ලබන සතියේ තවත් ගූගල් ලූන් බැලූනයක් ශ්‍රී ලංකා ගුවනට යොමු කරන බව ශ්‍රී ලංකා තොරුතුරු තාක්ෂණ විද්‍යායතනයේ කළමනාකරු ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පවසයි.
මෙරට විවිධ ප්‍රදේශවල පවතින අන්තර්ජාල සංඥා නොමැතිවීම ආදී ගැටළුවලට බලපාන සාධක ගූගල් ලූන් බැලූන මගින් විසඳනු ඇතැයි ඔහු කියයි.
කඳුකරය ආශ්‍රිත ගම්මානවලට පවා තාක්ෂණික පහසුකම් සලසා ගැනීමට මෙයින් ඉඩකඩ ලැබෙන බවද ගූගල් ලූන් මධ්‍යස්ථානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිලේ දුන්නාම අනෙකුත් සමාගම් වැහිලා යාවි. ඊට පස්සේ එකම සමාගමකටම හුරුවුණ අයට කීය වුණත් ඒක ගන්න වෙනවා. නොමිලේ දෙනවා කියලා අපි වගේ රටවල් බොහෝවිට ආර්ථික දැල්වල පටලවන එක ගැනයි මම කිවුවේ. (නි)
අනේ ඇත්තමයි අපිට දැන් ඔය බැලුම විතරමයි අඩු. (ර)
හොදයි ඉතින් හොද දෙයක් වෙනවා නම්.(හේ)
රටේ ප්‍රශ්න නැතුවට දැන් අලුත් සෙල්ලමක්.(හේ)
බැලුමේ හුළං ගිය දවසට මොකද වෙන්නේ.(හේ)
හොඳයි ගමටත් තාක්ෂණය යනවා කියන්නේ.(හේ)
අවුරුදු කීයකටද මේ බැලුන් උඩ යවන්නේ.(හේ)
යහපාලන ආණ්ඩුවෙන් වෙනසක් වෙනවා කියලා දැන් පේනවා.(හේ)
දැන් ඔය වගේ බැලුන් කීයක් උඩ යවන්න හිතාගෙන ඉන්නවද?(හේ)
ඔය බැලුමේ ආයූ කාලය දින 100ක්ද කොහෙද නේද?(හේ)
අපේ ළමයි ටික තමයි ඉවර වෙන්නේ ඔය වගේ දේවල් වලින්.(හේ)
අනේ ඇත්තටම අපිට දැන් ඔය බැලුම විතරමයි අඩු (හේ)
සශික, දැනට දොම්පේ ග්‍රාමීය රෝහලේ ඖෂධ නිකුත් කිරීම පරිගණක ගත කරලා තියෙන්නේ. මේ කියන්නේ 2012 තත්ත්වය. අන්තර්ජාලය තුලින් ජාල ගත කලාම එක ඕනෙම තැනකින් පාවිච්චි කරන්න පුළුවන්. සුනිල් ගිකියනගේ, මේ සේවාව නොමිලේ ලබා දුන්නත්, සල්ලි ගෙවන්න වුනත් එකේ ගැටළුවක් නැ. මොකද අවශ්‍යතාවය තියන මනුස්සයා විතරයි සල්ලි ගෙවලා සේවාව භාවිත කරන්නේ. නොමිලේ දෙන සේවාවන් වලින් ඒ සමාගම් සල්ලි හොයන විදි තියෙනවා. ඒ තොරතුරු විකිණීමෙන්. උදාහරණයක් විදියට ෆේස්බුක් සල්ලි හොයන්නේ එහෙමයි. ඒ ගැන මේකේ ලියනවට වැඩා හොඳය ඔබ ඒ ගැන සොයා බලන්න. ඉගෙන ගන්න. කියවන්න. ලංකාව දකුණු ආසියවෙන්ම මුලින්ම අන්තර්ජාලය, ජංගම දුරකථනය හඳුන්වා දුන්න රට උනත්, තොරතුරු තාක්ෂණයේ ලොකු ප්‍රගතියක් ඇත කරගෙන නැහැ. (ඇතැම් සමාගම් වලට අමතරව) (ර)
ඇයි අර ගම්පොළට සාර්ථකව ගොඩ බෑපු බැලුමට මොකද උනේ..? ගන්න දෙයක් නැත්ද..? (ර)
අපි බලමු මේක කොහේටද කඩාවැටෙන්නේ කියලා (නි)
නියම කතාව ඇසළ (නි)
මේක විදේශ කුමන්ත්‍රණයක්. (නි)
ලංකාවේ මින්සුන්ට දැන් හැමදාම උඩ බලාගෙන ඉන්න වේලා නේද අනේ (බ)
බැලුම දිහා උඩ බලාගන ඉන්නකොට රටේ වෙන දේවල් නොපෙනෙන්නයි ඔය දේවල් කරන්නේ (නි)
ලංකාවේ අපි ඉතින් හැමදාම කරන්නෙ අනුන්ගේ බැලුන් උඩ අරිනවා බලන එකනෙ. ඒ මිනිස්සු බැලුන් යවලත් හම්බකරනවා. අපි උඩ බලාගෙන ඉන්නවා. (නි)
ලංකාවේ අපි ඉතිං හැමදාම කරන්නෙ අනුන්ගේ බැලුම් උඩ අරිනවා බලන එකනේ. (ම)
අපේ ඇමතිතුමා නම් කිව්වේ කලින් එක සාර්ථකව ගොඩ බැස්සුවා කියලා. එහෙනම් ඇයි තව එකක් එවන්නේ? (නි)
අපේ ඇමතිතුමා නම් කිව්වේ කලින් එක සාර්ථකව ගොඩ බැස්සුවා කියලා. එහෙනම් ඇයි තව එකක් එවන්නේ? (ර)
මුළු ලෝකයම ගූගල් මැප් පාවිච්චි කරන්නේ නොමිලයේ. වහලුන් බලා ඉන්නේ හැමදේම වරදිනතුරු හිනාවෙන්න (නි)
ඉන්දික, අපි මේ ලියන ඒවා දේශපාලඥයෝ කියවනවා නම්...? (නි)
ඒක කොයි පළාතටද ක්‍රමානුකුලව තාක්ෂණානුකූලව බස්සන්න හිතාගෙන ඉන්නේ? (නි)
හොඳ වැඩක් සාර්ථක වූවොත්.(හේ)
මෙය තනිකරම අපේ රටේ තොරතුරු හොරෙන් ගන්න ගහපු ගැටයක්. (හේ)
ඒක වැටෙන්නේ මහියංගනයට? (ර)
මත්වතුර දුන්නේ නිකන්. පොහොර දුන්නෙත් නිකන් ඒවාට පුරුදු වුනාම දැන් සල්ලි මදි ඒවාට වියදම් කරන්න. ගූගල් සමාගම අපිට නොමිලේ ඉන්ටර්නෙට් දෙන්නේ ඇයි. සංඥා ග්‍රහනය කරගැනීමට මොකක් හරි උපකරණයක් දාහස් ගාණක් දීලා ගන්න වෙයිද. එහෙම නැත්නම් අවුරුද්දකින් විතර අනෙක් සමාගම් වැහිලා ගියොත් ඊට පස්සේ විශාල ගානක් ගෙවන්න වෙයිද. මොකක් හරි ගිවිසුමක් තිබුණා නම් හොද නැද්ද නිකන් දෙන හැම දේම ගන්න පෙර (බ)
මත්වතුර දුන්නේ නිකන්. පොහොර දුන්නෙත් නිකන් ඒවාට පුරුදු වුනාම දැන් සල්ලි මදි ඒවාට වියදම් කරන්න. ගූගල් සමාගම අපිට නොමිලේ ඉන්ටර්නෙට් දෙන්නේ ඇයි. සංඥා ග්‍රනය කරගැනීමට මොකක් හරි උපකරණයක් දාහස් ගාණක් දීලා ගන්න වෙයිද. එහෙම නැත්නම් අවුරුද්දකින් විතර අනෙක් සමාගම් වැහිලා ගියොත් ඊට පස්සේ විශාල ගානක් ගෙවන්න වෙයිද. මොකක් හරි ගිවිසුමක් තිබුණා නම් හොද නැද්ද නිකන් දෙන හැම දේම ගන්න පෙර (බ)
