(හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ගාල්ල ආසියානු කලාපයේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පස්වරුවේ පැවැසීය.
කෘෂි හා වැවිලි කර්මාන්තයට සීමා වී තිබූ කළුතර සිට ගාල්ල දක්වාත් ඉන් ඔබ්බටත් වූ නගර සංචාරක හා කර්මාන්ත ක්ෂේත්‍රයෙන් තවදුරටත් සංවර්ධනය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි කීය.
ගාල්ල ඇල්පිටියේ පැවැති සින්නක්කර ඉඩම් ඔප්පු බෙදා දීමේ වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේය.
දකුණට නව ආර්ථික සැලැස්මක් හඳුන්වා දීමට කටයුතු කරන බව කී අග්‍රාමාත්‍යවරයා දකුණේ ආර්ථික කලාප කිහිපයක්ම ස්ථාපිත කරන බව ද කීය.
දකුණේ ජනතාවට කෘෂි හා වැවිලි කර්මාන්තවලින් ලැබෙන ආදායම් ප්‍රමාණවත් නොවන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දකුණේ ජනතාවට සංචාරක හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලින් නව ආදායම් මාර්ග හඳුන්වා දෙන බව ද පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියනවා විතරනේ. කරපු දෙයක් තවම දැක්කේ නැහැනේ....
අර රැකියා දශ ලක්ෂය ගැනත් අපිට අමතක නැහැ!
කටින් බතල කොළ හිටවන්න මෙතුමා හරිම දක්ෂය , එජාපෙ මෙතෙක් පහල වුන අදක්ෂම නායකයා , ජයවර්ධන , ප්‍රේමදාස වැනි මහත්වරු අවුරුදු 30 කරන්න සැලසුම් කල මහවැලිය අවරුදු 6 නිම කල , නිවාස දසලක්ෂ්‍ය හැදුව , මෙතුමා ගේ වාර්තාව වැඩිම කාලයක් විපක්ෂේ ඉඳීම සහ විපක්ෂ නායක ධුරය වැඩිම කාලයක් දැරීම . එජාපෙ වැඩිම පැරදුන මැතිවරණ ගණනකට නායකත්වය දීම
ඉසුරන්දි මැජික් වගේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. හරි පාරේ යනවද කියන එක තමා වැදගත්. දැන් හොද කළමනාකරණයක් තියෙනවා කියල පෙනේව. ආර්ථිකේ ගෙන දැනීමක් තියෙනවනම් මහින්දගේ කාලේ රට ගියේ වැරදි පාරේ කියන එක තේරෙයි.
තවත් වොල්ක්ස්වාගෙන් එකක්.
අඩුම තරමේ කුණු ටික ඉවත්කරගන්න බැරි ආණ්ඩුවට මොන සංචාරක කර්මාන්තද . සංචාරකයෝ එන්නේ නිකම්ම ඉබාගාතේ නෙමි . ඔඋන් රටකට එන්නේ කාරණා කිහිපයක්ම මුල්කරගෙන. අපේ රටේ තියෙන ඩෙංගු වසන්ගතයත් එක්ක සංචාරකයෝ ඒවිද ? කොළඹ ඉදල නුවරට යන්න පැය 5 ක් විතර යනවා. සංචාරකයෝ කොහොමද නුවර වගේ රටේ වැදගත්ම නගරයකට යන්නේ ? දවසම ඉවරඊ ඒ ගමනට . දැනට රටේ තියෙන වර්ජන රැල්ල අනිත් කාරණය . කෞරු මොනවා කිඋවත් පසුගිය රජය සංචාරක කර්මාන්තයට ඕනෙම කරන වැඩ කොටසක් කල. හොද මාර්ග පද්ධතියක්, කොළඹ පිරිසිදුවට තබා ගැනීම සහ යුද්ධය ඉවරකිරිම. එකෙන්වත් මේ රජයට ප්‍රයෝජනයක් ගන්න බැරි උනා, මොඋන්ට තියෙන්නේ රටට වැඩකිරීමේ උවමනාවට වඩා , විරුද්ධ වාදීන් අඩපනකොට රටේ වැඩි කාලයක් බලයේ ඉදීම. මිනිස්සු නැවත මේ රජය පත්කරන්නේ මොන කෙන්ගෙඩියක් බලාගෙනද ? කියපුදෙවලින් අඩුම තරමේ 5% ක් කරාද මේ ඖර්දු 2 ට. රටේ ආර්ථිකය විනාස කර.
ඊට ඉස්සෙල්ලා මැතිවරණයේ දී දුන් පොරොන්දු ටික (නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම හැර) ඉටුකරල ඉන්නව ද? අපි කවුරුවත් ඔයවගේ ඉල්ලීමක් කළේ නැහැ. දැනටත් එහෙම අවශ්‍යතාවයක් නැහැ.
