මහ බැංකුව පසුගිය වසරේදී බිලියන 2 ක ඇමෙරිකානු ඩොලර් දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් මිලදී අරන්
බාහිර ජංගම ගිණුමේ අඛණ්ඩව තෙවැනි වසරටත් අතිරික්තයක්
බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගිහින්. රාජ්‍ය අංශයට ලබාදුන් ණය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් පහළ ගිහින්
ආර්ථිකයට දායක වන සියලු අංශ ආවරණය වන පරිදි මෙරට වාණිජ බැංකු පසුගිය වසරේදී පෞද්ගලික අංශයට ණය දීලා
විමුක්ති එස් රුද්‍රිගු
මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා වූ ඉහළම දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය වසරේදී වාර්තා වී තිබෙන බවත් පසුගිය වසර අවසන් වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8 සීමාව පසුකර තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ(08) පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පසුගිය වසරේදී බිලියන 2 ක ඇමෙරිකානු ඩොලර් දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් මිලදී ගනු ලැබීම මෙලෙස දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8 සීමාව පසුකර යාමට විශාල සහායක් වූ බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
එසේම බාහිර ජංගම ගිණුම අඛණ්ඩව තෙවැනි වසරටත් අතිරික්තයක් වාර්තා කර තිබෙන බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේදී වෙළෙඳපොළ විසින් තීරණය කරනු ලබන විනිමය අනුපාතය අඩු අස්ථාවරත්වයකින් යුතු වූ බවද ඔහු පැවැසුවේය.
කෙසේ නමුත් ආපදා තත්වයට සූදානම් වීමට සහ දීර්ඝ කාලීනව ඔරොත්තු දීමේ හැකියාව ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව ලබාදිය යුතු බව මහ බැංකුව නැවත වරක් අවධාරණය කරන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙන බවත් බලපත්‍රලාභී වාණිජ බැංකු රාජ්‍ය අංශයට ලබාදුන් ණය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.
මෙරට ආර්ථිකයට දායක වන සියලු අංශ ආවරණය වන පරිදි මෙරට වාණිජ බැංකු පසුගිය වසරේදී පෞද්ගලික අංශයට ණය ලබාදී තිබෙන බවත් මෙරට ගෘහ අංශයට ලබාදී ඇති ණයද පසුගිය වසරේ සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. පෞද්ගලික අංශයට ලබාදුන් ණය සැලකිය යුතු ලෙස ඉහළ යාම පසුගිය වසරේදී ආර්ථික වර්ධනය වීමට තිබෙන හැකියාව ඉහළ නැංවීමට හේතුවක් වී තිබෙන බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.
මෙම වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයිද ඔහු පැවැසුවේය. එසේම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීම පිළිබඳවද ශ්‍රී ලංකා මහ බැංකුව මෙම වසරේදී අවධානය යොමු කරනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව මෙම වසරේදීත් මුදල් ප්‍රතිපත්ති තීරණය දත්ත මත පදනම්ව ගනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය. මහ බැංකුවේ දත්ත ආකෘති නිර්මාණය කිරීමේ සහ පුරෝකථන ධාරිතාව ශක්තිමත් කිරීමේ උත්සාහය මෙම වසරේදීද අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
නීතියෙන් නියම කර ඇති පරිදි, මෙම වසරේ උද්ධමන ඉලක්කය සම්බන්ධයෙන් රජය සමග ඇති කර ගත් ගිවිසුම මෙම වසරේදී සමාලෝචනය කරනු ඇතැයිද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS