නුගේගොඩ ව්‍යාපාරිකයන්ගේ හා වෘත්තිකයන්ගේ එකතුවේ තෙවැනි වාර්ෂික සම්මේලනය හා එහි නිල වෙබ් අඩවිය නෙපා ( www.nepa.lk) විවෘත කිරීම තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාව් හෝටලයේදී පැවැත්විණි.
ව්‍යාපාරිකයන්ගේ හා විවිධ වෘත්තීන් හි නියුතු වුවන්ගේ හා ප්‍රදේශයේ ජීවත් වන්නාවුන්ගේ පොදු අවශ්‍යතා වෙනුවෙන් නුගේගොඩ සිරි ධම්මාරාම විහාරාධිපති බෝගම්බර රතනජෝති හිමියන්ගේ මුලිකත්වයෙන් 2010 වර්ෂයේදී මෙම ව්‍යාපාරික එකතුව පිහිටැවිණි.
ව්‍යාපාරික එකතුව ආරම්භයේදී සිට එහි දියුණුව උදෙසා කැපවී සේවය කළ ව්‍යාපාරිකයන් හතර දෙනකු සදහා සම්මාන පිරීනැමීමක්ද එහිදි සිදු විය.
ව්‍යාපාරික එකතුවේ ගිහි අනුශාසක අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසුයේ වසර තුනක් වැනි කෙටි කාලයකදී සමාජීය,සංස්කෘතික, ආගමික සහයෝගීතාව ගොඩ නැංවීම සදහා විශාල දායකත්වයක් ලබා දී ඇති බවත් තමන් එය අගය කරන බවයි.
නුගේගොඩ සිරි ධම්මාරාම විහාරාධිපති බෝගම්බර රතනජෝති හිමියෝද අනුශාසනාවක් කළහ.
මහචාර්ය සුනිල් ආරියරත්න, විශාරද නන්දා මාලනී,සනත් නන්දසිරි,එඩ්වඩ් ජයකොඩ්,චරිතා ප්‍රියදර්ශනී පීරීස් ඇතුළු කලාකරුවෝ රැසක් ද නුගේගොඩ ව්‍යාපාරික ප්‍රජාව හා වෘත්තියවේදීහු රැසක් ද මේ අවස්තාවට එක් වුහ.
.gif)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පතමි. අපිටත් එකතු වෙන්න විදිහක් කියන්න. (ස)
විනේ කටින උන් තරහක් නොකියාම ... කනේ කොහොබ මිරිකනවා හැමදාම... ගුනේ රැකන් ඉන්නලු මළ හිමිගේම .... වනේ නැතුව උන් දුක දන්නේ කොහොම .... (නි)
මගේ පාසල් ජීවිතෙයේ සුන්දරම ස්ථානය නුගේගොඩ, අපි මොනතරම් නම් විනෝද උනාද??? (ස)
ගෙදර වගේ තියෙන නුගේගොඩ තවත් ලස්සන කරන්න ඔබලාට හැකි වේවා. (ස)
නුගේගොඩ කියන්නේ බොහොම වටිනාකමක් තියෙන නගරයක්.කොහොම වුනත් දවසකට 30000ක් විතර පාසල් දරුවන් ගැවසෙන, ප්‍රධාන රජයේ පාසල් හතක් ජාත්‍යන්තර පාසල් ගණනාවක් තියෙන නගරයක්.මේ නගරයේ අද වීදි ගණිකාවන් පිරිලා.බෝ ගස අසල, ඒ වගේම පොදු වෙළද පොල ලඟ, ග්ලිට්ස් එක ලඟ ප්‍රසිද්ධයි.මෙම ගණිකා ව්‍යාපාරය හරහා ගංජා වගේම මත් කුඩු පවා පාසල් දරුවන් අතරට යනවා.එම නිසා මෙම එකතුවෙන් අපි බලාපොරොත්තු වෙනවා ගරු නායක හාමුදුරුවෝ සහ මේ එකතුව මුල් වෙලා, මේ මහා ජාවරමෙන් නුගේගොඩ නගරයත්, මෙයට එන දරුවනුත් බේරාගනී කියා.ඔබේ සේවය එවිට මහා ජාතික මෙහෙවරක් වේවි.සුබ පතමි හදවතින්ම. (ස)
ඔව් කලුආරච්චි, මේකට නායකත්වය ගන්න පුලුවන් පිරිසක් මෙතන ඉන්නවා,කොහොම වුනත් පොලීසිය මේක දන්නවා. හොදටම,ත්‍රි වීල් හරහා තමයි මෙක වෙන්නේ. මේ පිරිස කඩිනමින් මේ වැඩේට අත ගහනවා නම් වටිනවා. නුගේගොඩ ඉන්න අපි හැමෝටම තියෙන ලොකුම විෂබීජයක් තමයි මේක. අපි නගරේ ඉන්න හැම දෙනාම ඔබත් සමග එක් වෙනවා මේකට නායකත්වය අරන් පාරට බහිනවා නම්. පොලීසිය රකින්නේ වීදි ගණිකාවන්, ගන්ජා කාරයන් නම්, ජනතාව ඔබව රකිනවා.පෙරමුණ ගන්නට දිරිය ශක්තිය පතමි. නැති නම් නිකන්ම නිකන් බෝඩ් ලැලි සමිතියක් වෙවි ඔබත්.(නදී)
කොහොම වුණත් සැවොම එකට එකතු වෙලා ඉන්න එක ලොකු දෙයක්. සමගිය බලය වේ.එකතු වෙලා නුගේගොඩ කුඩු කාරයන්ගෙන්, ගණිකාවන්ගෙන් විතරක් නෙමෙයි ගංජා වලිනුත් බේරා දෙන්න.ඔබට පුලුවන්. (නි)
ඇත්තටම මේ නගරයේ ඉන්න ගණිකාවන් ගැන ලොකු ලොක්කන්ගේ ඇස් ඇරෙන්න , හොද ලිපියක් ලියලා පළ කරන්නකෝ.(නදී)
සුබ පතමි.අපිටත් එකතු වෙන්න විදිහක් කියන්න. (ස)
සුබ පතමි. ඔබේ අනාගත ඉලක්ක ජය ගන්නට.ඉහත කතා වලට පොඩි දෙයක් එක් කරන්නම්,අපේ හාමුදුරුවරු ඉන්නවා හලාල් වලට පාරට බහින,ඒත් ඔය වගේ ගණිකාවො, ගංජා වලින් පන්ති වලට එන දරුවෝ බේර ගන්න පාරට බහින්නේ නැහැ.කොහොම වුනත් නුගේගොඩ විෂම දෙවල් සුද්ද කරන්න පෙරමුණ ගන්න.එයයි විය යුත්තේ. (ස)
සුරනිමල ,ලොකු ලොක්කන්ගේ කිවේ පොලිසියේ ද? එයලාගේ ඇස් නම් ඇරිලා තියෙන්නේ,ඉන්නේ පේන්නෙ නැහැ වගේ. කන පුපුරන්න එකක් දුන්න නම් හරි. කොහොම හරි හොද ලිපියක් දමන එක හොදයි.(නදී)
බලාගෙන ගියාම නුගේගොඩ ගණිකාවන්ගෙන් පිරිලානේ (අ)
කිසිවකුගේ අවධානයට ලක් නොවන නුගේගොඩ ස්ටැන්ලි තිලකරන්න මාවතේ සිට ජයන්ති ලේන් වෙත යන පටු පඩිපෙළත් හිස් බියර් කෑන් වලින් පිරිලා. රාත්‍රී කාලයේ දුරාචාරයට තෝතැන්නක් වෙලා. මේ දේවල් නුගේගොඩින් තුරන් වෙනව නම් ගොඩක් හොදයි.(දිල්)