IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ටෝස්ට් මාස්ටර් ලෝක ශූර කථිකයා ආයෝජන කලාපයේ

කටුනායන  නිදහස් වෙළඳ  කලාපීය  ‘ටෝස්ට් මාස්ටර්‘  සමාජය  සංවිධානය කළ විශේෂ නායකත්ව පුහුණු සැසියක් එහි ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

පසුගියදා මලයාසියාවේ  ක්වාලාලාම්පුර් නුවර පැවති හැත්තෑ පස්වෙනි  ටෝස්ට් මාස්ටර්  ජාත්‍යන්තර ලෝක ශූරතා කථීක තරගාවලියේදී  දක්ෂතම ඉංග්‍රීසි කථීකයාට හිමි ලෝක ශූර කිරුළ හිමිකරගත් ධනංජය හෙට්ටි ආරච්චි මහතා එය මෙහෙයවීය.

ලොව පුරා රටවල් 126 ක  14500 ට අධික ටෝස්ට් මාස්ටර් සමාජ සංගම්වලින් කථීකයෝ 30000 ට අධික පිරිසක් අතුරින් ප්‍රථමයා වී  ශ්‍රී ලංකාවට ගෙන ආ ගෞරවය වෙනුවෙන්  මෙම සැසිය මෙහෙයවීමට ඔහු ආරාධනා ලැබ සිටියේය. 

කටුනායක නිදහස් වෙළඳ කලාපීය ටෝස්ට් මාස්ටර් සමාජය විසින්  ඔහු පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් සුදානම් කර තිබූ අතර එහිදී  උඩරට නර්තන මැදින් මල්දමා පළඳවා ඉතා   උනුසම් අන්දමින් ඔහු පිළිගනු ලැබීය.

කටුනායක  නිදහස් වෙළඳ කලාපයේ   කර්මාන්ත ශාලා අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන්  සහ විධායක නිලධාරීන් බලගැන්වීම මෙම  නායකත්ව පුහුණු සැසියේ  අරමුණ විය.

එහිදී  ධනංජය හෙට්ටි ආරච්චි මහතා   තම ජීවිත අත්දැකීම් ගෙන හැර පාමින් සහ විවිද කරුණු  ඔස්සේ සැසිය මෙහෙය වු අතර විශේෂයෙන් සකස් කරන ලද  නායකත්ව පුහුණු  පාඩම් 10 යක්  පිළිබඳ ඉතා රසවත්  දේශණ ඔස්සේ  අවබෝධය ලබා දුන්නේය.  

මෙම අවස්ථාවට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ  කර්මාන්ත ශාලා ආයෝජකයින්, අධ්‍යක්ෂකවරුන්, විධායක නිලධාරීන් ඇතුලු කාර්ය මණ්ඩලය නිලධාරීහු රැසක් සහභාගී වුහ.

 DSCF1200  DSCF1209    DSCF1226 DSCF1232 DSCF1235 DSCF1239  DSCF1255

 



අදහස් (0)

ටෝස්ට් මාස්ටර් ලෝක ශූර කථිකයා ආයෝජන කලාපයේ

සිසිර Sunday, 02 November 2014 09:18 PM

ඔබ හොඳ කථිකයෙක්. මේ පිළිබඳ ආඩම්බර වෙමි. (නි)

:       0       0

මොහාන් Thursday, 06 November 2014 11:56 PM

මට මොහු සමඟ කතාකරන්න ආසයි (නි)

:       0       0

චම්පික Monday, 03 November 2014 12:16 PM

මෙලෝ රහක් නැති හොර තක්කඩි දේශපාලුවන්ව රතු පලසේ දාලා පිලිගන්නවට වඩා සැබෑම දිනුමක් මගේ රටට ගෙනාව මේ උතුම් මිනිසාට ඔබලා දුන්න පිළිගැනිම ඉතාම උසස් (නදී)

:       0       0

ජයසිංහ Thursday, 06 November 2014 02:36 PM

ලොකු ආඩම්බරයක්.(හේ)

:       0       0

සංජීව Sunday, 09 November 2014 04:18 PM

අවංක සහ නිහතමානී යුග පුරුෂයෙක්. ඔහුගේ කතා අහන්න මිනිස්සු කොච්චර එනවද එත් එන ඕනෙම කෙනෙ එක්ක පොඩ්ඩක් හරි කතා කරලා එකට ෆොටෝ එකක් ගන්න ඔහු කිසි විටෙකවත් පැකිලෙන්නේ නෑ. ඔබට ජය සැමදා (නදී)

:       0       0

සංජීව Sunday, 09 November 2014 04:41 PM

අවංක සහ නිහතමානී යුග පුරුෂයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16951 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site