භානුක අමරසිංහ
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් ට්‍රාන්ස් ඒෂියා හොටේල්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස නයන මාවිල්මඩ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව සැප්තැම්බර් 08 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ.
සිනමන් ලේක්සයිඩ් හෝටලය එම සමාගම යටතේ ක්‍රියාත්මක වෙයි. මාවිල්මඩ මහතා සතුව රටවල් 15 කට අධික සංඛ්‍යාවක් පුරා සැලසුම්කරණය, පහසුකම් සැපයීම සහ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සහ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් සහිත බව එම සමාගම පවසයි. අද වනවිට ඒ මහතා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ලෙෂර් සහ දේපළ කර්මාන්ත සමූහයන්හි සභාපතිවරයාද වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd