IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජූලි මාසයේ සංචාරක පැමිණීම් දෙලක්ෂය ඉක්මවයි

  • වසරේ පළමු මාස හතේදී සංචාරකයෝ 1,368,288 ක්
  • වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්

විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය ජූලි මාසයේදී මෙරටට සංචාරකයන් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ ජූලි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් 187,810 ට සාපේක්ෂව සියයට 6.6 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම වසරේ පළමු මාස 7 තුළදී සංචාරකයන් 1,368,288 ක් මෙරටට පැමිණ ඇති අතර මෙම වසරේ සංචාරක ඉලක්කය වන ලක්ෂ 30 සීමාවට ළඟාවීමට නම් තවත් සංචාරකයන් 1,631,712 ක පිරිසක් ඉතිරි මාස 5 දී ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව ඇත.

ජූලි මාසයේදී මෙන්ම මෙම වසරේ පළමු මාස හත තුළදීද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර පසුගිය ජූලි මාසයේදී මෙරටට සංචාරකයන් 37,128 ක් සහ පළමු මාස හත තුළදී සංචාරකයන් 279,122 ක් මෙරටට පැමිණ ඇත. ජූලි මාසයේදී දෙවැනි සහ තෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් සහ නෙදර්ලන්තයෙන් වේ. එහෙත් මෙම වසරේ පළමු මාස හත තුළදී මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් සහ රුසියාවෙන්ය.



අදහස් (0)

ජූලි මාසයේ සංචාරක පැමිණීම් දෙලක්ෂය ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site