(බිඟුන් මේනක ගමගේ)
ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින බවට ජනපති අපේක්ෂකයන් පොරොන්දු දීමෙන් ණය හිමියන් ණය නොගෙවීම නිසා මූල්‍ය සමාගම් රැසක් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි මූල්‍ය සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සිය ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම පොරොන්දුවක් හැටියට ඇතුළත් කර තිබුණේ යැයිද මේ නිසා ණය ගෙවීමට හැකියාව ඇති ගනුදෙනුකරුවන් පවා ඒවා පැහැර හරින තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද මූල්‍ය සමාගමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් 'ලංකාදීප' යට පැවැසීය.
ජනාධිපතිවරණය සමග නොවැම්බර් මාසයේ ණය වාරික නොගෙවීම ප්‍රවණතාවයක් ලෙස ඉහළ ගොස් ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
රජය මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වීමක් නොකළහොත් මූල්‍ය සමාගම් විශාල අර්බුදයකට පත්වනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් පරිදිම ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම සිදුවන්නේ යැයි ද, ඊට අවශ්‍ය වාර්තා සකසමින් ඇතැයි ද සංවර්ධන බැංකු හා ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ධුරයේ වැඩ බාරගනිමින් පසුගිය 2 වැනිදා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් මේ අය. ! ඉක්මනට සහනයක් සලසා දෙන්නම ඕනේ. ඔය මිනිස්සු ලග සල්ලි තියාගෙන බොරුමයි කරන්නේ. ඒ අයව පුලුවන් ඉක්මනට උසාවි දාලා හිරේ යවන්නම ඕනේ. ගෙවල් දොරවල් විකුණලා දම්මලා හරි මෙයාලගෙ සල්ලි දෙන්න ඕනෙ. පව්නෙ නැත්නම්.. මහ බැංකුවක් කියලා එකක් තියෙන්නෙ පාන් පුච්චන්න නෙමෙයිනේ. වෙන්න තියෙන ඔක්කොම වෙලා මිනිස්සුන්ට ඇපත් නැති උනාම ඒකෙ වාසියත් ඡන්දෙට ගන්න බොරු පොරොන්දු දීලා දැන් ගල් බිල්ලො වගේ ඉන්නවා. හිටිය සහ දැන් ඉන්න දෙගොල්ලම කරන්නේ ඒකයි. ණය ගන්න අයටත් වගකීමක් තියෙනවා ගන්න කලින් හොයලා බලන්න.