IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඩයලොග්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව Youth Can දියත් කරයි

ශ්‍රී ලාංකික තාරුණ්‍යයට තම කුසලතා ඔප් නැංවීමට මඟ පෙන්වීම හා සහයෝගය ලබා දීම අරමුණකර ගනිමින්, අන්තර්ජාතික තරුණ දිනයට සමගාමීව ඩයලොග් ආසිආටා සමාගම තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමගින් එක්ව Youth Can වැඩසටහන පසුගිය දා දියත් කළේය.

මෙම වැඩසටන තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව සමගින් එක්ව, මිනිස් බල හා රැකියා දෙපාර්තමේන්තුවේ, කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව, සුවිශේෂී හැකියාවන් සහිත තරුණ තරුණියන්ට ඔවුන්ගේ කැමති ක්ෂේත්‍රවල ඉදිරියට යාමට අවශ්‍ය අවස්ථාව උදාකර දෙයි. ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අවස්ථාව උදා වේ.

මෙම තුන් අවුරුදු වැඩසටහන වයස අවුරුදු 14 ත් 35 ත් අතර වයස් සීමාවන් තුළ සිටින තරුණ තරුණියන්ගේ හැකියාවන් සහ දක්ෂතාව ක්‍රීඩා, නව ව්‍යාපාර අදහස්, ශිල්ප කලා, මෝස්‌තර නිර්මාණකරණය, සූපවේදය සහ කෙටි චිත්‍රපට යන අංශ 6ක් ඔස්සේ තරඟකාරීව එළිදැක්වීම කෙරෙහි අවධානය යොමු කෙරේ. තෝරාගත් අයදුම්කරුවන් සඳහා වැඩමුළු, අදාළ මෙවලම් හා පුහුණුව ලබා දී, දැනුමින් සහ හැකියාවන්ගෙන් බලගැන්වීමත් සිදුවනු ඇත. ජාතික තරුණ සේවා සභාව, මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුව, කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පත්කළ ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් තේරීම් කමිටුව සමන්විත වනු ඇති අතර, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ තේරීම් සිදුවනු ඇත. මේ පිළිබඳව වැඩි විස්තර ලබා ගැනීම සහ අයදුම්පත් යොමු කිරීම www.youthcan.lk කන වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ හැකිය.

 



අදහස් (0)

ඩයලොග්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව Youth Can දියත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1490 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1650 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 435 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site