IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තාරුණ්‍යයේ අනාගතය බලගන්වන්නට Youth Top40 Awards 2025 සමග සූර්යා අත්වැල් බැඳගනී

එළැඹෙන ජූනි මස 12 වැනිදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත Youth Top40 Awards 2025 සම්මාන උළෙල පිළිබඳව ප්‍රකාශයට පත් කරමින් New Generation Sri Lanka සංවිධානය සිය නිල දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව පසුගියදා කොළඹදී පැවැත්වීය. මෙම දැවැන්ත කර්ත්‍යවයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සූර්යා සන්නාමයේ මව් සමාගම වන SUN MATCH COMPANY (PVT) LTD ආයතනය විසින් දරනු ලබයි. 

මෙම සුවිශේෂී ඇගයීම් උළෙලේ දී විවිධ ක්ෂේත්‍ර හරහා තරුණ ශ්‍රී ලාංකිකයන්ගේ විවිධ දක්ෂතා කුසලතා හා නිර්මාණශීලීත්වය වැනි විවිධ විභවය හඳුනා ගනිමින් ඒ හරහා රටේ සංවර්ධනයට හා ප්‍රගතිය සඳහා වන දායකත්වය සලකා බලමින් ඔවුන්ගේ විශිෂ්ටත්වමයන් වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමීම සිදු කරනු ලබයි.

මෙම Youth Top40 Awards 2025 සම්මාන උළෙල තරුණ විශිෂ්ටත්වයේ හා නවෝත්පාදනයේ ජාතික සංකේතය ලෙස හඳුන්වා දීම යුක්ති සහගතය. මෙම සම්මාන උළෙල ආරම්භයේ සිට මේ දක්වාම යෝධ සෙවණැල්ල ලෙස සූර්යා සන්නාම කැපී පෙනෙන ජාතික කර්තව්‍යයකට උර දී සිටීම මෙරට තාරුණ්‍යයට ලැබුණු ආශිර්වාදයකි. මෙරට අස්සක් මුල්ලක් නෑර පාරිභෝගික විශ්වාසය දිනූ ආදරණීය දේශීය සන්නාමයක් වන සූර්යා සෑම නිවසකම දශක ගණනක් මුළුල්ලේ සිටි අඳුර දුරලන්නා විය, මගපෙන්වන ආලෝකය විය. 

මෙම වසරේ සම්මාන උළෙලට සමගාමීව ජයග්‍රාහී සම්මානලාභීන් හා සහයෝගීතා මුලපිරීමක් ලෙස නව බලපෑම් ඇතිකරන නව්‍ය මානයක් හඳුන්වා දෙමින් පෞරුෂ්‍ සංවර්ධනය හා මානසික යහපැවැත්ම යන අංශය පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන්ගේ අභියෝග ජය ගන්නට අවශ්‍ය මාර්ගෝපදේශය ලබාදීමත්, ඔවුන්ගේ ජීවන ඉලක්ක සතුටු සිතින් හා ගෞරවාන්විතව සාක්ෂාත් කර ගැනීමට අවැසි පරිසරය නිර්මාණය කර දීම මෙම නව මුලපිරීමේ මුඛ්‍ය අරමුණ ලෙස පෙන්වා දිය හැක.

New Generation Sri Lanka හි ශ්‍රී ලංකාවේ නිර්මාතෘ ආචාර්ය සුලෝචනා සිගේරා අදහස් දක්වමින් මෙසේ පැවසීය. Youth Top40 Awards 2025  සම්මාන උළෙල යනු හුදෙක් ඇගයීමකට වඩා පුළුල් අර්ථයෙන් ගත් විට එය අනාගත නායකයන් තැනීමේ වේදිකාවක්. 

