පෙර ඉහළ ඉල්ලූමක් තිබූ මෝටර් රථ, යතුරු පැදි හා ත්‍රීරෝද රථ වලට තිබූ ඉල්ලූම සැළැකිය යුතු මට්ටමකින් පහළ බැස ඇතැයි මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමෙන්තුව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පෙන්වයි.
මධ්‍ය අදායම් ලාභී ජනයා අතර ප්‍රචලිතව තිබූ මරූටි වැනි මෝටර් රථ හා පෙර ඉතා විශාල වශයෙන් ලියාපදිංචි කළ යතුරුපැදි හා ත්‍රීරෝද රථ ලියාපදිංචි කර ඇති ප්‍රමාණයේ සැළැකිය යුතු අඩුවක් එම සංඛ්‍යාලේඛන වලට අනුව දක්නට ඇත.
තත්ත්වය එසේ වුවත් බී.එම්.ඩබ්ලිව් වැනි අතිිසුඛෝපභෝගී කාණ්ඩයට අයත් මොටර් රථ ලියාපදිංචි කිරීමේ වැඩිවීමක් එම සංඛ්‍යාලේඛණ පෙන්වයි.
මේ තත්ත්වයට හේතු ලෙස රජය විසින් ලබාදී ඇති තීරුබදු සහන ලබා දී ඇති රථවාහන බලපත්‍ර හේතු වී ඇතැයි විශ්ලේෂකයන් පවසයි.ඇතැම් අවස්ථාවන්හි මේ බලපත්‍ර භාවිතා කර සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස් කෙරුණු රථවාහන මිලදී ගැනීමේ හැකියාව බලපත්‍ර ලාභියාට හිමිවේ.
මෙය අසාධාරණ බව පවසන මැදහත් විචාරකයන් සාමාන්‍ය ජනයාටද රටේ ඉහළ පැළැන්තියේ පුද්ගලයින් භුක්ති විදින සහනයන් හා පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබාදීමට රජය ක්‍රියාකළ යුතු බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන නම් නැතුවට කමක් නැහැ. බියගම ඉඳල කඩුවෙලට දුර කිලෝමීටර් දෙකක් වත් නැහැ. වාහනයකින් යන්න විනාඩි 45 ක්වත් යනවා. උදේට හරි හවසට හරි බත්තරමුල්ලට යන්න පැය දෙකක් යනවා. එතරම් වාහන පිරිලා.පාර දෙපැත්තේ ගෙවල් කඩ කඩා පළල් කරනවා වුණත් තවත් ඉඩ මදි. (නි)
මෙහෙම තමයි ලංකාව දියුණු වෙනකොට.(නදී)
අජිත් කියනවා වගේ හරි නම් කරන්න ඕන මයික්‍රෝ ආයතනයට අත දෙන එක. (නදී)
සිල්වා,නන්දලාල්,අජිත්,ගීත්, ඔයාලා ඔය හිතන ක්‍රමය හරි. (නි)
වැන් බස් සහ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්නා වාහනවල තීරුබදු අඩු කරන්න. කාර් වැනි සුඛෝපභෝගී වාහන වලට තීරුබදු අඩුකරන්න ඕනෑ නැහැ, වාහන පර්මිට් විදේශවල සේවය කරන ලංකාවට විදේශ විනිමය සපයා දෙන ශ්‍රමිකයන්ටත් ලබාදෙන ක්‍රමය නැවත ඇතිකරන්න. (නි)
දැන් මිනිස්සු පොඩි වාහන පාවිච්චි කරන්නේ නැහැ (දී)
පොදු ප්‍රවාහනය දිඋනු කරලා ජනතාව ඒවාට යොමු කරන්න ඕනෑ. තෙල් පරිභෝජනය 50% අඩු කරන්න ඕනෑ. නැත්නම් රටට අනාගතයක් නැහැ. වාහන බලපත්‍ර දැන් නැති කරන්න ඕනෑ. ඒක රටට විනාශයක් (නි)
මට පිස්සු වගෙයි වාහන වල ගණන් දැකලා. (නි)
විදේශ රටවල සේවය කරන ලංකාවට විදේශ විනිමය එවන පුද්ගලයන්ට එක වාහනයක් ගන්න බදු සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි.(ස)
පිටරට උපයන මුදල් නිතියනුකුලව ලංකාවට ගෙනාපු ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ ඉන්න ලේ නෑයෙකුට තීරුබදු අඩුවෙන් වහනයක් තෑගි කරන්න ක්‍රමයක් තිබුනා ඉස්සර. දැන් එය නවත්තල. ඒවා නැවත ඇති කරන්න. අඩුම තරමේ මැද පෙරදිග සේවය කරන කෙනෙකුට යතුරුපැදියක් හෝ ත්‍රී වීල් එකක්වත් තීරුබදු රහිතව ගන්න කටුයුතු සලස්වන්න.(නදී)-
ආර්ථිකය දියුණු වෙලාද ලංකාවේ (දී)
දැන් පුංචි වාහන කියල තියෙන්නේ ලෝකේ කොහෙන් වත් ගන්නේ නැති ඉන්දියන් බාල බඩු. (ස)
පුංචි වාහනයක් තියා කරත්තයක්වත් හදාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද පුංචි අපටම තමයි බදු සියල්ල. වි (නි)
මරුටි නං ලංකාවට ගේනන්ත් එපා.(නදී)
ඉන්දියාව දේශපාලනික වශෙයෙන් අපිව අසරණ කර බලාපොරොත්තු වන්නේ ඔවුන් ගේ නිෂ්පාදිත භාණ්ඩ වලට අප රටේ වෙළදපොල අල්ලා ගැනීමයි. එහෙමත් කරලා හරි උසස් තත්වයක භාණ්ඩයක් අප රටට එවනවා නම් කමක් නැත. නමුත් එවන්නේ කුණු කන්දල්ය. නමුත් ඔවුන් යුරෝපිය රටවලට යවන බඩු ඊට හාත්පසින්ම වෙනස්ය. එයට හේතුව අප රටේ පාරිභෝගිකයා ගේ මිලදී ගැනීමේ හැකියාව ගැන ඔවුන් දන්නා නිසාවෙනි. පළමුවෙන් සිදුවිය යුත්තේ අපි කොයි කාගේත් වාගේම දුප්පතා ගේ වාහනය වූ බයිසිකලය පාවිච්චි කිරීමය. එයින් අප පරිසරයද රැකෙන අතර නිරෝගිකමද රැකගත හැකි වනු ඇත. තවද, අප රටේ ලංගම නිසි කළමනාකාරිත්වයකින් පවත්වාගෙන යායුතුය. එය අපේ දෙයක් නිසා රැකගැනීමට කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා රට හා ජාතිය(ශ්‍රී ලාංකික) පිළිබද හැගීමක් තිබිය යුතුය. (නි)
ඉන්දියන් පුංචි කාර් වලට වන දේ අරගෙන අවුරුදු ගණනාවක් යන කොට පෙනි පෙනී දැනෙනවා. රිකන්ඩිෂන් උනත් ජපන් හොදයි කියලා හිතෙනවා.(නදී)
පොඩි වාහනයක් දැක්කොත් වරදක් ඇතත් නැතත් පොලිසියෙන් නවත්වනවා. සුඛෝපභෝගී ලොකු වාහනයකින් ගියා නම් ණය වෙලා හරි නිදහසේ එලවාගෙන පිම්මේ යන්න පුළුවන් (නි)
අපි කතා කරන්නත් බයයි. ඒ තරමට අපි දුප්පත්. (ස)
වාහන ගන්න ඉස්සරවෙලා තුන් වේල කන්න ක්‍රමයක් මට කියන්නකෝ. 16000 මාසික වැටුපක් ගත්තත් මාසේ රෝල් කරගන්න අමාරුයි. (නි)
