IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


පුත්තලම පාරිභෝගික අධිකාරිය රජයට ලක්ෂ 60 ක් උපයා දෙයි

(ජුඩ් සමන්ත)
 
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් 2017 වර්ෂය තුළ සිදු කරන ලද වැටලීම් වලදී අධිකරණය හමුවේ නඩු පවරා රුපියල් ලක්ෂ 60 කට වඩා වැඩි දඩ මුදල් ලෙස රජයට හිමි කර දී ඇත.

ගෙවී යන වසර තුළ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පුත්තලම දිස්ත්‍රික්කය තුළ වැටලීම් 1000 කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත.

සහල් ඇසුරුම් වල මිල සඳහන් නොකිරීම,කල් ඉකුත් වීමේ සහ නිෂ්පාදිත දිනය නිෂ්පාදන වල සඳහන් නොකිරීම,එස්.එල්.එස්.ප්‍රමිතියට අනුකූල නොවන ලෙස ගිනිකූරු නිෂ්පාදනය කිරීම සහ අලවිය,එස්.එල්.එස්.ප්‍රමිතියට අනුකූල නොවන බෝතල්වල පානීය ජලය ඇසිරීම සහ අලවි කිරීම,කල් ඉකුත් වූ භාණ්ඩ අලවිය සහ අලවි කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම,මිල ප්‍රදර්ශනය නොකර භාණ්ඩ අලවි කිරීම,සඳහන් මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලවි කිරීම යන චෝදනා යටතේ ව්‍යාපාරිකයින්ට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතන දෙකක් වෙත සහල් ඇසුරුම් වල මිල සඳහන් නොකිරීම හේතුවෙන් ආණමඩුව සහ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයන් හී නඩු පැවරීම්ද සිදු කර ඇත. එහිදී අදාල ව්‍යාපාරික ආයතන දෙකට රුපියල් ලක්ෂ 2 බැගින් දඩ නියම කර තිබේ. 
 



අදහස් (1)

පුත්තලම පාරිභෝගික අධිකාරිය රජයට ලක්ෂ 60 ක් උපයා දෙයි

M.L.Haja Sahabdeen Thursday, 04 January 2018 12:04 PM

ඔය නඩු වැටෙන්නේ බොහෝවිට ගතමනාව නොදුන් අයට එරෙහිවයි. මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා ගාන ඉල්ලනවා. .එත් අවාසනාව කඩකාරයෝ අල්ලස් දුන්නු එක එළිපිට කියන්න බයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 420 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 449 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site