|
අරුණි ලියනගුණවර්දන |
සෑම වසරකම නිදහස් දිනයට සමගාමිව මහජන බැංකුව ක්‍රියාත්මක කරන ‘නිදහසේ උපත’ වැඩසටහන මෙවරද ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇත. මේ යටතේ පෙබරවාරි 01 වැනි දින සිට 14 වැනි දින දක්වා දෙසතිය තුළ මෙරට උපත ලබන සෑම බිලිඳකු වෙනුවෙන්ම රු 2000/= ක් වටිනා ඉසුරු උදාන තිළිණ පතක් පිරිනැමේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු හා එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්දන මහත්මිය මෙසේ පැවසුවාය. ‘පුරා හැට හතර වසරකට අධික කාලයක් මුළුල්ලේ මෙරට ජනතාවට බැංකු හා මූල්‍ය පහසුකම් සමීප කළ මහජන බැංකුව, වයස අවුරුදු 5 දක්වා සිඟිත්තන් වෙනුවෙන්ම ඉසුරු උදාන ගිණුම 1998 වසරේදි හඳුන්වා දුන්නා. එමෙන්ම, දේශිය අභිමානය ජනිත කිරීමේ අරමුණ පෙරදැරිව මෙන්ම මූල්‍ය ස්ථාවරත්වයකින් සවිමත් වූ, සැබෑ නිදහසක් දරුවන්ට උරුම කරදීම සඳහා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඉතුරුම් සඳහා මවුපියන් තුළ කිසියම් ඉලක්කගත අරමුණක් ඇති කිරීම තේමා කරගනිමින් මහජන බැංකුව ‘නිදහසේ උපත’ වැඩපිළිවෙළ 2006 වසරේදි ආරම්භ කළා.
මේ යටතේ පෙබරවාරි 01 වැනි දින සිට 14 වැනි දින දක්වා කාලය තුළ මෙරට උපත ලබන සෑම බිලිඳකු වෙනුවෙන්ම රු 2000/= ක් වටිනා ඉසුරු උදාන සහතික පතක් ත්‍යාගයක් ලෙස පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා තිබෙනවා. ළඟම පිහිටි මහජන බැංකුවට දරුවාගේ උපත තහවුරු කරන ලියකියවිලි සහ මෙම තිළිණ පත ඉදිරිපත් කර දරුවා වෙනුවෙන් ඉසුරු උදාන ගිණුමක් විවෘත කර, මුදල් තැන්පත් කරමින් ඉදිරියට පවත්වාගෙන යා හැකියි. මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ, සෑම අවස්ථාවකම මහජන බැංකු කාර්ය මණ්ඩලය බිලිඳුන් උපන් රෝහල් වෙතම ගොස් මෙම තිළිණ එම දරුවන් වෙනුවෙන් ප‍්‍රදානය කිරීමයි.’
ඒ අනුව, මෙම වැඩසටහනෙහි ප්‍රධාන උත්සවයන් පෙබරවාරි 04 දින උදෑසන මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදි හා බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේදි පැවැත්වීමට නියමිතය. මීට අමතරව දිවයින පුරා රෝහල් රැසක නිදහසේ උපත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු සුදානම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd