තිස් අවුරුදු යුද්ධයේ අවසන් සටනේදී යුද හමුදාවෙන් මැරුම් කෑ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සැඟැවී සිටි මුලතිවු නන්දිකඩාල් කළපුවේ යුද හමුදා හෝටලයක් ඉදි කැර ඇත.
‘කලපු තෙර‘ නම් මේ හෝටලය යුද හමුදා සෙබළුන් අතින් නිමැවී ඇත්තේ තනිකරම තේක්ක දැවයෙනි.
අට දෙනකුට නවාතැන් ගත හැකි මෙහි ගාස්තුව රැයකට රුපියල් පහළොස් දහසකි.
යුද හමුදා විරුවන්, කොටි සටන්කරුවන් හා සාමාන්‍ය වැසියන් දිවි පිදූ මේ බිමේ කොටි නටබුන් තවම ඇත. මෙහි නවාතැන් ගන්නා අයට කොටි සංවිධානය බලෙන් අල්ලාගත් පාරා නැව, ප්‍රභාකරන්ගේ පිහිනුම් තටාකය, මුහුදු කොටි නායක සොසෙයි සුසෙයිගේ නිවෙස, කොටි අවි, කොටි නායකයාගේ පලතුරු වත්ත, කොටි නායකයා හමුදාව අතින් මැරුම් කෑ නන්දිකඩාල් කලපුව, කොටි දිය අගල් ඇතුළු කොටි බිම නටබුන් දැකගත හැකියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා අපිට යන්න බැරි උනත් ගොඩක් සතුටුයි !(නු)
නියමයි රණවිරුවානෙනි.. මම රණවිරුවන්ගෙන් ඉල්පු දේ අද සැබෑ වෙලා ඔබලාට ජය වේවා..! (නු)
දුටු ගැමුණු රජතුමන් අවසන් සටන තිබුණ තැන පූජනීය භූමියක් කළා වස් දොස් යන්න... ඒත් අද මේක කෝලම් මඩුවක් කරලා ඉතිහාසය වලපල්ලට යවන්නේ කොහොමද? තව අවුරුදු කිහිපයක් යනකොට මෙතන යුද්ධයක් කලා කියලා දැන ගන්නෙ.. කෝ රටේ මිනිසුන්ගේ අභිමානය.. බලන්න රැවන් වැලි මහා සෑය දිහා.. ඒක ඇතුලෙ එලාර රජ තුමා සහ දුටුගැමුණු රජතුමා දෙදෙනාම එකිනෙකා දිහා බලාගෙන ඉන්න විදියට අබලා තියෙනවා.. හරියට ඒක දැක්කමා අපිත් ඒ යුගයට ඇදිලා යනවා.. පුදුම හැගීමක් ඇතිවෙන්නෙ..(නු)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. තනිකරමම තේක්ක දැවයෙන්ද හදලා තියෙන්නේ? (නි)
ආරක්ෂාව පැත්තෙන් නම් හොදයි. හැබැයි ගණන තමයි ටිකක් වැඩි. (නි)
නිමල් මමත් ඔයත් එක්ක එකඟයි . රණවිරුවන්ගේ අභිමාණය රැක ගත යුතුයි (ස)
මේක වැරදියි නම් , හිට්ලර් මියගිය බර්ලින් නගරයේ අද හෝටල් කීයක් නම් තියෙනවද? (නි)
ලෝකෙටම ආදර්ශමත් වැඩක් (දී)
ගාණ වැඩියි නේ (ස)
මෙම ප්‍රදේශයේ යුද්ධයෙන් අවතැන් වූ අහිංසක ජනතාවට ගෙවල් ටිකකුත් හදලා දුන්නා නම් තමයි හොද. (නි)
කාටද ආඩම්බර
මම කල්පනා කරන්නේ සල්ලි නැති මිනිස්සුන්ටත් මේ තැන්වල ඇවිත් සතුටු විය හැකිද කියායා (ස)
සුපිරි හෝටලයක් නේ. අයකිරීම් එහෙම කොහොමද ?? (ස)
අපේ කොල්ලන්ට ජයවේවා (දී)
ඇමි එකේ කොල්ලන්ගේ පවුල් වලට මේකෙ 50%ක ඩිස්කවුන්ට් එකක් දෙමු. (නි)
මම දන්නේ නැහැ මේ හොටෙල් එකෙන් මොනවද බලපොරොත්තු වෙන්නේ කියලා. (නි)
පාලිතගේ අදහසට මමත් කැමතියි. (නි)
නවාතැන් සංකීර්ණයක් හැදුවොත් හොදයි කියලයි මම නම් කියන්නේ. (නි)
තව හෝටල් ඇති කරන්න ලාංකික අපටත් යන්න පුළුවං සාමාන්‍ය අයකිරීමකට..!(නු)
අගනා වැඩක් . අතීත සිදුවීම් අඩංගු ඡායරූපාගාරයක් සාදා ප්‍රදර්ශනය කලොත් අගෙයි (ස)
ඉතාම හොද වැඩක්.. මේකට තමයි කියන්නේ දූවිලි මතින් නැගිටීම කියලා..!(නු)
අගනා වැඩක්... අතීත සිදුවීම් අඩංගු ඡායාරූප කලාගාරයක් හදා ප්‍රදර්ශණය කළොත් අගෙයි..(නු)
දැනටමත් ඔය හෝටලේ ඉඩකඩ නැතුවා ඇති. වෙන් කරලා අවසන් ඇති. (නි)
තවත් මේවා වැඩිදියුණුකර සාමාන්‍ය මිනිසුන්ටත් නවාතැන් ගැනීමට අවස්ථාව සලසාදෙන්න.(ස)
එදා කොහොමද තිබුනේ (දී)
අපේ රණවිරුවන්ට අපිට අභිමානයක් (දී)
රණවිරුවන්ට ජය වේවා (දී)
අපි නම දාමුද "හොටෙල් ටයිගර් බ්ලාස්ට්" කියලා. (නි)
ලෝකෙටම ආදර්ශයක් (දී)
කොයි දේ හැදුවත්, කවුරු හැදුවත්, සාමාන්‍ය මනුස්සයෙකුට තමන්ගේ පවුලේ අයත් එක්ක ගොඩවෙලා කාලා බීලා සතුටු වෙන්න බැරි නම් වැඩක් නැහැ. (නි)
නාරද, නම වගේම තමයි, අපිත් දවසක් ඉදලා එළියට යද්දී ගණන බැලුවහම අපිවත් බ්ලාස් වෙයිද දන්නෙ නැහැ. (නි)
අපේ වීරයින් විසින් මුදා ගත් ඒ භුමිය අද පේනවාද (දී)
සාමාන්‍ය ජනතාවට මෙම හෝටලයට යා හැකිද ? (ස)
අපේ හමුදා කොල්ලන්ට තමයි ස්තුතිය හිමි වෙන්න ඕනේ (දී)
අයියෝ සල්ලි! (නි)
ඔවු. ඒ ප්‍රදේශයේ ජන ජීවිතය ඇතුලු සියලු අංග නැවත ගොඩනැගීම අවශ්‍යයි. (නි)
ලෝකෙම දැන ගන්න ඕනේ අපේ කොල්ලන්ගේ වැඩ (දී)
ගොඩක් හොද වැඩක්. (නි)
නියමම නම තමයි ඒක. නියමයි. (නි)
හෝටලේට යන්න නම් ආසයි. ඒත් ඕකේ ප්‍රභාකරන්ගේ හොල්මන් තියෙයිද කියලා මට බයයි. (නි)
ඕක හදලා තියෙන්නේ අපි වෙනුවෙන්ද? අපේ මැති ඇමතිවරු වෙනුවෙන්ද? (නි)
නියමයි සන්තෝසයි
ඒක ඇත්ත ජීව. මේ වගෙගේ අරමුදල් යන්නෙ ආබාධිත වගේම නැතිවුණ රණවිරුවන්ගෙ පවුල් වලට. අනිත් ආයතන වගේ මේවගෙ හොරා කන්නෙ නැහැ. විනය පොඩ්ඩක් හෝ ඉතුරු වෙලා තියෙන්නෙ හමුදාවෙ සහ වෛද්‍යවරුන් අතර විතරයි. මේ අදහස් කියවනකොට මිනිස්සු මොනතරම් ගුණමකුද,කුහකද කියලා හිතෙනවා. (නි)
සාමය ඉතාමත් දුරින් තමයි ලංකාවට තවමත් තියෙන්නේ.. මම හිතන්නේ ඒක නොසැළකිළිමත් තීරණයක්.!(නු)
රණවිරු අභිමාණය සදාකල් දිනේවා (ස)
දන්නවනම් කියන්න 15000 ඒක් අයකුටද? එසේ නොවන්නේ නම් 15000 යනු ඒක් අයකුට 1875 කි. කෑම බීම සමඟ නම් ඒය සාදාරනයි. (ස)
අපේ හමුදාවේ කොල්ලන්ගේ වැඩ තමයි වැඩ (දී)
මෙම භූමිය සිංහලයන්ට ජය භූමියක් ලෙස දක්කත් දෙමළ අයට එහෙම නෙවෙයිනේ. ඇත්ත ඒකයි. ඒක නිසා අපි කළයුත්තේ මෙවැනි දේවල් නෙවෙයි ජාතීන් අතර සංහිදියාව ඇතිවෙන දේවල් (ස)
මෙවැනි අගනා දෙයක් වර්ණනා කරන්න බැරුව කුහක අදහස් දාන අයට අපට කියන්න තියෙන්නෙ මෙච්චරයි. යුධ ජය පෙනි පෙනීත් මෙවැන්නන් ඵය අවතක්සේරුවට ලක් කළා. නමුත් අපි අද යුද බිය නැති නිවහල් රටක් ඇති කළා. තව හදන්න හදන්න අපි පන්නරය ලබනවා. නියම සිංහලයන් අධමයන් නොවෙයි. (නි)
අපිත් කැමතියි ඔතන බලන්න .අපිටත් නවතින්න පුළුවන් ගානට විශ්‍රාම ශාලාවක් වත් ඔය කිට්ටුව හදා දෙන්න . (ස)
අගය කල යුතු වැඩක් ....මේ යුද්ධයේ ජය අනාගත පරපුරටත් දැන ගන්න ස්මාරකයකුත් හදනවානම් තමයි හොඳ ? (ස)
ඇත්තටම දාලා තියෙන අදහස් දිහා බලද්දී අපේ මිනිස්සු ගැන ඇතිවන්නේ දුකක්, කළකිරීමක්. (නි)
නියම තැනක්. (නි)
අපේ හමුදාවේ කොල්ලෝ තමයි මේ ලෝකේ ඉන්න හොදම හමුදාව, ඔප්පු කරලා තියෙනවා ඒ දේ (දී)
මේකට අපි අලුත් වචනයක් යෝජනා කරමු (ස)
ඉතාම හොදයි..!(නු)
කලපුවල හෝටල් හදන එකනම් නුවනට හුරු නෑ . පරිසරයත් රැකගෙන ඉදිරියට යන්නට ආශිර්වාද කරමු (ස)
තව ටිකක් ගාණ අඩු කරන්න පුළුවන්ද ? (ස)
අගය කළ යුතු දෙයක්... අපේ හමුදාව සැබෑම වීරයෝ.. අපේ ජනතාවට කන්න විතරයි.. ඕන හොදක් කරාම එක ගුණ කියන්න කැමති නැහැනේ.. ඒකනේ ප්‍රභාකරනුත් කිව්වෙ සිංහලයාට ඕනෙම දෙයක් සති කීපයයි කියලා..!(නු)
රංග - තේක්ක දැව තියෙන තැන්වලට හොල්මන් බයවෙනවා(නු)
සන්තෝසයි
අපිට ආඩම්බරයි මේවා දැක්කහම. (නි)
මෙවට යන්න වෙන්නේ තරු පංතියම තමයි(නු)
මේ වගේ අගනා වැඩකට අදහස් දානකොට උප්පත්ති නැකතත් බලපානවා. (නි)
මේකේ ආධායමට මොකද වෙන්නේ ? හමුදාවටද .....? (ස)
පාලිත, හීනෙන්වත් බයවෙලාද? (නි)
මට මේ හෝටලයේ දුරකතන අංකය ලබාගන්න ක්‍රමයක් නැද්ද? (නි)