IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීමට Dialog සමූහයෙන් තවත් ඩොලර් මිලියන 100 ක්

රටේ විශාලතම සෘ විදේශ ආයෝජකයා (FDI ලෙස සමුච්චිත ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 3.37 ඉක්මවයි


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන රටේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා වන ඩයලොග් ආසිආටා සමූහයේ සමාගමක් වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය මව් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආයෝජනයක් කරන බවට දැනුම් දෙනු ලැබීය. මෙම ආයෝජනයත් සමග ඩයලොග් සිදුකර ඇති සමුච්චිත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.37 ද ඉක්මවයි.

ඩයලොග් ආසිආටා පීඑල්සී (DAP) හි ආයෝජනයට අදාළ අතිරේක එකඟතා ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සභාපති ඩේවිඩ් ලෝ මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ යන මහත්වරුන් විසිනි. ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක් පෞද්ගලික සමාගම (DBN) සඳහා වන අතිරේක එකඟතා ගිවිසුම සුපුන් වීරසිංහ මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ සමාගම් ලේකම් විරන්ති ආටිගල මහත්මිය විසින් අත්සන් කරන ලදී. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල‌යේ (BOI) පාර්ශවයෙන් එහි සභාපති, අර්ජුන හේරත් මහතා ගිවිසුම් දෙකට අත්සන් තබන ලදී. අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය සහ Axiata Group Berhad හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සුඩ් මහතා ද සහභාගී වූහ.

රට පුරාම පාරිභෝගිකයන්ටත්, ආර්ථිකයටත් ධනාත්මක බලපෑමක් ඇති කරමින්, රටේ ඩිජිටල් නාවෝත්පාදන සඳහාද පොළඹීමක් ඇති කරන බව අපේ විශ්වාසයයි.” යනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පැවසීය.

“මෙම ආයෝජනය, ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් ඩයලොග් තුළ පවතින ගැඹුරු විශ්වාසය යළි යළිත් තහවුරු කිරීමක්.” යනුවෙන් Axiata Group Berhad හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සුඩ් මහතා පැවසීය. “අපගේ සමාගම් හරහා ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධතා අඛණ්ඩව සැලසීමට හැකිවීම අපට ආඩම්බරයට කාරණයක්. ඒ වගේම, වේගවත් ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමට ඉවහල් වන 5G වාණිජ කලාපය පිළිබඳවත් අපි අතිමහත් බලාපොරොත්තු තබා සිටිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ “අනාගත පරම්පරාවේ සම්බන්ධතාවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන්, ව්‍යාපාර හා ප්‍රජාව සවිබල ගන්වමින් මෙරට ශක්තිමත් ඩිජිටල් ගමන්මග සඳහා අපි අඛණ්ඩව ආයෝජන සිදුකරනවා,” යනුවෙනි.



අදහස් (0)

ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීමට Dialog සමූහයෙන් තවත් ඩොලර් මිලියන 100 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site