
ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව (STC), සිය STC General සන්නාමය යටතේ අඟල් 65 ස්මාර්ට් බෝර්ඩ් (Smart Board ) යන්ත්‍රයක්, Inverter වායු සමීකරණ යන්ත්‍රයක් සහ ක්ෂණික හොට් වෝටර් ෂවර් පද්ධතියක් (Hot water shower) වෙළෙඳපොළට හඳුන්වා දෙමින්, ඩිජිටල් තාක්ෂණික හා ගෘහස්ථ විදුලි උපකරණ ක්ෂේත්‍රයේ සිය නිෂ්පාදන පරාසය තවදුරටත් පුළුල් කර තිබේ.
මෙම නව නිෂ්පාදන හඳුන්වාදීම කොළඹ Marino Beach හෝටලයේ පැවැති උත්සවයකදී සිදු කෙරුණු අතර, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. STC සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආයතනික පාරිභෝගිකයන් සහ සේවකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
STC ආයතනය සිය සන්නාමය යටතේ නිෂ්පාදන පරාසය පුළුල් කරමින් ආයතනික සහ පාරිභෝගික වෙළෙඳපොළේ වැඩි දායකත්වයක් ලබා ගැනීමේ වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම නිෂ්පාදන හඳුන්වාදී තිබේ. රාජ්‍ය ආයතන සඳහා භාණ්ඩ සැපයීම සහ වෙළෙඳ කටයුතු සමඟම තාක්ෂණික හා විදුලි උපකරණ ක්ෂේත්‍රයද සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු තුළ වැඩි වැදගත්කමක් ලබා ගනිමින් සිටී.
නව අඟල් 65 STC General Smart Board යන්ත්‍රය 4K UHD තිරයක්, 8GB RAM, 128GB අභ්‍යන්තර මතක ධාරිතාවක්, Android 16 මෙහෙයුම් පද්ධතියක් සහ 48MP කැමරාවක් සමග හඳුන්වා දී ඇත. අධ්‍යාපන ආයතන, පුහුණු මධ්‍යස්ථාන, රැස්වීම් ශාලා සහ ව්‍යාපාරික භාවිතය සඳහා නිර්මාණය කර ඇති මෙම Smart Board එක අන්තර්ක්‍රියාකාරී ඉගැන්වීම්, ඉදිරිපත් කිරීම් සහ ඩිජිටල් සන්නිවේදන කටයුතු සඳහා භාවිත කළ හැකිය.
STC General විදුලි හොට් වෝටර් ෂවර් පද්ධතිය 3.5kW සහ 4.5kW මාදිලි දෙකකින් වෙළෙඳපොළට හඳුන්වාදී තිබේ. අඩු ජල පීඩනයක් පවතින අවස්ථාවලදී භාවිතයට සුදුසු නිහඬ DC booster pump එකක්, LED උෂ්ණත්ව දර්ශකයක්, Earth Leakage Circuit Breaker (ELCB), manual reset thermostat උපාංගයකින් සහ IPX4 splash-proof ආවරණයක් එහි අන්තර්ගතය.
මෙම අවස්ථාවේදී STC සමඟ දිගුකාලීන ව්‍යාපාරික සබඳතා පවත්වාගෙන ගිය ආයතන අගයමින් සම්මාන ප්‍රදානයක්ද සිදු කෙරිණි. ඒ අනුව ආයතනික පාරිභෝගිකයන් සඳහා සම්මාන 36ක් ප්‍රදානය කළ අතර, ඒ අතර Appreciation and Recognition සම්මාන 8ක්, Overall Best Performer සම්මාන 10ක්, Long Service සම්මාන 10ක් සහ Zonal Sales Excellence සම්මාන 8ක් ඇතුළත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd