කටුනායන නිදහස් වෙළඳ කලාපීය ‘ටෝස්ට් මාස්ටර්‘ සමාජය සංවිධානය කළ විශේෂ නායකත්ව පුහුණු සැසියක් එහි ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
පසුගියදා මලයාසියාවේ ක්වාලාලාම්පුර් නුවර පැවති හැත්තෑ පස්වෙනි ටෝස්ට් මාස්ටර් ජාත්‍යන්තර ලෝක ශූරතා කථීක තරගාවලියේදී දක්ෂතම ඉංග්‍රීසි කථීකයාට හිමි ලෝක ශූර කිරුළ හිමිකරගත් ධනංජය හෙට්ටි ආරච්චි මහතා එය මෙහෙයවීය.
ලොව පුරා රටවල් 126 ක 14500 ට අධික ටෝස්ට් මාස්ටර් සමාජ සංගම්වලින් කථීකයෝ 30000 ට අධික පිරිසක් අතුරින් ප්‍රථමයා වී ශ්‍රී ලංකාවට ගෙන ආ ගෞරවය වෙනුවෙන් මෙම සැසිය මෙහෙයවීමට ඔහු ආරාධනා ලැබ සිටියේය.
කටුනායක නිදහස් වෙළඳ කලාපීය ටෝස්ට් මාස්ටර් සමාජය විසින් ඔහු පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් සුදානම් කර තිබූ අතර එහිදී උඩරට නර්තන මැදින් මල්දමා පළඳවා ඉතා උනුසම් අන්දමින් ඔහු පිළිගනු ලැබීය.
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් සහ විධායක නිලධාරීන් බලගැන්වීම මෙම නායකත්ව පුහුණු සැසියේ අරමුණ විය.
එහිදී ධනංජය හෙට්ටි ආරච්චි මහතා තම ජීවිත අත්දැකීම් ගෙන හැර පාමින් සහ විවිද කරුණු ඔස්සේ සැසිය මෙහෙය වු අතර විශේෂයෙන් සකස් කරන ලද නායකත්ව පුහුණු පාඩම් 10 යක් පිළිබඳ ඉතා රසවත් දේශණ ඔස්සේ අවබෝධය ලබා දුන්නේය.
මෙම අවස්ථාවට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා ආයෝජකයින්, අධ්‍යක්ෂකවරුන්, විධායක නිලධාරීන් ඇතුලු කාර්ය මණ්ඩලය නිලධාරීහු රැසක් සහභාගී වුහ.
‘








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හොඳ කථිකයෙක්. මේ පිළිබඳ ආඩම්බර වෙමි. (නි)
මට මොහු සමඟ කතාකරන්න ආසයි (නි)
මෙලෝ රහක් නැති හොර තක්කඩි දේශපාලුවන්ව රතු පලසේ දාලා පිලිගන්නවට වඩා සැබෑම දිනුමක් මගේ රටට ගෙනාව මේ උතුම් මිනිසාට ඔබලා දුන්න පිළිගැනිම ඉතාම උසස් (නදී)
ලොකු ආඩම්බරයක්.(හේ)
අවංක සහ නිහතමානී යුග පුරුෂයෙක්. ඔහුගේ කතා අහන්න මිනිස්සු කොච්චර එනවද එත් එන ඕනෙම කෙනෙ එක්ක පොඩ්ඩක් හරි කතා කරලා එකට ෆොටෝ එකක් ගන්න ඔහු කිසි විටෙකවත් පැකිලෙන්නේ නෑ. ඔබට ජය සැමදා (නදී)
අවංක සහ නිහතමානී යුග පුරුෂයෙක්. (නි)