද්දී අලුත් තෙල් ඇමති පිළිගන්ට ලක්ෂ 100 වැයකරලා තිබුනා. ඔන්න ලංකාවේ තත්වේ. අම්මපා මෙහෙම රටක් ලෝකේ තිබෙනවද?(නදී)
ඔක්ටේන් 95 කියන්නේ ලංකාවේ ප්‍රමිතියේ හැටියට සුපිරි පෙට්‍රල්. නමුත් වෙන රටවල් පටන් ගන්නෙම ඔක්ටේන් 105න්. (නි)
අපේ රටේ උදවිය කවදාවත් තමන්ගේ වැරද්දක් කියන්නේ නැහැ නේද? මොකක් වුනත් හේතුවක් තියනවා. මේක රුසියාවෙන් ලැබුන තෑග්ගක්. ඒක මේ වෙනකන් අලුත් වැඩියා කළේ නැහැ. ජිඑස්පී ප්ලස් අවුරුදු 20 විතර ලැබිලා තිබුනා.ඒක නැතිවෙනකන් වෙළදපොල හදා ගත්තේ නැහැනේ (නි)
මෙහෙවු රටේ මේ වගේ දේවල් වෙන එක පුදුමයක්යැ? (නි)