ජාත්‍යන්තර පාසල් කළමණාකාරීත්වයේ හිද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව තම හිතට එකඟව වැඩ කිරීමට නොහැකි නිසා ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සියලු වගකීම්වලින් හා කළමණාකාරීත්වයෙන් ඉල්ලා අස්වන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.
පෞද්ගලික අරමුණුවලදී ජාතික අධ්‍යාපනය ගොඩ නැගීමේ අරමුණු කරා යාම කළ නොහැකි නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කිරීමට තමන් මේ තීරණය ගත් බව ග්‍රේරු මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පාසල් යන දරුවන් සියලු දෙනාම උපකාරක පන්ති යාම අනිවාර්ය කළ යුතුයි. (නි)
හොඳ හොඳ වැඩ එළිවෙන ජාමෙට... (නි)
අපට අවශ්‍ය වන්නේ අද කාලයේ රැකියා සඳහා සුදුසු අධ්‍යාපන ක්‍රමයකි.(දී)
සර් කොහොමත් වැඩට හොඳයි. ඉංජිනියර් කෙනෙක් හින්දා තවත් හොඳ හැටි කරයි. (ස)
ලයිසියම් එක බලා ගන්නේ සර්ගේ බිරිඳ, කුමාරි ග්‍රේරෝ මහත්මිය(නදී)
මහේෂ් මෙයා විතරක් නෙමෙයි නොමිලේ ඉගෙන්නුවේ. තව ඕන ටරම් ගුරුවරු ඉන්නවා නොමිලේ උගන්වන. (නදී)
ලයිසියම් එක දැන් නැද්ද?(දිල්)
නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් බිහිවූ මහත්තයෝ. දැන් එතකොට ඔය ලයිසියම් එක ඔයාගෙවත් ඔයාගේ පවුලේ අයගේවත් දන්නා කියන කාගෙවත් නෙමෙයිද? (නදී)
ළමුන්ට නොමිලේ ඉගෙනගන්න දුන්න එකම ගුරුවරයා හොඳ මහත්මයෙක් (ස)
අනේ අම්මපා මොන වෙහිලු කතාවක්ද ඔයාලා දන්නවද කොහොමත් ඒක පාලනය කරනේ එයාගේ නොනනේ.(නදී)
ඒක තමයි පොදුරාජය මණ්ඩල තරුණ සමුළුවේ සංස්කෘතික සංදර්ශනයේදී ලයිසියම් එකේ ළමයි විතරක් නැටුවේ. ගම්වල දක්ෂ ළමයි නැද්ද? (නි)
ග්‍රේරු සර් වැල යන පැත්තට මැස්ස ගහන්න දක්ෂයා. කොහොමහරි පාසල කරගෙන යන්න සර්. (නි)
ලයිසියම පවරන්නෙ එයාගෙ නෝනට . (දිල්)
හරි නම් මුලු පවුලම ලැයිසියම් එකෙන් අයින් වෙන්ට ඕනා.(නදී)
ඒ වුනාට එහි අයිතිකාරු ඔහු නේද? (නි)
මගේ භෞතික විද්‍යා ගුරුවරයා. මට අවුරුදු දෙකක්ම නොමිලේ ඉගෙනගන්න දුන්නා එයාගෙ ටියුෂන් පන්තියේ. මමත් ඔහුත් ගියේ එකම පාසැලට. කාලයක් ඔහු මගේ පරමාදර්ශී චරිතය වෙලා හිටියා. යන්නෙම නැහැ කිය කියා ඉඳල අනෙක් පැත්තට පැන්න දවසෙ මට එපාම වුණා. මම එතෙක් කල් හිතාගෙන හිටියෙ එයා හරිම ප්‍රතිපත්තිගරුක කෙනෙක් කියලා. (නි)
