(මනෝජ් හර්ෂික)
එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයන් 715 දෙනෙකු සඳහා රුපියල් මිලියන 294ක ණය ප්‍රමාණයක් යටතේ අප්‍රේල් මාසය වනවිට ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
වැඩිම ව්‍යවසායක ණය ප්‍රමාණයක් සබරගමුව, බස්නාහිර, උතුර, දකුණ පළාත් සඳහා ද රත්නපුර දිස්ත්‍රික්කයට ද නිකුත් කර ඇති බවත් ණයලාභීන්ගෙන් 61%ක් කාන්තා ව්‍යවසායකයින් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
මේ අනුව වැඩිම ණයලාභීන් පිරිසක් නියෝජනය කරන වෘත්තීය ක්ෂේත්‍රය රූපලාවන්‍ය කේෂේත්‍රය ලෙස හඳුනාගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත වසර 03කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැළී සිටින සහ වසර 40කට නොවැඩි තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම් ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා ගත හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාල සඳහන් කරයි.
ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇතුළු දිවයිනේ සියලු ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලන්හි මැදිහත්වීම මත මෙම ණය යෝජනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තුරුණු දිරියෙන් 715කට මිලියන 294ක ණයක්
chandima Tuesday, 07 May 2019 02:29 AM
රටේ ජනතාවගෙන් 715 දෙනෙක් ණය කාරයෝ කරලා උදම් අනන හැටි?