IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තරුණ ශ්‍රී ලාංකිකයෝ තිදෙනක් Forbes 30 Under 30 Asia 2025 ලැයිස්තුවට

භානුක අමරසිංහ 


ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරාවක් වන Forbes සඟරාව මගින් වාර්ෂිකව ඉදිරිපත් කරන Forbes 30 Under 30 පිළිගැනීම යටතේ ආසියානු කලාපය සඳහා ඉදිරිපත් කළ Forbes 30 Under 30 Asia 2025  ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනෙක් සමත්ව සිටිති. 
ආසියා -පැසිපික් කලාපය තුළ අවුරුදු 30ට අඩු වයසේදී විවිධ අංශ තුළ දක්ෂතා දැක්වූ 300 දෙනකු ඇගයීම වෙනුවෙන් මෙම ලැයිස්තුව සකස් කරයි. 
ඒ අනුව Forbes 30 Under 30 Asia 2025 හි සමාජමාධ්‍ය, අලෙවිකරණය සහ දැන්වීම්කරණ අංශය යටතේ නිකින් මාතරආරච්චි නම් කෙරී තිබේ. ඔහු Synapse AI Labs හි නිර්මාතෘවරයා වෙයි. ඉන් නිර්මාණය කළ Kommon Poll  වැඩසටහන කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු සමාජ ඇහුම්කම්දීමේ ටූලයකි. 
එසේම සිල්ලර සහ ඉ-වාණිජ අංශය යටතේ යානිකා අමරසේකර - සියගුණ නම් කෙරී තිබේ. ඇය ශ්‍රී ලංකාවේ විවාහ මංගල්‍යය අවස්ථා හා සම්බන්ධ පළමු අන්තර්ජාල ඉ-වාණිජ වේදිකාව වන Silver Aisle හි නිර්මාතෘවරයයි. ඇය මේ වනවිට එල්බී ෆිනෑන්ස් සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරියකද වෙයි. ඇය සම්පත් බැංකුවේ හිටපු සභාපතිවරයකු වන හර්ෂ අමරසේකර මහතාගේ දියණියයි. 
මීට අමතරව කලා සහ විලාසිතා, ආහාර සහ පාන අංශය යටතේ චරිත් එන් සිල්වා නම් කෙරී තිබේ. සුප්‍රසිද්ධ ඉවුම්පිහුම් යූටියුබ් නාලිකාවක් වන Wild Cookbook හි නිර්මාතෘවරයා වෙයි. එම නාලිකාව සතුව අද වනවිට මිලියන 10කට අධික සබ්ස්ක්‍රයිබර්වරුන් ගණනක් සිටියි. එසේම ඔහු පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී Wildish නමින් තමන්ගේම ආපනශාලාවක්ද විවෘත කිරිමට සමත් විය. 



අදහස් (1)

තරුණ ශ්‍රී ලාංකිකයෝ තිදෙනක් Forbes 30 Under 30 Asia 2025 ලැයිස්තුවට

[email protected] Saturday, 17 May 2025 03:02 PM

නිකන් ඇරෙන්න... අනිත් දෙන්නා නම් කිසිම නිෂ්පාදනයක් නම් නැහැ. ෂෝ විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site