
කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
ශ්‍රී ලංකාවේ ධීවරයන් වෙනුවෙන් පළමු වරට සංවිධානය කෙරුණු ධීවර ජංගම සේවයක් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව දොඩන්දූව ධීවර වරාය පරිශ්‍රයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ ධීවරයන්ගේ සුබසාධනය අරමුණු කරගෙන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද මේ ධීවර ජංගම සේවය ‘ධීවර සේවා සවිය’ නමින් නම් කර තිබිණ.
රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පනහකට අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන හරහා ධීවර ජනතාවට අත්‍යවශ්‍ය සේවා රැසක් කඩිනමින් ලබාදීමට පියවර ගෙන තිබුණු අතර, ඒ යටතේ නව යාත්‍රා ලියාපදිංචිය, ලියාපදිංචි තොරතුරු සංශෝධනය, යාත්‍රා බලපත්‍ර නිකුත් කිරීම හා අලුත් කිරීම මෙන්ම ධීවර පැමිණිලි හා ගැටලු බාරගෙන එසැණින් අදාළ අංශ වෙත යොමුකිරීම වැනි සේවා රැසක් එකම තැනකින්, ප්‍රමාදයකින් තොරව ඉටුකර දීමට මෙහිදී හැකිවීම විශේෂයෙන්ම කැපී පෙනිණි.
මේ ධීවර ජංගම සේවා වැඩසටහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන ධීවරයන්ට අවැසි සේවා සැපයීමට සහභාගි වී සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd