(සුමතිපාල දීයගහගේ)
කකුළුවන් සඳහා මේ දිනවල ඉහළ මිලක් පවතින බව දකුණේ ධීවර කාර්මිකයෝ පවසති.
මේ අනුව හොඳට වැඩුණු කකුළුවන් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 3,500 සිට 4000 දක්වා ඉහළ මිලකට අලෙවි කළ හැකි බවද ඔවුහු පවසති.
මෙම කකුළුවන් වෙනත් රටවලට අපනයන කරන නිසා මේ තත්වය උදාවී තිබේ.
මේ අතර කොග්ගල කලපුවේ කකුළුවන් මිලදී ගැනීම සඳහා සමාගම් කිහිපයක් දැනටමත් ඉදිරිපත්ව සිටියි. කොග්ගල කලපුවට අයත් දූවමලලගම තොටුපොළේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන කීපයක් ම පිහිටුවා ඇති බවද ධීවරයෝ කියති.
දකුණේ කකුළුවන් සඳහා සංචාරක හෝටල්වලින්ද ඉහළ ඉල්ලුමක් ඇති බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ආහාරයක් වෙන්න කකුළුවා තරම් දුක් විඳින වෙනත් ජීවියෙක් නෑ. වැඩි රසය සඳහා හෝටල්වල පණපිටින්ම හැලියට දාන්නේ... සංසාරේ ගැන කියවන මිනිස්සු මේ තාවකාලික රසයටත් ගිජුවෙලා.
අන් සතුන් විඳින දුකෙන් මිනිසුන්ට වැඩක් නැහැ. කවදා හෝ දිරාපත්ව වැනසෙන, මේ පංචස්කන්ධය ජීවත් වෙලා ඉන්නකම් ඇතිතරම් පිනවාගෙන, කවදාවත් තමන් මැරෙන්නේ නැහැ කියලා හිතන ආත්මාර්ථකාමි මිනිසුන් වෙසෙන ලෝකයකයි.. අපටත් වසන්නට වෙලා තිබෙන්නේ...
අන්සතුන් විඳින දුකෙන් මිනිසුන්ට වැඩක් නැහැ. කවදා හෝ දිරාපත්ව වැනසෙන, මේ පංචස්කන්ධය ජීවත් වෙලා ඉන්නකම් ඇතිතරම් පිනවාගෙන.., කවදාවත් තමන් මැරෙන්නේ නැහැ කියලා හිතන ආත්මාර්ථකාමී මිනිසුන් වෙසෙන ලෝකයකයි අපටත් වසන්නට වෙලා තිබෙන්නේ...