(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
ඉකුත් දෙසැම්බර් 31වැනිදාට පෙර තීරුබදු රහිත වාහන ලබාගත් පුද්ගලයන් සඳහා ලබන මැයි මස 1වැනිදාට පසු ණයවර ලිපි විවෘත කිරීමට අවස්ථාව ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද(05) පැවසීය.
රුපියලේ අගය සීඝ්‍රයෙන් අවප්‍රමාණයට වූ නිසා පසුගිය කාලයේ රථවාහන ආනයනය කිරීම සීමා කළද මේවනවිට එම සීමාවන් පියවරෙන් පියවර ඉවත් කරමින් සිටින බව කී ඇමතිවරයා ඕනෑම බලපත්‍ර හිමියකුට ජූනි මස 1වැනිදාට පසු ණයවර ලිපි විවෘත කළ හැකි බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමා තීරණයක් අරගෙන තිබුන මුළු ජීවිත කාලයටම පර්මිට් දෙන්නේ දෙකයි කියල. පර්මිට් දෙකම මිලියන් ගණන්වලට විකුණලා තුන්වෙනි හෝ හතරවෙනි පර්මිට් එකත් ගන්න කීදෙනෙක් වලිකනවද ?
රජයේ සේවකයන්ට සහ මන්ත්‍රීලට ජිවිත කාලෙටම පර්මිට් දෙකක දුන්නම හොඳටම ඇති , සාමාන්‍ය මිනිස්සු අවරුදු 20-30 පරණ වාහන පාවිච්ච් කරනකොට ජනතා සේවයට කැපවුන මිනිසුන්ට බැරි මොකද ?
තීරුබදු වාහන ගත්තාට කමක් නැත. අපේ ඉඩම් ලබාගෙන පාරවල් ලොකු කොරන්න ලැහැස්ති වෙන්න එපා. කාර් ගත්තාට අපේ ළමයින්ට තිබෙන පර්චස් 6 -9 පාරට බිලි දෙන්න අපි සූදානම් නැත. ඒකත් මතක තියා ගන්න.
හුරේ, පර්මිට් ගත්ත කට්ටිය ලක්ෂ 62 ටම පේන්න හොඳම වාහන අරගෙන යන්න. ජය වේවා.
මේ අපේ අගමැතිතුමාද?