දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතටපත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යාපාර වෙනුවෙන් තිරසාර සහ මූල්‍යමය වශයෙන් වගකිවයුතු මූල්‍ය යාන්ත්‍රණයක් සැලසුම් කිරීමට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ (UNCDF) විශේෂ තාක්ෂණික දූත පිරිසක් පසුගියදා මෙරට සංචාරයක නිරත වූ බව වාර්තා වෙයි.
පෙබරවාරි 16 සිට 20 දක්වා සිදු වුණු මෙම සංචාරය අතරවාරයේදී මෙම පිරිස පසුගියදා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී රජයේ පාර්ශ්වකරුවන් සමගින් සාකච්ඡා පවත්වා තිබේ. ඒ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA), කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED), කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා ජාතික ණය සුරැකුම් ආයතනය (NCGIL) නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටි බව සඳහන් වෙයි.
විශේෂයෙන්ම මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ගේ තිරසාර ආර්ථික අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් අතවශ්‍ය, අවදානම අවම කරගැනීමේ හැකියාව, ප්‍රකෘතිමත් වීමට ඇති හැකියාව මෙන්ම මූල්‍යමය සාක්ෂරතාව ලබාදීම වැනි වැදගත් කාරණා රැසක් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd