ජපානයේ ඉලෙක්ට්‍රෝනික පරිපථ උපාංග ක්ෂේත‍්‍රයේ මුල් පෙළ සමාගම් කිහිපයක නියෝජිතයෝ පිරිසක් ශී‍්‍ර ලංකාවේ ඉලෙක්ට්‍රෝනික ක්ෂේත‍්‍රයේ ආයෝජන අවස්ථා පිළිඹද සොයා බැලීම සදහා පසුගියදා දිවයිනට පැමිණියහ.
ඔවුන් අතර ටී.ඞී.කේ,සුමිඩා,එෆ්.ඞී.කේ. වැනි ප‍්‍රකට ජපාන ඉලෙක්ට්‍රෝනික පරිපථ උපාංග නිශ්පාදන සමාගම් වල නියෝජිතයෝ සිටියහ.
ලෝක වෙළදපොළේ ඉලෙක්ට්‍රෝනික පරිපථ උපාංග අලෙවි කටයුතු වල සියයට 40 ක කොටසක් ජපානයට හිමිය.
ආසියා කලාපයේ ජපානයේ ප‍්‍රධාන හවුල්කරුවා වන්නේ චීනය වන අතර ජපානය උත්සාහ කරමින් සිටින්නේ ආයෝජන අවස්ථා ඇති තවත් රටවල් හා සබදතා ඇති කර ගැනීමටයි.ශී‍්‍ර ලංකාව ජපානයේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇති එවන් රටකි.
;
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරියනවා නම් ඉතාම හොඳ වැඩක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ චීන්නු, ඉන්දියන් කාරයෝ වගේ ජපන්නු කිසි විටකත් අත යට ගනුදෙනු, අල්ලස් වගේ ජරා වැඩ නොකරන එකයි. අපේ අයට ගානක් නොලැබෙනවා නම් මුළු ලංකාවම දියුණු කරන ව්‍යාපාරයකට උනත් ඉඩ ලැබෙන්නේ නැහැ. මම පුද්ගලිකව දන්නා කතාවක් කියන්නම්. සුනාමියෙන් පසු එක ස්කැන්ඩිනේවියන් ආයතනයකින් ගෙවල් විශාල ගණනක් ඉදි කරදීමට එකඟ වෙලා මුලික සාකච්ඡාව ප්‍රාදේශීය දේශපාලකයෙක් සමග පැවැත්වුවා. එහිදී මේ දේශපාලුවාගේ පළමු ප්‍රශ්නය වී තිබෙන්නේ "මේකෙන් මට මොනවද ලැබෙන්නේ ?යන්නයි. මට මුකුත් නැත්නම් මුකුත් කරන්න දෙන්නේ නැහැ කීවාම මෙවැනි ජරා කාක්කන් ගැන අහලාවත් නැති සුද්දා මුළු ව්‍යාපෘතියම අතහැර දාලා ආපසු ගියා. (නදී)
බෝයින්ග් සමාගම මෝටරෝලා සමාගම වැනි ඒවටත් උනේ ඒකම තමයි. මේවා ප්‍රසිද්ධ රහස්. (නදී)
මමත් වැඩ කරන්නේ ජපන් සමාගමක. මෙයාල ලග අතයට ගනුදෙනු නැහැ. ඒ වගේම නීතිගරුකයි. නීතියට උඩින් මොකුත් කරන්නේ නැහැ. වෙලාවට වැඩ. කොයි වැඩේට ගියත් විනාඩි 5 කලින් යන්නේ. ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මෙයාලගෙන්. ජපන් ආයෝජකයෝ ලංකාවට අවොත් අපේ රටේ වාසනාවක්. (නදී)
රටක් දියුණු කරන්න පුළුවන් නිෂ්පාදන ආර්ථිකයක් මගින් පමණයි, බොහොම හොඳ වැඩක්. (ස)
මා ජපානෙන් පාඨමාලාවක් හදාරපු කෙනෙක් . 91 දී තමයි හමාමත්සු නගරයට ගියේ .අපිව පුහුණු කරලා කිව්වේ ලංකාවේ අපිට උගන්වපු විදියට වැඩ කරන්න ජපන් සමාගමක් ලංකාවේ ස්ථාපිත කරනවා කියා. ජපන් අය කියපු දේ කරන ජාතියක් .නමුත් දේශපාලනේ හරහට හිටිය නිසා .වැඩේ හරි ගියේ නැහැ .දැන්වත් ඒක හරියනවානම් මා මගේ රට වෙනුවෙන් ගොඩක් සතුටු වෙනවා.දේශපාලනේ ලං වුණොත් ඉවරෙට ඉවරයි. (ස)
සාදරයෙන් පිලි ගන්නවා (දී)
මෙම ආයෝජනය සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා (නදී)
ප්‍රමාද වෙලා හෝ මෙවැනි ආයෝජකයින් ජපානයෙන් පැමිණියානම් කරන වැඩේ හරියටම කරයි. ඔවුන්ට අවශ්‍ය දේශීය අමුද්‍රව්‍ය ඕනෑතරම් මෙරට තියනවා. ප්‍රමිතියකින් කරන මෙම කල් පවතින නිෂ්පාදන දේශීය වෙළඳ පලට ද යොමුකරවා ගැනීම කාලෝචිතයි. චීනුන්ට වඩා දේශීය සමාගම් ව්‍යාපාරිකයින් හවුල් කරගැනීම රටට ඵලදායි කරුණකි. (නදී)
ඔය නියෝජිතයෝ එද්දී මේ දවස් වල අර කොළඹ උද්ගෝෂණ පවත්වමින් හු කියා කියා ඉන්න උදවියට ජල බවුසර් ප්‍රහාරයක් වත් දීලා එලවල හිටියොත් හොදයි නේද. මොකෝ මෙහෙ ඉන්න උපවාස කාරයෝ දැක්කම ජපාන කොම්පැනි අරින්ට බයවෙයි. (දී)
මේක හරියනවානම් ඉතාම හොඳ වැඩක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ චීන්නු, ඉන්දියන් කාරයෝ වගේ ජපන්නු කිසිවිටකත් අත යට ගනුදෙනු, අල්ලස් ,වගේ ජරා වැඩ නොකරන එකයි. අපේ අයට ගානක් නොලබෙනවා නම් මුළු ලංකාවම දියුණු කරන ව්‍යාපාරයකට උනත් ඉඩ ලැබෙන්නේ නැහැ. මම පුද්ගලිකව දන්නා කතාවක් කියන්නම්. සුනාමියෙන් පසු එක ස්කැන්ඩිනේවියන් ආයතනයකින් ගෙවල් විශාල ගණනක් ඉදි කරදීමට එකඟ වෙලා මුලික සාකච්චාව ප්‍රාදේශීය දේශපාලකයෙක් සමග පැවැත්වුවා. එහිදී මේ දේශපාලුවාගේ පළමු ප්‍රශ්නය වී තිබෙන්නේ "මේකෙන් මට මොනවද ලැබෙන්නේ ?යන්නයි. මට මුකුත් නැත්නම් මුකුත් කරන්න දෙන්නේ නැහැ කීවාම මෙවැනි ජරා කාක්කන් ගැන අහලාවත් නැති සුද්දා මුළු ව්‍යාපෘතියම අතහැර දාලා ආපසු ගියා. (ස)
සෑම්ගේ කතාව මසුරං! සහතික ඇත්ත. (නි)
අපේ කට්ටියට ජපනුන් සමඟ කරට කර වැඩකරන්න වාසනාව සුදුසුකම තිබෙනවද කියලා බලමුකෝ (නි)
ඉලෙක්ට්‍රෝනික පරිපථ උපාංග කර්මාන්ත වලින් ඉතාම නරක විදියට පරිසරය දුෂණය සිදුවෙනවා. ආයෝජනය වගේම මේවා ගැනත් සොයා බැලිය යුතුයි නේද? (නදී)
ජපානය චීනය සමග තිබෙන රාජ්‍ය තාන්ත්‍රික ගැටලු නිසා ඔවුන් ශ්‍රමය සොයා විකල්ප රටවලට යනවා. බටහිර හා ඇමරිකානුවන්ට වඩා, ජපනුන්ගේ තිබෙන ලොකුම වෙනස තමයි, ජපනුන් ඔවුන් සිටින තැන සුරාකෑමෙන් තොරව දියුණු කිරීම.ජපානයේ දේශපාලකයින් පාලනය කරන්නේ ඉහළ පෙළේ සමාගම් විසිනුයි. (නි)
සෑම් ගේ කතාව සම්පුර්ණ ඇතට.ජපන්නු අතයට ගනුදෙනු නැහැ. ලංකාවට එනවා නම් ගොඩක් හොදයි (අ)
කැසිනෝ වලට වඩා කොයි තරම් හොදද (දී)