
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, අධිවේගී අන්තර්ජාල පහසුකම් නව මානයකට රැගෙන යමින්, 5G eSIM මගින් භාවිත කළ හැකි, Wi-Fi 6 තාක්ෂණය රැගත්, 5G Ultra MiFi රවුටරය වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. මෙම නවතම උපාංගයෙන්, 5G ජාලය භාවිත කරන පාරිභෝගිකයන්ට මගතොටේදී වුවත්, අන්තර්ජාල සම්බන්ධතාව වෙත සැණෙකින් පිවිස, විශ්වසනීය, අධිවේගී අත්දැකීමක් ලබාගත හැක.
ඒ, දැනටමත් දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරාම, සජීවී 5G ආවරණ කලාප 1,000 කට වැඩි සංඛ්‍යාවක් පුරා වේගවත්ව විහිදුණු, ශ්‍රී ලංකාවේ විශාලතම, අධිවේගී 5G ජාලයේ අසමසම අත්දැකීම මේ හරහා අත්විඳිය හැකි බැවිනි. මෙම නවතම උපාංගය පිරිනමන ඩයලොග්, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් මීළඟ පරම්පරාවේ විශ්වසනීය අන්තර්ජාල අත්දැකීම වෙත රැගෙන යාමේ සිය මෙහෙවරද ශක්තිමත් කරයි.
කොතැනක හෝ සිට තම කාර්යාල කටයුතු, ඉගෙනුම් හා ව්‍යාපාර කටයුතු කිරීමට කැමැති වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, සිසුන්, සංචාරකයන් සඳහා මෙන්ම, පොදුවේ ශ්‍රී ලාංකීය පවුල් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති මෙම Dialog 5G Ultra MiFi, පාරිභෝගිකයන්ට තමන් සිටින ඕනෑම තැනක සිට, On කළ සැණෙන්, වේගවත් අන්තර්ජාල සම්බන්ධතාව ලබාගත හැකි උපාංගයකි. පාරිභෝගිකයන්ගේ දුරස්ථ වැඩ කටයුතු, ව්‍යාපාරික ගමන් බිමන් සහ තාවකාලික කාර්යාල පරිශ්‍ර සඳහා මෙන්ම, අමතර අන්තර්ජාල සම්බන්ධතාවක් ලෙසින් භාවිත කිරීමටද මනාව ගැලපෙන මෙම උපාංගයෙන්, සාම්ප්‍රදායික බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබාගත නොහැකි දුර බැහැර පාරිභෝගිකයන්ද අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාව වෙත එක් කරයි.
දකුණු ආසියාවේ ප්‍රථම 5G Ultra eSIM MiFi, Dialog 5G Ultra සහ 4G යන ජාල දෙක තුළම භාවිත කළ හැකි උසස් Wi-Fi 6 තාක්ෂණයෙන් සමන්විත උපාංගයකි.
එකවර උපාංග 16ක් දක්වා ඊට සම්බන්ධ කළ හැකි අතර, විදුලියට සම්බන්ධ කිරීමෙන් තොරව අඛණ්ඩව පැය 16ක කාලයක් දක්වා භාවිත කළ හැකි 5000mAh බැටරිය, පාරිභෝගිකයන්ට වඩාත් පහසුවකි. මෙම උපාංගය, Type-C USB කේබලයකින් සම්බන්ධ කිරීමෙන් පසු, ලැප්ටොප්, ටැබ් සහ ස්මාර්ට් ෆෝන් වැනි Wi-Fi පහසුකම් ඇති ඕනෑම උපාංගයක් සමග පහසුවෙන් භාවිත කළ හැකිවීමද විශේෂත්වයකි.
ශ්‍රී ලාංකීක පාරිභෝගිකයන් වෙත eSIM One Number සහ eSIM Quick Transfer වැනි සේවා හඳුන්වා දෙමින්, මෙරට ප්‍රමුඛතම eSIM නවෝත්පාදකයා ලෙස ඩයලොග් අත්පත් කරගත් නාමය තවත් ශක්තිමත් කරන මෙම නවතම හඳුන්වාදීමත් සමග, එම eSIM විසඳුම්වල සාර්ථකත්වය පදනම් කරගනිමින්, මෙරට පාරිභෝගිකයන්ට වඩාත් සරල හා පහසු, ස්මාර්ට් ඩිජිටල් අත්දැකීම් පිරිනැමීම උදෙසා අඛණ්ඩව කටයුතු කරයි.
මෙම නවතම හඳුන්වාදීම සම්බන්ධයෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි, සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී, ලිම් ලී සාන් මහත්මිය මෙලෙස අදහස් දැක්වූවාය. “සම්බන්ධතා කියන්නේ, මිනිසුන්ගේ අවශ්‍යතාවලට අනුව වෙනස් විය යුතු දෙයක්. පාරිභෝගිකයන්, දුරස්ථව රැකියා කටයුතු කළත්, සංචාරවල නිරත වුණත්, එකිනෙකට සම්බන්ධ උපාංග ගණනාවකින් වැඩ කටයුතු කළත්, ඔවුන් අපේක්ෂා කරන්නේ, වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවක්.
අපගේ 5G ජාලය පුළුල් කරන අතරම, එම සම්බන්ධතාවේ සම්පූර්ණ වාසි පාරිභෝගිකයන්ට අත්විඳිය හැකි පරිදි, අපගේ උපාංග පද්ධතියත් පුළුල් කරමින්, දකුණු ආසියාවේ ප්‍රථම 5G Ultra eSIM MiFi උපාංගය මෙලෙස හඳුන්වාදීම, නවතම සම්බන්ධතා සියලු ශ්‍රී ලංකිකයන්ට වඩාත් සමීප කිරීමේත්, පහසු කිරීමේත් තවත් පියවරක්.”
Dialog Ultra 1495, 1895, 2595, 2995 සහ 3999 ඇතුළු Dialog Ultra plans පැකේජ මාලාව සමගින්, Dialog 5G Ultra පාරිභෝගිකයන්ට අධිවේගී සම්බන්ධතාවක් අඛණ්ඩව ලබා ගැනීමට ඉඩකඩ සලසන මෙම Dialog 5G Ultra MiFi උපාංගයෙන්, ඕනෑම තැනක සිට අඛණ්ඩ අන්තර්ජාල සම්බන්ධතාව වෙත 4G සම්බන්ධතාව ඔස්සේද එක්විය හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd