IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මානයෙන් Flexiprint පිදුම් ලබයි

ශ්‍රී ලාංකේය ඇසුරුම් නිෂ්පාදනයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Flexiprint පෞද්ගලික සමාගම ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා (NBEA) 2021 සම්මාන උළෙලේ දී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. 

කොළඹ දී පැවැති සම්මාන උළෙලේ දී සමාගමේ අධ්‍යක්ෂ ඉසුරු අබේවික්‍රම මහතා සහ කණ්ඩායම එම සම්මාන ලබා ගත්තේය. 1994දී ඇරැඹූ Flexiprint සමාගම වර්තමානයේ දී දෙස් විදෙස් කීර්තියට පත් ඇසුරුම් නිෂ්පාදන ආයතනයකි. 

දේශීය සහ විදේශීය තේ වෙළෙඳපොළට ඉතා උසස් තත්ත්වයේ තේ බෑග් ටැග් සහ තේ බෑග් කවර නිෂ්පාදනය කරන මෙම සමාගම ෆ්ලෙක්සොග්‍රැපි තාක්ෂණය සහ ජලය සමඟ මිශ්‍ර කර ගත් (Water Base) තීන්ත භාවිතයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අගනා තේ ඇසුරුම් නිපදවයි.

1994දී එක් යන්ත්‍රයක් භාවිත කර සේවක සේවිකාවන් 10 දෙනකුගෙන් ඇරැඹූ Flexiprint ආයතනය වර්තමානයේ දී යන්ත්‍ර අටකින් සහ 275කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විතය. ඕනෑම ප්‍රමාණයක ඇණවුමක් කලට වේලාවට සැපැයීමට අවශ්‍ය විශිෂ්ට තාක්ෂණික දැනුම සමාගම සතුය. 

තේ බෑග් ටැග්, තේ බෑග් කවර සහ පීරමීඩ හැඩැති තේ කවර ඇතුළු විවිධාකාරයේ තේ ඇසුරුම් රැසක් Flexiprint සමාගමේ නිෂ්පාදන අතර වේ. පවතින අභියෝගාත්ම කාලයේ දී පවා නිෂ්පාදන අවශ්‍යතා සැපිරීමට අදාළ උපක්‍රමික වැඩපිළිවෙක් අනුව සමාගම ක්‍රියා කරයි. එක් එක් පාරිභෝගික අවශ්‍යතා වෙන වෙනම හඳුනා ගෙන ඔවුන් අතර මනා සම්බන්ධතාවක් පවත්වමින් සේවා සැපයීම සමාගමේ සුවිශේෂත්වයකි. 

“මෙම සම්මානය අපගේ විශිෂ්ට නිෂ්පාදන සහ සේවා පිළිබඳව පවසන කදිම නිදසුනක්. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ව්‍යාපාර ක්ෂේත්‍රයක කටයුතු කරන අපි ඉදිරියටත් විශිෂ්ට නිෂ්පාදන ඔස්සේ ලෝකය දිනා ගැනීමට සුදානම්. මේ අවස්ථාවේ දී මෙම ජයග්‍රහණයට දායක වුණ අපගේ සේවක මණ්ඩලයට මගේ කෘතවේදීත්වය පිරිනමනවා.” කළමනාකරණ අධ්‍යක්ෂ සතිස් අබේවික්‍රම මහතා පැවසීය.

595



අදහස් (0)

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මානයෙන් Flexiprint පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site