IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඩොලරයට සාපේක්ෂව රුපියලේ සුළු වර්ධනයක්

(හර්ෂණ තුෂාර සිල්වා)

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල අගෝස්තු මස 09 වැනිදාට පසු අද (7) ඉතා සුළු වර්ධනයක් පෙන්නුම් කළේය. 

ශ්‍රී ලංකා මහ බැංකුව අද(07) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 163.25ක් දක්වා පහත වැටිණි.  ඊයේ (6) මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වාර්තා කරමින් රුපියලේ අගය 163.57ක් දක්වා පහත වැටිණි. 

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 163.25ක් ලෙසත් ගැනුම් මිල 159.88 ලෙසත් සටහන්ව තිබිණි. 

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (6) නිකුත් කළ විනිමය අනුපාත අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල 163.57ක් දක්වා ඉහළ ගිය අතර ගැනුම් මිල 160.37ක් ලෙස සටහන් වී තිබිණි.

බලපත්‍ර ලාභී වාණිජ බැංකු අද (7) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එම බැංකුවලද රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් අගය පසුගිය දිනවලට වඩා අඩු අගයක් පෙන්නුම් කරන ලදි. 

මේ අනුව  රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය කොමර්ෂල් බැංකුවේ 163.90ක් ලෙසත්, මහජන බැංකුවේ 164.38ක් ලෙසත්, සම්පත් බැංකුවේ 163.50ක් ලෙසත් සටහන්ව තිබිණි. ලංකා බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 163.60ක් ලෙස දැක්විණි. 

කෙසේ නමුත් අසල්වැසි ඉන්දියාවේ රුපියල දිනෙන් දින අඛණ්ඩව වාර්තා ගත ලෙසින් පහළ යමින් තිබේ. ඉන්දීය රුපියල අද (7) තවදුරටත් අවප්‍රමාණය වූ අතර ඉන්දීය රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය වාර්තාගත ලෙස 72.04ක් දක්වා ඉහළ ගියේය. 



අදහස් (1)

ඩොලරයට සාපේක්ෂව රුපියලේ සුළු වර්ධනයක්

Bamunuarachchi Friday, 07 September 2018 03:02 PM

ඒ ඩොලරය ටිකක් පහතට ගිය නිසා. නැතුව රුපියල වර්ධනය වීමට හේතුවන කිසිම ආර්ථික වර්ධනයක් රටේ සිදු වුනේ නැත.

:       562       463

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 723 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17971 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 773 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site