කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සරු සවි කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩ සටහන යටතේ ගොවීන් සවිබල ගැන්වීම සඳහා ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවයක් දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් බෙන්තොට රන්තොටුවිල ශ්‍රී ධර්මරක්ෂිතාරාම විහාරස්ථානයේදී හෙට (17) පෙරවරු 8.30 ට පැවැත්වේ.
මේ අවස්ථාවට බෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී හා දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධීක්ෂණ මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ඒ. ජනහිත යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගි වෙති.
දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කරන මේ වැඩසටහන රන්තොටුවිල, මාලවල, ඉහළ මාලවල, මොරගොඩ සහ කොටුවබැන්දහේන යන ග්‍රාම නිලධාරී වසම් සඳහා ක්‍රියාත්මක කෙරේ.
එම ග්‍රාම නිලධාරී වසම්වල ගොවීන් වගාවට වඩාත් උනන්දු කරලීමේ අරමුණින් මේ පියවර ගත් බවද එම අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd