IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


නේෂන් ලංකා මූල්‍ය සමාගමට මහ බැංකුවෙන් පාලකයෙක්

යොහාන් භාසුර

ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන නේෂන් ලංකා මූල්‍ය සමාගමට එරෙහිව විසඳුම් ක්‍රියාමාර්ග ආරම්භ කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, පී.ඩබ්ලිව්.ඩී.එන්.ආර්. රෝද්‍රිගු මහතා මෙම මස 4 වැනිදා සිට මාස හයක කාලයක් සඳහා නේෂන් ලංකා මූල්‍ය සමාගමේ පරිපාලක ලෙස පත්කළ බවත් පරිපාලකවරයා එම සමාගමේ වත්කම්, අයිතිවාසිකම්, ව්‍යාපාර සහ කටයුතු පිළිබඳ සම්පූර්ණ පාලනය භාර ගන්නා අතර සමාගම වෙනුවෙන් ඒවා කළමනාකරණය කරන බවත් මහ බැංකුව නිවේදනය කරයි.

මහ බැංකුව එම විසඳුම් ක්‍රියාමාර්ග මෙම මස 4 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවත් 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ මෙම පියවර ගත් බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

නේෂන් ලංකා මූල්‍ය සමාගම 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ සහ ඊට අදාළ නියෝග හා රීති අඛණ්ඩව උල්ලංඝනය කර ඇති බවට හෙළි වී ඇති බවත් ප්‍රමාණවත් නොවන ප්‍රාග්ධනය, දුර්වල වත්කම්, අඛණ්ඩ පාඩු සහ තැන්පත්කරුවන්ට මුදල් ආපසු ගෙවීමට අසමත් වීම හේතුවෙන් සමාගමේ මූල්‍ය තත්වය අසතුටුදායක බවට තීරණය කර ඇති බවත් මහ බැංකුව කියයි.

එම සමාගමට ගැටලු‍ නිවැරදි කර නියාමනයන්ට අනුකූලවීම සඳහා මහ බැංකුව කිහිප වතාවක්ම අවස්ථාව දුන්නද, සැලකිය යුතු ප්‍රගතියක් දක්නට නොලැබෙන බවත් එහි මූල්‍ය සහ මූල්‍ය නොවන තත්වය පිළිබඳ පුළුල් ඇගයීමකින් පසුව විසඳුම් ක්‍රියාමාර්ග සමඟ ඉදිරියට යාමට තීරණය කළ බවත් එම නිවේදනයේ සඳහන් වේ.

 

 



අදහස් (0)

නේෂන් ලංකා මූල්‍ය සමාගමට මහ බැංකුවෙන් පාලකයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1934 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1536 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 538 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site