අප මේ සමරන්නේ ඇගයීමට ලක්වූ පිළිගැනීම පමණක් නොව, චරිත ගොඩනැංවීම, කරුණාව, දයාව, හා ධෛර්යය වැනි සංවේදන මෙන්ම අපගේ තාරුණ්‍යයට දේශීය වටිනාකම්වලින් පිරිපුන් ගෝලීය දැක්මක් සහිත ඉලක්කයක් මෙන්ම නොසංසිඳෙන ආශ්වාදය මෙම සම්මානයට නියම අරුතක් ලබා දෙයි.

SUN MATCH COMPANY (PVT) LTD ආයතනයේ අධ්‍යක්ෂිකා සහ තාරුණ්‍යය බලගැන්වීමේ උපදේශකවරියක් වන ගෞරී රාජන් අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. “සූර්යා බලාපොරොත්තුවේ ශක්තිය දැල්වීම විශ්වාස කරයි. මෙම Youth Top40 Awards 2025 සම්මාන උළෙල සඳහා අප නිබඳවම සහාය දෙන්නට පෙළඹී ඇත්තේ නවෝත්පාදනය, ඔරොත්තු දීමේ ශක්තිය හා කරුණාව හා දයා ගුණයෙන් යුත් ඊළඟ පරම්පරාව තැනීමේ සුවිශේෂී කාර්යභාරයයි. එය අප විසින් කොන්දේසි විරහිතව අනාගත තාරුණ්‍යය ගොඩනැංවීම සඳහා සිදු කරන ආයෝජනයක් හැටියටයි මා දකින්නේ.”

සූර්යා සන්නාම තානාපතිනිය වන යශෝධා විමලධර්ම මෙනෙවිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. “ගෘහස්ථ නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් තාරුණ්‍යය බලගැන්වීමට හැකිවීම පිළිබඳව සූර්යා ආඩම්බරයට පත් වෙනවා. මන්ද යත් අපගේ අනාගත ලෝකයේ ආලෝකය දැල්වීමේ පුළිගු තිබෙන්නේ මෙම තාරුණ්‍යය සතුවයි. තම පවුලේ සුබසිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් පහනක් දල්වා ප්‍රාර්ථනා සිදු කරන මවකට තම තරුණ දරුවා ශ්‍රී ලංකාවේ Youth Top40 Awards 2025 සම්මානය ලබාගන්න ආකාරය දැක නිහතමානීව ආඩම්බර විය හැකියි. ඒ ආඩම්බරය ඇයගේ විශ්වාසනීය සන්නාමය වන සූර්යා හරහා ලැබෙන ගෞරවනීය සම්මානයයි.”

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය පීඨයේ, අලෙවිකරණ අංශයේ අංශාධිපති හා මෙම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩල සභාපති මහාචාර්ය රවී දිසානායක මහතා අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. “මෙම ඇගයීමේදි කැපී පෙනෙන්නේ එහි ස්ථාවරභාවය හා තාරුණ්‍යයේ පිළිගැනීම සඳහා වන සාකල්‍ය ප්‍රවේශයයි. අප විසින් ඔවුන්ගේ සාර්ථකත්වයට දිරියක් දෙන අතරම, ඔවුන්ගේ අව්‍යාජත්වයට, සාමාජීය වටිනාකමක් ලබා දී ඔවුන්ගේ පුද්ගල සංවර්ධන දිරිමත් කරන්නෙමු.”

New Generation Sri Lanka හි සභාපති වෛද්‍ය දිල්මික ශ්‍රීමාල් අවධාරණය කළේ “තරුණ ප්‍රජාව සාමාජීය, ආර්ථික හා මානසික අභියෝග රැසකට මුහුණ දී සිටින වකවානුවක මෙම සම්මානය ඔවුන්ට ප්‍රදීපස්ථම්භයක් වන බවයි. එය විවිධ අංශ හරහා විවිධ දෘෂ්ටිවාද ඔස්සේ තරුණ මනස අභිප්‍රේරණය කරයි. විසල් මාවතකට ඔවුන්ව ගෙන යනු ඇති,” බවයි.



අදහස් (0)

තාරුණ්‍යයේ අනාගතය බලගන්වන්නට Youth Top40 Awards 2025 සමග සූර්යා අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site