මෙම බැලූන් වලට අමුණා ඇති උපකරණ මගින් 4ජී එල්ටීඊ නමැති අධිවේග රැහැන් රහිත දත්ත හුවමාරු කරන තාක්ෂණය හරහා සීමිත පිරිසකට අනතර්ජාල සේවා සැපයිය හැක. ලංකාවේ සාමාන්‍ය ජනතාවගෙන් කී දෙනෙකුට 4ජී තාක්ෂණය සහිත ජංගම උපකරණ තිබේද? එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම සඳහා පොරබදන ලාංකීය පොදු ජනතාවට මෙයින් ලැබෙන්නේ මොනවාද? මෙය ඔවුන්ගේ මූලික ප්‍රශ්න විසඳීමක්ද? (නි)
පරීක්ෂාව සාර්ථක වේවා! (නි)
පරීක්ෂණයක් (බ)
මේ පාර කඩාගෙන වැටෙන්නේ දියවන්නාවට, කියන බොරු වලට සහ ඉටුකරන්න බැරි පොරොන්දු වලට. (නි)
මත්වතුර පොහොර මුලින් දුන්නේ නෙමිලෙ. පස්සසේ අපිට ඒවා නැතුව බැරිවුනා. නොමිලේ දෙනවා කිවුවාට සංඥා ග්‍රහනය කරගන්න ගුගල් සමාගෙමේ උපකරණයක් ගන්න වෙයිද. අනෙක අවුරුද්දකින් විතර අධික මුදලක් අය කරයිද. ඇරඹිමට පෙර කොන්දේසි ඇතුළත් ගිවිසුමක් ඇති කරගත්තොත් නරක ද නොමිලේ දෙන පලියට ගැනීම නුවනට හුරුද (අ)
නොමිලේම හැමදෙයක්ම කරගන්න බැහැ. යම්කිසි දෙයක වටිනාකමක් නැතිකොට එහි අගයක්ද නැත (නි)
පහුගියදාක තේ වත්තකට ගොඩබැස්සවූ "ගූගල් ලුන් 1", අපේ රටේ අන්තර්ජාල සංඥා නොමැතිවීම ආදී ගැටළුවලට දුන් ප්‍රතිචාර මොනවාද කියා මහජනයාට දැන්වුවොත් නරකද? (නි)
බලන් ඉදිමු කුමක්ද සිදු වන්නේ කියා.(හේ)
ගිනි පෙලෙල්ලෙන් බැට කෑව මනුස්සය කනාමැදිරි එළියටත් බයයි කියනවනේ. ලංකාවේ අපි හැමදෙයක් ගැනම බලන්නේ එහෙමයි. ඉතින් අපි හැමදාමත් එකම තැන. (ම)
සමන්ත ඔය ඔය විදියට ලියන්නේ ඔයත් අන්තර් ජාලය සංගීතය ඇසීමටත් ෆේස්බුක් නැරඹීමටත් පමණක් පාවිච්චි කරන නිසා වෙන්න ඇති. අන්තර්ජාලය ගමට පැමිණීමෙන් ගම නගරයක් වන බව මතක තබා ගන්න. ලක් පොළොවට පය නොතබා විදෙස් රටක සිට ලක්බිමේ ව්‍යාපාර කටයුතු මෙහෙයවනවිමට මෙන්ම ලංකාවේ ඕනෑම අස්සක් මුල්ලක සිට ලෝකය හා සම්බන්ධවී සේවාවන්, වෙළඳාම්, අධ්‍යාපනය මෙන්ම වෛද්‍ය උපදෙස් පවා ලබාගැනීමට මින් හැකිවෙන බව නොදන්නවා ඇති. එක විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ සේවය ග්‍රාමීය රෝහල් ගණනාවකට ලබාගැනීමට මෙම පහසුකම ඉවහල් වෙනවා. අද නගරයට හෝ රජයේ ආයතනවලට ගොස් රස්තියාදුවන බොහොමයක් සේවාවන් නිවසේ සිටම කරගැනීමට හැකි වෙනවා. (බ)
අපිට උවමනායි නිවැරදි වාර්තාවක්. ඒ වගේම හරීන් ඇමැතිවරයා මේ බැලුනයේ යා යුතුයි (බ)
ලලිත්, ඔබගේ අදහස ඉතා වටිනවා. නමුත් ළිං මැඩියන්ට එයින් පිටත ලෝකය ගෑන විස්තර කරන්න උත්සාහ කිරීමෙන් කිසිදු පලක් නොමැත. මෙතන අදහස් දාන ගොඩක් අය හිතාගෙන ඉන්නෙ ඉන්ටනෙට් තියෙන්නෙ මල් කඩන්නයි, වෙන වෙන දේවල් බලන්නයි, ෆේස් බුක් වලටයි විතරයි කියලා. (නි)
සැමට අන්තර්ජාලය. (ර)
ලලිත්, ඔබගේ කොමෙන්ට් එක ඉතා වටිනවා. නමුත් ,ලින් මෑඩියන්ට , එයින් පිටත ලෝකය ගෑන විස්තර කරන්න උත්සාහ කිරීමෙන් කිසිදු පලක් නොමෑත. මෙතන කොමෙන්ට දාන ගොඩක් හිතාගෙන ඉන්නෙ ඉන්ටනෙට් තීයෙන්නෙ මල් කඩන්නයි, නිල් වීඩියෝ බලන්නයි, ෆේස් බුක් වලටයි විතරයි කියලා. (ර)
එත් ලලිත් තියන ප්‍රශ්නය තමයි , ග්‍රාමීය රෝහල් වල තියා ජාතික රෝහල් වලවත් පරිගණක පහසුකම නොතිබෙන එක , තාම රෝගීන් ඇතුලත් කරන්නෙත් පොත් වල ලියලියා තුන්ඩු ක්‍රමයට. පුද්ගලික අංශය සම්බන්ධව නම් ඒක හරි. (ර)
එහෙනම් ඉන්දියානුවන් ඉක්ටා යටතේ දැන්මම ලංකාවේ වැඩ පටන්ගෙනද? ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විද්‍යායතනය රජයේ ආයතනයක්ද? (නි)
කපිල ඩුබායි තිලක් ඩුබායි ගේ මල්ලි වගේ. ලංකාවට ඇවිත් බලනවා තියන සංවර්ධනේ දැන් දෝරේ ගලනවා.. පහුගිය කාලේ වගේ නෙමෙයි දැන් රට තිරසාර ආර්ථිකයකට කළුගල් වලින් අත්තිවාරම දානවා අවුරුදු එකහා මාරක් තිස්සේ. අාපු දාට බිත්ති බැද ගන්න පුළුවන්. (භ)
සශික, පරිඝනකයක් තිබු පමණින් එකෙන් ඔය කියූ දේවල් කරන්නට බැහැ. ඒ සඳහා පරිඝනක ජාලයක් තිබිය යුතුයි. විදේශීය රටවල එම සේවාවන් සඳහා දැනටමත් දත්ත ජාලයන් පිහිටුවා තිබෙන නමුත් ලංකාවේ එම දත්ත සහ තොරතුරු ජාලයන් ඇත්තේ ප්‍රාරම්භක අවදියෙයි. නිවසේ ඇති පරිඝනකයෙන්, ටැබලේට් එකෙන් හෝ දුරකතනයේ දත්ත පහසුකම් මගින් එම ජාලය හා සම්බන්ධ වීමෙනුයි ඔබ ඒ සේවාවන් ලබා ගන්නේ. මෙය එක දිනකින් කළහැකි කටයුත්තක් නොවෙයි. එහි මුලික අඩිතාලම තමයි රටපුර අධිවේගී අන්තර්ජාල පහසුකම් තිබීම. වැඩිකල් නොගොස් ජාතික දත්ත ජාලයකට සැම ග්‍රාමීය රෝහලකම රෝගීන් ඇතුළුවීම සටහන් තබන. (ර)
සශික, පරිගණකයක් තිබු පමණින් එ්කෙන් ඔය කියූ දේවල් කරන්නට බැහැ. ඒ සඳහා පරිගණක ජාලයක් තිබිය යුතුයි. විදේශීය රටවල එම සේවාවන් සඳහා දැනටමත් දත්ත ජාලයන් පිහිටුවා තිබෙන නමුත් ලංකාවේ එම දත්ත සහ තොරතුරු ජාලයන් ඇත්තේ ප්‍රාරම්භක අවදියෙයි. නිවසේ ඇති පරිගණනකයෙන් අන්තර්ජාලයේ ඇති ප්‍රයෝජනවත් දේ ගැන ජාතික සංවාදයකට මුල පිරිම ලංකාදීප පුවත්පතට කළහැකි මහඟු සමාජ සත්කාරයක්. (බ)