දේශීය නිශ්පාදකයන් දිරි ගැන්වීමේ අරමුණින් තෝරාගත් ක්ෂේත‍්‍ර කිහිපයකට විදෙස් ආයෝජන අවස්ථා ලබාදීම අත්හිටුවන බව රජය කියයි.
මේ ක්ෂේත‍්‍ර වන්නේ රූපලාවන්‍ය නිශ්පාදන”කුඩා පරිමාන වගා,වානේ හා සිමෙන්ති කර්මාන්ත යන ඒවාය.
කෙසේ වුවද රථවාහන එකළස් කිරීම,ඛනිජ තෙල් පිරිපහදුව,අපනයනය සදහා බෝට්ටු නිපදවීම ආදී ක්ෂේත‍්‍ර සදහා විදෙස් ආයෝජනයන් දිරි ගැන්වීමට රජය බලාපොරොත්තු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී-සිරි අනේ ඔයා කොහෙද ඉන්නේ?ලංකාව දාල යන්න එපා! ඔබවැනි අය ලංකාවේ අතලොස්සක් පමණි ඉන්නේ සීයට අනුවක්ම හිතන්නේ ඕකේ අනිත් පැත්ත.තිස් අවරුදු සාපෙට වඩා මේ අවරුදු හතරට මිනිස්සු රජයට කරන සාපෙ ඇති ලංකාව පිරිහෙන්න.'ස්තුති' (අ)
වැඩිම සැලකිල්ල දේශීය මත්පැන් නිෂ්පාදනයට දක්වනවා නම් හොදයි (නි)
සීනි ආනයනය කරන්න, වසරකට විදේශ විනිමය කොතරම් වැය කරනවාද?පරි භෝජනයෙන් මොනතරම් ලෙඩ්ඩු බෝ වෙනවාද? පොල්,තල්,කිතුල් ගසින්,පැණි ,හකුරු නිෂ්පාදනයට ,දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීම කඩිනමින් කල යුත්තක්!ගොවියාට ආධායමක් !රජයට සහනයක්! (අ)
රංජනී නංගීගේ අදහස හරි. අද රටේ දල ජාතික නිෂ්පාදනයට එකතු වෙන්නේ සුද්දෝ මෙරටට හඳුන්වා දුන්,තේ ,රබර්,කෝපි,ගම්මිරිස් කුළුබඩු වගාවන්. රට කෙසේ වෙතත්, එදිනෙදා වියදමට සරිලන කෙසෙල් ,පලතුරු, එලවළු වගාවක් , කිරි හරකෙක් දෙන්නෙක් ඇති කරනවාට වඩා , රේස් කොලය, කසිප්පු, ගංජා මිටිය , ඕපාදුප, හොරකම, අලසකම, විනා, කරන එකම දේ රජයට දොස් නගන එකයි.(නදී)
දේශීය නිෂ්පාදන හොඳ ලියුම්කවර හදන්න කියන්නකෝ. ඉස්සර සත 2 ගත්ත ලියුම් කවරයේ ගම් තිබෙනවා අලවන්න. දැන් සත 50 දීල ගන්න එන්විලොප් එක අලවන්න ගම් හොයාගෙන යන්න ඕනේ. මේ වගේ ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. දේශීය නිෂ්පාදන ගැන.(නදී)
රංජනී යෝර්ක් පැත්තේ තනිකරම ගවයෝ උනාට ලංකාවේ තනිකරම මීහරක්.(නදී)
ෂෙරිෆ්, දේශීය මත්පැන් නිෂ්පාදනයවත් හරියට කරන්න බැහැ. දැන් ඉස්සර රුපියල් 10ට ගත්ත පොල් අරක්කු පෙරුවේ පොල් රා වලින්. ඒවා හරිම සුවඳයි. දැන් රුපියල් 1030 දීලා ගන්න ගන්න පොල් අරක්කු හදන්නේ පිට රටින් ගෙනෙන ස්ප්‍රිතු වලින්. හැබැයි ඒවත් පොල් අරක්කුලු. (නි)
එලකිරි නිෂ්පාදනය කරන්න බැරිද? නිරෝගී දරු පරපුරක් හැදෙනවා, හරක් මැරීම අඩු වෙනවා,රැකියාවල් ලැබෙනවා. ලංකාව තරම් පිටි කිරි බොන රටක් තවත් නැහැ. ඒ මදිවට දාන සීනි? මෙහෙ නම් හැම කඩේකම ෆ්‍රෙෂ් මිලක්.යෝර්ක් පැත්තේ තනිකරම ගවයෝ.ලංකාවේ මෙහෙට වඩා ස්වභාවික සම්පත් තියෙනවා.සීතල,සුළග නොබලා වැඩ කරනවා. මෙහෙ මිනිස්සුන්ට ලංකාව තිබුනා නම් එංගලන්තෙට වඩා දියුණුයි මෙලහකට. (නි)