ඒ කියන්නේ ලයිසියම් එකෙත් සෑහෙන වැරදි තිබෙනවා ? (නි)
අධ්‍යාපනයට සේවයක් කරන්න තියෙන හොදම විදිය තමුන් ඉල්ලා අස්වෙලා ඒ ඇමතිකම වෙනුවෙන් නාස්ති කරන මුදල් පාසල් සංවර්ධනයට ලබාදීමයි (නි)
මෙයා කොහොම උනත් හොඳ කෙනෙක්. කවුරුත් දන්නේ නැතුව ඇති විහාර ස්ථාන මුල් කරගෙන නොමිලේ ඉංග්‍රිසි පන්ති පවත්වන බව. මගේ ළමයි දෙන්නෙකුත් නොමිලයේ ඉගෙන ගන්නවා. එතුමාට පින් සිද්ධ වෙන්න. තොරතුරු හොයල අදහස් දානවා නම් ගොඩක් හොඳයි. (ස)
පුද්ගලික ටියුෂන් ව්‍යාපාරිකයන්ට රටේ අධ්‍යාපනය භාරදීම මගින් රටේ නිදහස් අධ්‍යාපනය කොපමණ දුරකටරැකෙනවද කියල බලාගන්න පුළුවන් තව අවරුදු 10 කින් විතර , (අ)
අනේ මෙහෙම තන්හාවක් (අ)
මේ කතා හොඳයි මෝඩයන්ට. ලංකාවේ මිනිස්සු අන්ධයෝද ? (ස)
අනේ රටකට ගිය කලක්! (නි)
අනේ !. මෙහෙම තණ්හාවක් (දිල්)
අපි එයා ගැන දන්නවා (නි)
අනේ !. මෙහෙම තන්හාවක්. අනේ !. (ස)
නෝනා වැඩ ටික බලා ගනීවි (අ)
එතකොට ගෙවන්න තිබෙන ආදායම් බදු වලිනුත් අත හෝදගන්නවද? (නි)
අද ඉන්නේ ටියුෂන් අධ්‍යාපන ඇමතිලා දෙන්නෙක්. එක්කෙනෙක් අරයා අනිත් එක්කෙනා මෙයා.(නදී)
එහෙමනම් මහත්තයෝ ඕකත් ජනසතු කරන්න. (නි)
මෙයා මගේ භෞතික ගුරුවරයා. ඒත් දැන් නම් හටත් ලැජ්ජයි වගේ.(නදී)
මට නම් සතුටු වෙන්න බැහැ (නි)
නාලක, හිත රිදෙන කතා කියන්න එපා. (නි)
මම හිතනවා එතුමා මහත්මයෙක් කියා. අපිට එතුමා විශ්වාසයි. (නි)
අර ඉංග්‍රීසි චැනල් එකට මොකද වුණේ? (නි)
දැන් අත දමලා තියෙන්නේ මොකටද? (නි)
තරහ ගන්න එපා මෙහෙම කියුවට. දැන් ඔය ඉල්ලා අස්වෙලා කාටද ඕක බාරදුන්නේ? මම මේක බොහොම වගකීමෙන් කියන්නේ. මෙය කලිනුත් නමට විතරයි කලමනාකර අධ්‍යක්ෂ හැටියට හිටියේ. (අ)
හොඳ මහත්මයෙක්. බලමු වැඩක් කරන්න පුලුවන්ද කියලා. (ස)
කොහොමත් ලබන පාර ඡන්දෙන් පස්සේ තමයි බලන්න වෙන්නේ (නි)
එතකොට ලයිසියම් දැන් කාගේද? (නි)
ඔබට රටේ ඉහළම ස්ථානයකට යාමට තරමේ බුද්ධියක් ඇත (නි)
ජාත්‍යයන්තර පාසල් වලට හොද වැඩපිළිවෙලක් හදන්න.රට ගැන දන්නා ඔබ වැනි අයට රටේ යහපතට මොනවා කරන්න බැරිද ? (නි)
