- ලියාපදිංචි කෙරුණු විදුලියෙන් ක්‍රියාත්මක වාහන සංඛ්‍යාව 3,763ක්
- ඉන් 2,976ක්ම විදුලියෙන් ක්‍රියාත්මක යතුරු පැදි
- කාර් 329ක්, SUV 169ක් සහ ත්‍රිරෝද රථ 29ක් ලියාපදිංචි කරලා
- මාසය තුළ ලියාපදිංචි කෙරුණු යතුරු පැදි සංඛ්‍යාව 35,533ක්
භානුක අමරසිංහ
මෙම වසරේ ජනවාරි මාසයේදී මෙරට තුළ අලුතින් ලියාපදිංචි කෙරුණු විදුලියෙන් ක්‍රියාත්මක වාහන සංඛ්‍යාව 3,763ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු වාහන 3,220 හා සැසඳීමේදී සියයට 16.8 ක වර්ධනයකි.
කෙසේ වෙතත් මෙලෙස ලියාපදිංචි කෙරුණු විදුලියෙන් ක්‍රියාත්මක වාහන අතරින් 2,976ක්ම යතුරුපැදිවීම විශේෂත්වයක් බව මේ පිළිබඳව වාර්තාවක් සපයන JB Securities ආයතනය පවසයි. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත යොදා ගනිමින් ඔවුන් මෙම වාර්තාව සකස් කර තිබේ.
එම වාර්තාවට අනුව විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් කාර් රථ 329ක්, SUV සහ Crossover රථ 169ක් මෙන්ම ත්‍රිරෝද රථ 29ක් ජනවාරියේදී ලියාපදිංචි කෙරී තිබේ.
“මෙහිදී මෝටර් කාර් රථ අතරින් අලුතින් එක් වූ චීනයේ BAW සන්නාමයේ රථ 154ක් ජනවාරියේදී ලියාපදිංචි වී තිබෙනවා. ඒ අතරින් රථ 151 ක්ම BAW E7 මාදිලියේ ඒවා වීමත් විශේෂත්වයක්. එය කුඩා, අඩු මිල මාදිලියක් වීම ඊට හේතුවයි. ඒ වගේම Wuling සන්නාමයේ රථ 76 ක් ලියාපදිංචි කෙරී තිබෙනවා.“
මේ අතර චීනයේම BYD මෝටර් රථ ලියාපදිංචිය ජනවාරියේදී ඒකක 758ක් ලෙස සටහන්ව තිබේ. එය දෙසැම්බරයේදී වාර්තා වූ ඒකක 850ට සැසඳීමේදී ඒකක 100කට ආසන්න අඩුවීමකි. මේ අතරින් මෝටර් රථ 63ක් විදුලියෙන් ක්‍රියාත්මක රථ වී ඇති අතර, 694ක් දෙමුහුන් මාදිලියේ ඒවා බවත් JB Securities පවසයි.
එසේම ජනවාරි මාසයේදී ලියාපදිංචි කෙරුණු විදුලියෙන් ක්‍රියාත්මක යතුරු පැදි 2,976ක් අතරින් 1,540ක් Yadea මාදිලිය ලෙස සටහන්ව තිබේ. මාසය තුළ ලියාපදිංචි කෙරුණු යතුරු පැදි සංඛ්‍යාව 35,533 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd