කටුනායක ගුවන්තොටුපලේ දැනට ඇති ගුවන්යානා ඉන්ධන ගබඩා සංකීර්ණය ලීටර ලක්ෂ 78 ක ධාරිතාවයකින් යුතු වුවත් එහි ගබඩා කර තබාගන්නා ඉන්ධන දින 3 - 4 ක් ගතවීමට මත්තෙන් අවසාන වන බව පැවසේ.2000 වසරේදී මෙම ගබඩා සංකීර්ණයේ තෙල් දින 7 - 8 ක් වැනි කාලයක් පුරාවට රදවා තබා ගත හැකිව තිබී ඇත.
මෙම තෙල් ගබඩා සංකීර්ණයට තෙල් සැපයුම බවුසර මගින් හා දුම්රියෙන් දැනට සිදුවේ.
නමුත් ඉන්ධන සදහා වන ඉල්ලූම තවත් ඉහළ යන ලකුණු පෙනෙන්නට තිබෙන හෙයින් වහාම අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ අදහසයි.
දැනට මුතුරාජවෙල තෙල් සංකීර්ණයේ ඛනිජ තෙල් සදහා වෙනම ගබඩා පහසුකම් නොමැත.
සුදුසු සමාගමකට මෙම පහසුකම් ඇතිකිරීම භාරදී ඒ සමගම මුතුරාජවෙල තෙල් සංකීර්ණයේ අනෙක් පහසුකම්ද නවීකරණ කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අපේක්ෂා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩේ පෞද්ගලීකරණය නොකර අපේ බුද්දිමත් ඉංජිනේරුවන්ට කියල රජය යටතේම පවත්වාගෙන යනවා නම් තමයි හොඳ. (නදී)
ඔය වැඩේ පෞද්ගලීකරණය නොකර අපේ බුද්ධිමත් ඉංජිනේරුවන්ට කියල රජය යටතේම පවත්වාගෙන යනවා නම් තමයි හොඳ (අ)
ස්වභාවික පරිසරය රැකෙන පරිදි කරන ඉදිකිරීමක් කලොත් හොඳයි.(නදී)
ඔවු. අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්.නමුත් කරන ක්‍රමවේදය දේශීය වශයෙන් කරනවා නම් තමා වඩා හොඳ. ඇයි අපේ ඉංජිනේරුවන්ට බෑරි? ලංකාවෙ මිනිසුන් දෑන් කැමති හැමදේම ලංකාවේම කරනවාට. (නි)