IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩයලොග් Diriya.lk වෙතින් ව්‍යවසායකයන්ට දැනුම

ශ්‍රී ලාංකේය ජන ජීවිත සහ ව්‍යාපාර දිරිගන්වමින් සවිබල ගැන්වීමේ සිය දැක්මට අනුව යමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් භාෂා ත්‍රිත්වයෙන්ම නොමිලේ ව්‍යාපාරික දැනුම ලබාදෙන http://www.diriya.lk වෙබ් අවකාෂය හඳුන්වා දෙන ලදී. මෙම වෙබ් අඩවිය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (ලෝක බැංකු සමූහයේ සාමාජික) සහ පිළිගත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා විසින් බලගන්වනු ලබන http://www.diriya.lk වෙබ් අවකාෂය, ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරයේ සංවර්ධනයට අවශ්‍ය ව්‍යාපාරික දැනුම, අවබෝධය, විශේෂඥ උපදෙස්, ක්ෂණිකව බාගත කළ හැකි අන්තර්ගතයන් සහ ව්‍යාපාරික සබඳතා ජාලයක් ගොඩනගා ගැනීමට උපකාරී වන පහසුකම්වලින් සමන්විත වේ. සිය ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස ආරම්භ කිරීමට සහ කළමනාකරණය කිරීමට අවශ්‍ය කරන ව්‍යාපාර කළමනාකරණ අවබෝධය සහ දැනුම ලබාදීම හරහා අතිශය තරගකාරී වර්තමාන ව්‍යාපාරික ලෝකයේ අභියෝගවලට මුහුණ දීම සඳහා ව්‍යවසායකයන් අභිප්‍රේරණය කිරීම සහ බලගැන්වීම, මෙම වෙබ් අඩවිය මඟින් සිදු කෙරේ.

සමාජ නවෝත්පාදන වැඩපිළිවෙළක් වශයෙන් ඩයලොග් ආයතනය විසින් http://www.diriya.lk වෙබ් අඩවිය නිර්මාණය කරනු ලැබුවේ, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක දෙකක් වන (8) පිළිගත් රැකියාවක් සහ ආර්ථික වර්ධනය හා (9) කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම් සමඟ අනුගත වූ මූලාරම්භයක් ලෙසයි. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා සම්බන්ධ ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන්ට සහ ගනුදෙනුකාර භවතුන්ට එම ව්‍යාපාර තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම ලබාදෙමින්, රට තුළ නව ව්‍යාපාර බිහිකර ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් අතර ව්‍යවසායකත්ව මානසිකත්වයක් නිර්මාණය කිරීම, ඩයලොග් ආයතනයේ අරමුණ වී තිබේ.

 



අදහස් (1)

ඩයලොග් Diriya.lk වෙතින් ව්‍යවසායකයන්ට දැනුම

Sameera sandaruwan Thursday, 23 December 2021 06:30 AM

ක්‍රිකට් බැට් සැදීමට එම ලී පදම් කිරීමට හා බර අඩු කිරීමට ගන්න කෙමිකල් මොනවද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site