.මගේ ඥාතියෙක්ගේ දරුවෙක් ජාත්‍යන්තර පාසැලට ගියා. ඒ යාළුවා බංකොලොත් වෙලා මුදල් ගෙවන්න බැරිව ගියා. දරුවගේ ආච්චි ගිහින් අඩා වැටුනා ළමයව අයින් කරන්න එපා කියලා. මොකද දන්නවද අන්තිමට වුනේ සල්ලි නැත්නම් ආන්ඩුවේ පාසැලකට යන්න කිව්වා.(නදී)
ඇමතිට වඩා වැඩි බලයක් උප ඇමතිට තියෙනවද වැඩ කරන්න? (ස)
මෙතුමාගේ අදහස හොදයි. නමුත් බලමු ප්‍රායෝගිකව වැඩක් කරන්න පුලුවන්ද කියලා. රටේ පළමු තැන දෙන්න ඕනා අධ්‍යාපනයට. ඒ තුලින් රට සංවර්දනයක් කරා යන්න පලුවන් විනය යහපත් සමාජයක් ගොඩනගන්න පලුවන්. පළමුව අපේ රටේ සිටින හැම දරුවෙකුටම එක සමාන අධ්‍යාපනයක් ලබන්න පලුවන් ප්‍රයෝගික වැඩක් වෙන්න ඕනි අමාත්‍යංශයේ දුර්වලතා මගහැරගන්න දරුවන්ගේ දක්ෂතා කප්පාදු නොකර රටේ අනාගතය වෙනුවෙන් හරි දෙයක් කිරීමට ඔබට ශක්තිය ලැබේවා.(නදී)
ග්‍රේරෝ දක්ෂයෙක්, අවංකව වැඩක් කරාවි. මම එතුමාට සුබ පතනවා ලංකාවේ අධ්‍යාපනයට සේවයක් කරන්න ශක්තිය ලැබේවා කියලා. (ස)
පසුගිය වසර කිහිපය තුල අධ්‍යාපනය යම් පිරිහිමකට ලක්වුනා. ඒ හැම දෙයක්ම මග හරවාගෙන හරි දේ හරි විදියට කිරීමට මෙතුමාට සක්තිය ලැබේවා!! (නදී)
ඉතිරි වෙලා තිබෙන නිදහස් අධ්‍යාපනයටත් දෙවියන්ගේම පිහිටයි. මේ අය කොයි ලෝකේ යන්නද? (ස)
තව ටික දවසකින් ඇමති කම දාල පරණ ජොබ් එක පටන් ගනී .(අ)
දැන් ඉතින් කොහොම අස් වුනත් මොකද, හැබැයි ඉතින් ලංකාවේ ලංකාවේ අධ්‍යාපනයම ටියුෂන් සරණයි. (ස)
ආ ඇත්තද?අපි සතුටු වෙන්න ඕනා ජාත්‍යන්තර පාසලක ළමයි දේශීය නැටුම් කළා කිවාම.ඔහුගෙ වෙනස ඒකයි. (ස)
පාසල් සංවරධනයට එදා සිදු වු මෙහෙවර වර්තමානයේ සිදු නොවීම කණගාටුවට කරුණක්. දැන් ලංකාවේ පාසල් 3000ක් විතර වැසිලා කුඩා පාසල් ගැන කිසිම සැලකිලිමත් කම්ක් නැහැ. දැන් දරුවන්ට පීඩනයක් වෙලා තියෙන්නේ ඔතන එක සමාන පාසල් නොමැතිකම දක්ෂ ළමයින්ව කප්පාදු කරලා බලදාරින්ගේ වරද වසා ගැනීම වරදක්. දරුවන් කියන්නේ රටේ අනාගතය පහසුකම් සැපයීම රජයේ වගකීමක් ...(නදී)
අයිතියෙන් නෙමේනේ.(නදී)
ලංකාවේ ළමයින්ට දෙවියන්ගේම පිහිටයි (නි)
ඒක හොඳ තීරණයක්. හිතට එකඟව වැඩ කරන්න බැරී නම් වගකීම් දරන්න හොඳ නැහැ.(නදී)
මමත් එයාගේ ටියුෂන් ගියා. 'ඒ' සාමාර්ථයක් ගත්තා. ඒ කාලේ කිව්වේ කවදාවත් දේශපාලනය කරන්නේ නැහැ කියලා. (නි)
කොහොමද වැඩේ............ (දී)
ලයිසියම් ගැන බයවෙන්න දෙයක් නැහැ (නි)
ඒ කියන්නේ ලයිසියම් එක රජයට පවර ගත්ත ද? හාහ් හා හා.... (අනිවාර්යෙන් මොකෙක් හරි නෑදෑයෙක් ගේ නමට හරවල දාන්න ඇති.... ඉස්සර නාවුක ඇමති වෙලා ඉන්න කාලේ හිටපු අය නෞකා වලට සම්බන්ද ව්‍යාපාර කලානේ වෙන අයගේ නම් වලින්. බොරුනම් රවී කරුණා නායගම්ගෙන් අහන්න්න... අපි නොදන්නා චෙස් (නදී)
සමහර පුද්ගලයෝ මස් වර්ග සහ මාළු වර්ග කන්නේ නැහැ. ඒඋනාට හොදි කනවා.(නදී)
දැන් එතකොට මේ පාසැල අයතිය කාටද? ළමුන්ට මොකද වෙන්නේ (නදී)
දැන් එතකොට මේ පාසැල අයිතිය කාටද? ළමුන්ට මොකද වෙන්නේ (නදී)
යමක් නිවැරදිව කල හැකි පුද්ගලයෙක් එත් ඔතනට ගිහිල්ල මොනවත් කරපු නැති පුද්ගලයෙක් වෙනවා වෙනවා මය (අ)
නෝනා දුව පුතා ඉන්නවා ඔයාට වඩා නෝනා පරිපාලනයට දක්ෂයි.(නදී)
ඇයි ඒක නෝනාට බාර දුන්නේ? (නි)
අධ්‍යාපන ඇමැතිත් ටියුෂන් මාස්ටර් උප ඇමැතිත් ට්යුෂන් මාස්ටර් ලංකාවේ අධ්‍යාපනය ට්යුෂන් මාස්ටර්ලටම බාරදෙමු.(නදී)
කොහොමත් මෙයාල මේ වගේ ඇඟ බේරගන්න තමා දන්නේ??? (ස)
පව් අහිංසකයා. රටේ මිනිස්සුන්කේ සල්ලි ගසා කන්න එපා (නදී)
මේකත් එක්තරා දේශපාලනික දඩයමක් පමණයි. ග්‍රේරු මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුන කෙනෙක් නෙමෙයි. අනික මොහු අතරමන් වුන කෙනෙක් නොවෙයි. බලමු මාස්ටර්ලා දෙන්නම අධ්‍යපනය කොහාට ගෙනියයිද කියලා?(නදී)
පුංචි පහේ මැජික් එකක් .(නදී)
අනේ මේවා දැකල මොනතරම් කලකිරීමක් දැනෙනවද? (නදී)
ග්‍රේරෝ දක්ෂයි. යමක් නිවැරදිව කල හැකි පුද්ගලයෙක්. ලයිසියම් ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද ලයිසියම් එක බලා ගන්නේ සර්ගේ බිරිඳ, කුමාරි ග්‍රේරෝ මහත්මිය. මගේ සුභ පැතුම්. (ස)
කෙලින් වැඩ කරන්න යනකොටම ඕක ඔහොම වෙයි කියලා නිකමට වගේ මට හිතුනා.. (නදී)
ඔහු හොද කෙනෙක් ! අවංක කෙනෙක් ! වැඩක් කරාවි !(නදී)
නාලක, ඔයා හරියට හරි. (නි)
දැන් ලයිසියම් දරුවන්ට යන එන මන් නැති කරන්නද හදන්නේ? (නදී)
වැඩි පරිස්සමට වක්කඩේ හකුරු හැංගුවා වගේ. (ස)