කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ගාල්ල දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්ගේ ගැටලු හඳුනා ගැනීමේ අරමුණින් යුතුව ගාලු දිසා කර්මාන්ත ප්‍රවර්ධන සභාව එහි සම සභාපතිවරුන් වන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතාගේ සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මේ අවස්ථාව සඳහා දකුණු පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ අධික්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මහතාද සහභාගිවී සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මහතා පැවසුවේ, කොටස් දෙකකට බෙදා කර්මාන්තකරුවන්ට සේවය සැපයීමට අපේක්ෂිත බවත්, මින් පළමු කොටස දැනටත් අපනයන කරමින් සිටින පිරිසක් බවත්, අනෙක් කොටස පහළ මට්ටමේ සිටින ඉදිරියේ දී අපනයන මට්ටමට ඔසවා තැබිය හැකි පිරිසක් බවත්ය.
ඔවුන් සඳහා අවශ්‍ය ඉඩම් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බැවින්, ගාල්ල දිස්ත්‍රික්කයේ සුවිශේෂී විභවයන් සහිත කිතුල්, උණ, අඟුරු වැනි කර්මාන්ත පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බවද මෙහිදී ජයසුන්දර මහතා කීය.
මේ සඳහා එක්වෙමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතා පැවසුවේ, ප්‍රාදේශීය හා දිස්තික් කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමට මැදිහත්වීමට ආයතනික සහයක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක මේ කමිටුවේ කාර්යභාරය වැදගත් බවය.
සම සභාපති චන්දිම මුහන්දිරම් මහතා පැවසුවේ, ආර්ථික සංවර්ධනය සඳහා නිෂ්පාදන කර්මාන්ත දායකත්වය ඉතාම වැදගත් බැවින් පළාත් සභා අංශයෙන් මේ සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවය.
ගාල්ල දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්ගේ දීර්ඝකාලීන නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා කටයුතු කිරීම වෙනුවෙන් විදුලි සහ යටිතල පහසුකම් සම්බන්ධ ගැටලු සහ ඊට කඩිනම් විසඳුම් ලබා ගැනීම මේ අවස්ථාවේ අදාළ බලධාරීන්ගේ විශේෂ අවධානයකට ලක්වීම කැපීපෙනුණි.
ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ජී.ජී. ලක්ෂ්මී කාන්ති මෙනවිය, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ රසාංග සූරිආරච්චි, ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ යමුනා ගුරුසිංහ, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd