IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගොවීන්ගේ නිෂ්පාදන අපනයනය කරන්න මාතලේට අලු‍ත් බැංකුවක්

සුජිත් හේවාජුලිගේ


මාතලේ දිස්ත්‍රික් ගොවි ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන සහ අපනයන සංවර්ධන සමුපකාර සමිතිය නමින් නව බැංකුවක් මාතලේ යටවත්ත නගරයේදී පසුගියදා සුබ මොහොතින් විවෘත කෙරිණි.
මාතලේ දිස්ත්‍රික්කයේ සහ එහි ජීවත්වන යැපුම් කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන් නඟා සිටුවීම නව බැංකුවේ ආරම්භ කිරීමේ අරමුණ බව එහි සභාපති නිලංග කරුණරත්න මහතා ප්‍රකාශ කළේය.
දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන අගය එකතු කර වැඩි මිලක් ලබා ගැනීමේ සහ මෙරටට වැඩි වශයෙන් ඩොලර් ආදායම් එක් රැස්කර ගැනීමේ අරමුණින් බැංකුව ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා කීය.
ගොවි ජනතාවගේ නිපැයුම් සහ අස්වැන්න කුණු කොල්ලයට අලෙවි කිරීමට සිදුවීම වැළැක්වීම, ඒ සමඟ ඔවුන්ගේ අමුද්‍රව්‍යවල අගය එකතුකොට වැඩි මිලක් ලබාගෙන පිටරටට යැවීමට අවශ්‍ය සේවාද මෙම බැංකුව ලබාදෙයි.
අපනයන කෘෂිකර්ම දියුණුවට අවශ්‍ය ප්‍රාග්ධනය, තාක්ෂණය, සහ වෙළෙඳපොළ පහසුකම්ද මේ බැංකුවෙන් ලබාදෙන ප්‍රධාන සේවාවේ.
ගොවි ජනතාවගේ නිපැයුම් යුරෝපය ඇතුළු ඉහළ ආදයම් ලබා ගත හැකි රටවල් වෙත යොමු කිරීම මෙම බැංකුවෙන් සිදු කිරීමට නියමිතය.
නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නීතිඥ මනෝරි හේට්ටආරච්චි, ධනිදු කරුණාරත්න, ආකාෂ් කරුණාරත්න, උප සභාපති ප්‍රසන්න දිසානායක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේෂාන් නානායක්කාර, කළමනාකරු ඒ.ජී. අබේසිංහ, යටවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති, මාතලේ දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් චමිලා විජේරත්න, යටවත්ත සමුපකාර සමිතියේ සභාපති, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු විශාල පිරිසක්ද සහභාගීවූහ.



අදහස් (0)

ගොවීන්ගේ නිෂ්පාදන අපනයනය කරන්න මාතලේට අලු‍ත් බැංකුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site