විදේශ රටවල සේවය කරන ලංකාවට විදේශ විනිමය එවන පුද්ගලයන්ට එක වාහනයක් ගන්න බදු සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි.(නදී)
අයිත් පොදු බස් රතයම පහසුයි ලාභයි කියලා හිතනවා ඇති අපේ මිනිස්සු.(ස)
අවරුදු ගානක් පිටරට හිටියත් අපිටනම් වාහනයක් ගන්න බැහැ. හැමදාම ගණන් යනවා... (ස)
අපි හරිම දුප්පත්. අපටත් වාහනයක් ඇත්නම්? (නි)
අපේ රටේ වාහන නිපදවන මයික්‍රෝ සමාගමට අතහිත දීල කර්මාන්තය දියුණු කරමු. රජයේ සේවකයන්ට වගේ විදේශ විනිමය උපයන විදේශගත ශ්‍රමිකයන්ටත් අඩු මිලට වාහනයක් ගන්න ක්‍රමයක් මයික්‍රෝ සමාගමත් සමග ක්‍රමවේදයක් අති කරමු. හැමෝම මහ පාරට කිට්ටුව ගෙවල් හදල නෑ බස් වල යන්න ගොඩක් ඇවිදින්න ඕනේ ත්‍රී වීල් වලට ගෙවන්න ඕනේ පාරට එන්න .(නදී)
රටට විදේශ විනිමයක් ගෙනෙන විදේශ රටවල සේවය කරන පුද්ගලයන්ටත් වාහනයක් ගන්න අඩුම තරමින් රේ ගුබද්දෙන් සියයට පනහක්වත් අඩුකරගන්න බලපත්‍රයක් ලබා දෙන්නේනම් හොදයි.(නදී)
වාහන ගන්න ඉස්සරවෙලා තුන් වේල කන්න ක්‍රමයක් මට කියන්නකෝ. 170500 මාසික වැටුපක් ගත්තත් මාසේ රෝල් කරගන්න අමාරුයි.(නදී)
ලංකාවේ දේශපාලකයෝ විසින් මිනිස්සුන්ට හිතන්න පුරුදු කරලා තියෙන්නේ වාහනයක් තියන එක සුඛෝපභෝගී දෙයක් විදියට. ඒ වගේම බස්වල යන එක හොද දෙයක් විදියට. බදු වැඩි කළහම සමහර අය සතුටු වෙන්නේ එම නිසා. නමුත් දේශපාලකයෝ කවදාවත් වාහන එපා කියන්නේ නැහැ. (නි)
ඒ කියන්නේ රට දියුණු වෙලා (දී)
සරත් , ඔයා ඉන්ටර්නෙට් නොයා ඉන්න. (නි)
කමක් නැහැ. කමක් නැහැ. දැන් ගිණි ගණන් අඩුයිනේ ලංකාවෙ... (නි)
පිටරට උපයන මුදල් නිතියනුකුලව ලංකාවට ගෙනාපු ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ ඉන්න ලේ නෑයෙකුට තීරුබදු අඩුවෙන් වහනයක් තෑගි කරන්න ක්‍රමයක් තිබුනා ඉස්සර. දැන් එය නවත්තල. ඒවා නැවත ඇති කරන්න. අඩුම තරමේ මැද පෙරදිග සේවය කරන කෙනෙකුට යතුරුපැදියක් හෝ ත්‍රී වීල් එකක්වත් තීරුබදු රහිතව ගන්න කටුයුතු සලස්වන්න.(නදී)
කවුරුත් ආසයි කාර් එකක් ගන්න (දී)
මේක තමයි අද අපේ රටේ තත්ත්වය. අපි කතා කරන්නෙත් බයේ. ඒ තරමට අපි දුප්පත්. (නි)
වාහන පර්මිට් එක දුන්නත් එකත් විකුනන් කනවා අපේ උදවිය.(නදී)
පුංචි අපි පුංචි මොලේ පාවිච්චි කරලා ලොකු එවුන්ට චන්දෙ දෙනවා ඊට පස්සේ පත්වෙන ලොකු අය පුංචි අපිටම තලනවා.(නදී)