අංජුල මහික වීරරත්න වියට්නාමයේ හැනොයි නුවර සිට
අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන බැවින්, පුද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කතිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ කරගෙන ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ දී පැවසීය.
වියට්නාමයේ, හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවේ ‘පුද්ගලික අංශයේ මූල ධනය එක්රැස් කර ගැනීම’ මැයෙන් පැවති පූර්ව සැසියේ දී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ, රාජ්‍ය - පුද්ගලික හවුල්කාරී ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශය දිරිමත් කරලීම උදෙසා නව අණ පණත් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදීමට කටයුතු කරන බවය.
සැසිය ආරම්භ කරමින් අදහස් දැක්වූ ලෝක අර්ථික සමුළු කළමණාකරන මණ්ඩලයේ සභාපති බොර්ග් බ්‍රෙන්ඩේ මහතා පැවසූයේ ඉදිරි වසර 15 පිළිබඳ කර ඇති පුරෝකථනයන්ට අනුව ආසියානු කලාපීය සංවර්ධන කාර්යයන් සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රාජ්‍ය අංශයන්ට පමණක් දැරීමට කිසිසේත්ම හැකියාවක් නැති බවය. ඒ නිසා පුද්ගලික අංශයේ මූල ධනය සංවර්ධන කාර්යයන් සඳහා යොදවා ගැනීමේ උපාය මාර්ග හා ක්‍රමවේද කඩිනමින්ම සැකසිය යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඉන් පසුව පැවති සාකච්ඡා මණ්ඩපයේ දී ඉන්දුනීසියාවේ සාගර කටයුතු සම්බන්ධීකරණ අමාත්‍ය ලූහුට් බින්සර් පන්ජෙයිටාන්, ආසියානු සංවර්ධන බැංකුවේ නැගෙනහිර ආසියා, අග්නිදිග ආසියා හා ශාන්තිකර කලාපීය උප සභාපති ස්ටීවන් පී ග්‍රොෆ්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපතිනි නිනා ස්ටෝඉල්ජ්කොවික්, විනා කැපිටල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ෙදාන් ලැම් හා ක්‍රෙඩිට් සුයිස් ආයතනයේ ආසියා ශාන්තිකර උප සභාපති ජෝසේ ඉසිද්රෝ කැමචෝ යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.
තම රටවල් හා ආයතන පුද්ගලික මුල්‍ය ධනය සංවර්ධන කාර්යයන් සඳහා යොදවා ගත් ආකාරය හා ඊට එල්ල වුණු අභියෝගයන් සම්බන්ධයෙන් ඔවුහු කරුණු හා සිය අත්දැකීම් පැහැදිලි කළහ.
සාකච්ඡාව මෙහෙයවන ලද්දේ ජපානයේ එම්යූඑෆ්ජී බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටෝෆර් මාක්ස් විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික ආයෝජන එක්රැස් කිරීමේ වැදගත්කම ඔහේ කියන්න කලින් අපි දන්නවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඊළඟට මොන බැංකුව මංකොල්ල කයිද කියලා බයට පෞද්ගලික ආයෝජන කරන්න කවුරුත් එන්නේ නැත. මහා බැංකු කොල්ලය නිසා තැන්පත් කර තිබූ විදේශීය මුදලුත් ආයෝජකයින් ආපසු ගත්තා මතකද. මෙයා කතා කොරන්නේ ඊයේ ඉපදුනා වගේනේ.
ඊළඟ ඡන්දයේදී "නාගානන්ද කොඩිතුවක්කු" මහතාගේ ජයග්‍රහණය දැනටමත් ස්ථිරයි. ආයේ කවදාවත් කොළ, නිල්, ආණ්ඩු පත්වෙන්නේ නැහැ. ජනතාව අවුරුදු 70ක් පරිප්පු කෑවා ඇති. නවත්තගන්න ඔය බයිලා.
මමත් නාගානන්ද මහත්මයාට ඡන්දය දෙනවා. අපේ රට මේ හොරුන්ගෙන් ආරක්ෂා කරගන්න...
මෙහෙම සවුත්තුවෙන අගමැති කෙනෙක් මේ ලෝකෙම නැතුව ඇති. මිනිස්සු දාන ප්‍රතිචාර වලින් හොඳටම පේනවා. රට ගැන පුදුම දුකක් දැනෙන්නේ.
බයිලම තමයි පහුගිය අවුරුදු හතරේම කිව්වේ. මෙයලටත් ඉර හද පායනවනේ
නාගනන්ද මහත්මය ජනාධිපති වරණයට අවොත් අනිවාර්යයෙන්ම රනිල්ට වැඩියෙන් ඡන්ද ගන්නවා
මහා බැංකුවේ තිබුණු සල්ලි ටිකට විද්ද. දැන් මිනිස්සු අතේ තියෙන සල්ලි ටිකටත් විදින්නයි බලන්නේ. ආයෝජනය කරන්න ඕන දියුණු වෙන ලාභ ලබන ව්‍යාපාරයකට. නැතුව අවුරුදු දෙකක් යන්නේ කොහෙද මල්ලෙපොල් කියන ආණ්ඩුව කියන විදියට නෙමෙයි. මෙයාල කියන විදියට ආයෝජනය කලොත් මහන්සියෙන් පරම්පරා ගානක් හරිහම්බ කරගත්තු සල්ලි ටිකත් වතුරේ. ආයෝජනය කරපල්ලා කියල පහුවදාට බදු වැඩිකරලා එ් සල්ලි සේරම ඇදල අරගෙන, කට්ටිය රට සවාරි යයි පවුල් පිටින්, එහෙම නැතිනම් තීරුබදු රහිත කාර් ගෙන්න ගනියි.
එක වෙන්න ඇති මහ බැංකුවෙන්ම පටන් ගත්තේ එක්රැස් කරන්න
අපේ රුපියල ගොඩගන්න විදියක් බලන්න.
අපේ රුපියල ගොඩගන්න වලට බහින්න ඕනේ... දැනටමත් අපි ඉන්නේ වලේ. දැන් වලට දමා ගන්න ඕනේ ගොඩඉන්න දේශපාලකයින්වයි.