ගාල්ලේ මොනවාද තියෙන්නේ ....? සංචාරකයන්ට යන්න.... උණවටුන වෙරළ සහ ගාලු කොටුව විතරයි ... හරියට ෂොපිං මේල් එකක් වත් නැහැ. නගරය හරිම අපිළිවෙලයි... ලස්සනට හදන්න පුළුවන් නගරයක් වෙන්න පුළුවන්.. නමුත් කිසිම රජයක් මූලිකත්වයක් නොදුන් නගරයක් ... අගමැති ගාල්ලට අාවනිසා මොනවා හරි කියන්නත් ඕනෑනේ... ගියපාර ජනාධිපති ඇවිත් ටවුන් හෝල් එකට අලුත් බිල්ඩින් එකක් හදනවා කිව්වා . දැන් අගමැති .....? ඇත්තටම හදනවා නම් රූමස්සල කඳු වැටිය ළඟ ඉඳලා, මාගල්ල දක්වා මුහුදු වෙරළ කොච්චර ලස්සනට හදන්න පුළුවන්ද? දැනට නම් කිසිම ප්ලෑන් එකක් නැති වග නම් පෙනෙනවා.
වජිර ඇමැතිතුමා හැමදාම යන එන පාර හදලා දෙන්න. පව්... දන්ගෙදර පාර , අබලන්..එතුමාට නම් පේන්නෙත් නැතුව ඇති....
ගාල්ල ප්‍රදේශයේ සංචාරක වියාපාරය නංවන්න නම් , මාර්ග පහසුකම් , කැලි කසල බැහැර කිරීම ක්‍රමවත් කිරීම , පහසුකම් ,සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යාපාරයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට අඩු පොලියට බැංකු නය සැපයීම , සාධාරණ සහ පහසු ක්‍රමයකට මත්පැන් බලපත්‍ර ලබාදීම ,සංචාරක අංශයේ සේවකයන් නිසි ලෙස පුහුණුකර පුහුණු සේවකයන්ගේ රැකියා බැංකුවක් ඇති කිරීම වැනි දේවල් කරන්න ඕනේ.
යන යන තැන පොරොන්දු දෙනවා ,ඒ සේරම කඩවුණු පොරොන්දු විතරයි .
මෙතුමා පැරදී පැරදී දේශපාලනයේ ඉන්නේ ඇයි කියල දන්නා කෙනෙක් කියන්න කෝ
ඒ කියන්නේ දකුණට කිරි, අපට කැකිරි?
කියන දේවල් කළොත් නම් හොඳයි. ගාලු කොටුව ලෝක උරුමයන්ගෙන් අයින් කරන්න යනවා කියලා ආරංචියි. අළුතින් දේවල් කරන්න කලින් ගාලු කොටුවේ එකතු වෙන කුණු ටික කලින් වගේ ගෙනියන්න විදිහක් හොයන්න. තැනින් තැන කැඩිලා ගිහිල්ලා තියෙන කොටුවේ උඩපාරවල් ටිකවත් හරියට හදලා ඉන්න. ගාල්ලේ දියුණු කරන්න නම් ගාලු කොටුව කොච්චර වැදගත්ද කියලා තේරුම් ගත්තොත් ඇති. අපේ මිනිස්සුන්ට කියන්නේ ගාලු කොටුව බලන්න ආවානම් තැන් තැන්වල කුණු දාන්න එපා කියලා. බලන්න පිටරටවල මිනිස්සු අපේ අය වගේ කුණු දානවද කියලා...
ගාල්ලේ මොනවා විකුනන්න හදනවද ? වරාය ? කොටුව ?. කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි.
කඩවුණු පොරොන්දුවේ නැවත විකාශනය.
අා..ඒ කියන්නේ එහෙනම් ගාල්ලත් විකුණනවා කියන එක තමයි..
අනේ බුදු ම්හත්තයෝ එපා මේ ඉන්න විදිහ හොඳයි. කියන තැනකට වඳින්නම්
මෙතුමා කරනවා කියල කියන්නේ නෑ කරන්න තියෙනවා කියලනේ කියන්නේ
පේදුරු, මෙච්චර කලක් තණකොළ කාපු අයට බත් කනකොට අතීතය අමතක වෙනවා.
හැම මගුලක්ම කරනවා කිය කිය ඉන්නේ නැතිව කරලා පෙන්නනවා.
තමන්ගේ කටට ආපු පළියට දේවල් නොකිය යුතුයි. දකුණට නව ආර්ථික සැලැස්මක් තවම හදලා නැහැ නේද? අඩු වශයෙන් හදන්න පටන් අරගෙනවත් තියෙනවද?
පුළුවන්නම් අවුරුද්දක් ඇතුලත අධිවේගී මාර්ගයේ කඩවත සිට මීගමු පාර දක්වාවත් වැඩ නිමකර දෙන්න. දකුණට යන සංචාරකයෝ ගුවන්තොටුපලේ සිට අධිවේගී මාර්ගයට යන්න මාර්ග තදබද වැඩි වෙලාවට පැයක් විතර රස්තියාදු වෙනවා. සංචාරකයන්ට ලංකාවට එන විට ගාස්තු ගෙවීමකින් තොරව ඉස්සර තිබුණු ක්‍රමයට වීසා දෙන්න. තායිලන්තය, මාලදිවයින, වියට් නාමය, ඉන්දුනීසියාව වගේ රටවල්.. නොමිලයේ ඔන් එරයිවල් ක්‍රමයට වීසාදෙනවා. එම රටවල් සමග තරඟයක් දෙන්න නම් අපිත් මොක්කක් හරි කලයුතුය.
හුඟාක්ම හෙමින් නමුත් නිවැරදිව පාරේ යනවා...
කොළඹ මෙගාපොලිස් නගරයක් කරනවා කිව්වා නේද. ඒක කරලා ඉවර ඇති මගේ හිතේ. නංගිලට රත්තරන් මාල දීල ඉවර ඇති .( රටක නායකයෙක් කියන කතාද මේවා.) මල්ලිලට මෝටර් බයික් දීල ඉවර ඇති. අනේ මෙහෙම නායකයෙක්. මේවට හුරේ දාන "මැරුවත් කොළ" කියන මිනිස්සුත් ඉන්නවනේ. මෙහෙම රටකට හරි යයිද .
සම්ප්‍රප්පලාප දොඩවන අදක්ෂ නායකයෙක්...
කවදාවකවත් මේ රටේ ජනතාවගේ, සිතුම පැතුම් , අවශ්‍යතා තේරුම් නොගත්ත නායකයෙක්... අපේ කරුමෙට අනික් පැත්තේ ඉන්නේ ඒවා ඔක්කොම් හොඳට තේරුම් අරන් ජනතාව හොඳට අන්දන්න දන්නා නායකයෙක්...
කට විතරයි වැඩ නැහැ. පම්පෝරිය විතරයි..
රනිල් මහත්යෝ ලංකාවේ මොන නගරයක් සංචාරක නගරයක් කරන්න ඉස්සර නගරයේ පිරිසිඳුකමට ප්‍රමුඛස්ථානය දෙන්න. ඩෙංගු නිසා සංචාරකයන් කීපදෙනෙක් ලංකාවට එන්න ලෑස්තිවෙලා ඉදලා වෙන රටවලට ගිය බව පිටරටවල ජීවත්වෙන අය හොදින් දන්නවා. අඩුමගානේ පිටරටවල සංචාර කරන ඔබලාට ඒ රටවල සංචාරකයන්ට දෙන පහසුකම් ගැනවත් ඔබ දැනුවත් නැත. අපේ රටට එන සංචාරකයන්ගෙන් මුදල් ගන්නවා නමුත් කිසිම පහසුකමක් නැත .ඔබ කියන කතා ගමන දෝලාවෙන් .
ඇයි අනුරාධපුරේ ගැන කියන්නෙවත් නැත්තේ ඉන්දියවේ ආගමික නගර වගේ ඇයි දියුණු කරන්න බැරි .අනුරාධපුරේ කියන්නේ රාජධානියක් අගනගරයක් තිබුනා. හැමෝම එනවා යනවා පින් කරගන්න නම්. පව් කරලා කරලා. ඕකට විතරයි එන්නේ හැමෝම. හිතන්නේ නැහැ දෙයක් කරන්න අනුරාධපුරේට. ඡන්ද බලාගෙන වැඩ කරන්න එපා. රටට ඕනේ දේ කරන්න. දියුණු පැතීම දියුණු කලා කියල රටම දියුණු වෙන්නේ නැහැ සමස්තය එක විදියට දියුණු වෙන්න ඕනේ. හැම පැත්තක්ම එක විදියට දියුණු වෙන්න ඕනේ. නිකම් බොරුවට කොළඹ විතරක් මවල පෙන්නලා මිනිස්සු රවට්ටන්න. වෙන රටවල් වල නායකයොන්ට පෙන්නලා දැන් දියුණු කිව්වට රටක් ඉස්සරහට යන්නේ නැහැ .හැමෝටම එක විදියට සලකන්න .
උම්මග්ග ජාතකේ සිහියට නැගෙනවා
මේ මනුෂ්‍යාගේ කට විතරයි...
මෙයා හරි විහිළුකාරයා. විහිළුවට කියන දේවල්..
මුලින් කිව්වා බ්‍රේස්ලට් දෙනවා කියල. ඊළඟට ටැබ්ලට් දෙනවා කිව්වා. ඊළඟට එක ලෙඩේට එක ඉස්පිරිතාලේ ගානේ හදනවා කිව්වා. දැන් කියනවා තව එකක්. අනේ ළමයිනේ. ඔය ලෙඩේ හැටි ඔහොම තමයි. ඒ කාලේ අපේ සියටත් ඔහොම තිබුන.