IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


ග්‍රේරු ලයිසියම් වැඩෙන් අත සෝදා ගනී

ජාත්‍යන්තර පාසල් කළමණාකාරීත්වයේ හිද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව  තම හිතට එකඟව වැඩ කිරීමට නොහැකි නිසා ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ  සියලු වගකීම්වලින් හා කළමණාකාරීත්වයෙන් ඉල්ලා අස්වන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විශේෂ  මාධ්‍ය  හමුවකදී පැවසීය.

පෞද්ගලික අරමුණුවලදී ජාතික අධ්‍යාපනය ගොඩ නැගීමේ අරමුණු කරා යාම කළ නොහැකි නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කිරීමට තමන් මේ තීරණය ගත් බව ග්‍රේරු මහතා කීවේය.

 



අදහස් (0)

ග්‍රේරු ලයිසියම් වැඩෙන් අත සෝදා ගනී

චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 18 October 2013 08:13 AM

ලංකාවේ පාසල් යන දරුවන් සියලු දෙනාම උපකාරක පන්ති යාම අනිවාර්ය කළ යුතුයි. (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 18 October 2013 08:18 AM

හොඳ හොඳ වැඩ එළිවෙන ජාමෙට... (නි)

:       0       0

චන්ද්‍රසිරි පෙරේරා Friday, 15 November 2013 10:47 PM

අපට අවශ්‍ය වන්නේ අද කාලයේ රැකියා සඳහා සුදුසු අධ්‍යාපන ක්‍රමයකි.(දී)

:       0       0

චින්තක Wednesday, 20 November 2013 11:15 AM

සර් කොහොමත් වැඩට හොඳයි. ඉංජිනියර් කෙනෙක් හින්දා තවත් හොඳ හැටි කරයි. (ස)

:       0       0

මම Thursday, 17 October 2013 05:45 PM

ලයිසියම් එක බලා ගන්නේ සර්ගේ බිරිඳ, කුමාරි ග්‍රේරෝ මහත්මිය(නදී)

:       0       0

රොෂාන් Tuesday, 22 October 2013 08:30 PM

මහේෂ් මෙයා විතරක් නෙමෙයි නොමිලේ ඉගෙන්නුවේ. තව ඕන ටරම් ගුරුවරු ඉන්නවා නොමිලේ උගන්වන. (නදී)

:       0       0

චානක Friday, 18 October 2013 08:52 AM

ලයිසියම් එක දැන් නැද්ද?(දිල්)

:       0       0

නිලාම් Sunday, 13 October 2013 06:47 PM

නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් බිහිවූ මහත්තයෝ. දැන් එතකොට ඔය ලයිසියම් එක ඔයාගෙවත් ඔයාගේ පවුලේ අයගේවත් දන්නා කියන කාගෙවත් නෙමෙයිද? (නදී)

:       0       0

මහේස් කොඩිතුවක්කු Friday, 18 October 2013 06:57 PM

ළමුන්ට නොමිලේ ඉගෙනගන්න දුන්න එකම ගුරුවරයා හොඳ මහත්මයෙක් (ස)

:       0       0

සවිරු Saturday, 19 October 2013 08:58 AM

අනේ අම්මපා මොන වෙහිලු කතාවක්ද ඔයාලා දන්නවද කොහොමත් ඒක පාලනය කරනේ එයාගේ නොනනේ.(නදී)

:       0       0

කසුන් Friday, 15 November 2013 09:20 AM

ඒක තමයි පොදුරාජය මණ්ඩල තරුණ සමුළුවේ සංස්කෘතික සංදර්ශනයේදී ලයිසියම් එකේ ළමයි විතරක් නැටුවේ. ගම්වල දක්ෂ ළමයි නැද්ද? (නි)

:       0       0

මොහාන් Monday, 21 October 2013 12:40 PM

ග්‍රේරු සර් වැල යන පැත්තට මැස්ස ගහන්න දක්ෂයා. කොහොමහරි පාසල කරගෙන යන්න සර්. (නි)

:       0       0

කුමාර Tuesday, 15 October 2013 11:17 AM

ලයිසියම පවරන්නෙ එයාගෙ නෝනට . (දිල්)

:       0       0

නිතකාරන් Saturday, 26 October 2013 09:10 AM

හරි නම් මුලු පවුලම ලැයිසියම් එකෙන් අයින් වෙන්ට ඕනා.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 15 October 2013 05:23 PM

ඒ වුනාට එහි අයිතිකාරු ඔහු නේද? (නි)

:       0       0

සමන් Friday, 18 October 2013 10:39 AM

මගේ භෞතික විද්‍යා ගුරුවරයා. මට අවුරුදු දෙකක්ම නොමිලේ ඉගෙනගන්න දුන්නා එයාගෙ ටියුෂන් පන්තියේ. මමත් ඔහුත් ගියේ එකම පාසැලට. කාලයක් ඔහු මගේ පරමාදර්ශී චරිතය වෙලා හිටියා. යන්නෙම නැහැ කිය කියා ඉඳල අනෙක් පැත්තට පැන්න දවසෙ මට එපාම වුණා. මම එතෙක් කල් හිතාගෙන හිටියෙ එයා හරිම ප්‍රතිපත්තිගරුක කෙනෙක් කියලා. (නි)

:       0       0

ඩී.උපුල් Sunday, 10 November 2013 11:46 PM

ඒ කියන්නේ ලයිසියම් එකෙත් සෑහෙන වැරදි තිබෙනවා ? (නි)

:       0       0

මාලා Friday, 25 October 2013 01:15 AM

අධ්‍යාපනයට සේවයක් කරන්න තියෙන හොදම විදිය තමුන් ඉල්ලා අස්වෙලා ඒ ඇමතිකම වෙනුවෙන් නාස්ති කරන මුදල් පාසල් සංවර්ධනයට ලබාදීමයි (නි)

:       0       0

ඥානපාල Tuesday, 05 November 2013 12:09 PM

මෙයා කොහොම උනත් හොඳ කෙනෙක්. කවුරුත් දන්නේ නැතුව ඇති විහාර ස්ථාන මුල් කරගෙන නොමිලේ ඉංග්‍රිසි පන්ති පවත්වන බව. මගේ ළමයි දෙන්නෙකුත් නොමිලයේ ඉගෙන ගන්නවා. එතුමාට පින් සිද්ධ වෙන්න. තොරතුරු හොයල අදහස් දානවා නම් ගොඩක් හොඳයි. (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 16 October 2013 04:07 PM

පුද්ගලික ටියුෂන් ව්‍යාපාරිකයන්ට රටේ අධ්‍යාපනය භාරදීම මගින් රටේ නිදහස් අධ්‍යාපනය කොපමණ දුරකටරැකෙනවද කියල බලාගන්න පුළුවන් තව අවරුදු 10 කින් විතර , (අ)

:       0       0

මංගල Wednesday, 16 October 2013 04:16 PM

අනේ මෙහෙම තන්හාවක් (අ)

:       0       0

දමිතා Friday, 22 November 2013 04:33 PM

මේ කතා හොඳයි මෝඩයන්ට. ලංකාවේ මිනිස්සු අන්ධයෝද ? (ස)

:       0       0

ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය Saturday, 19 October 2013 11:11 PM

අනේ රටකට ගිය කලක්! (නි)

:       0       0

මාලන් Wednesday, 16 October 2013 04:31 PM

අනේ !. මෙහෙම තණ්හාවක් (දිල්)

:       0       0

පරාක්‍රම Tuesday, 15 October 2013 01:09 AM

අපි එයා ගැන දන්නවා (නි)

:       0       0

මංජු Wednesday, 16 October 2013 04:32 PM

අනේ !. මෙහෙම තන්හාවක්. අනේ !. (ස)

:       0       0

දිෂාන් Saturday, 19 October 2013 12:19 PM

නෝනා වැඩ ටික බලා ගනීවි (අ)

:       0       0

සිල්වා Friday, 25 October 2013 03:06 AM

එතකොට ගෙවන්න තිබෙන ආදායම් බදු වලිනුත් අත හෝදගන්නවද? (නි)

:       0       0

විරාජ් කාලිංග Sunday, 13 October 2013 09:18 PM

අද ඉන්නේ ටියුෂන් අධ්‍යාපන ඇමතිලා දෙන්නෙක්. එක්කෙනෙක් අරයා අනිත් එක්කෙනා මෙයා.(නදී)

:       0       0

ධම්මික Thursday, 31 October 2013 07:05 PM

එහෙමනම් මහත්තයෝ ඕකත් ජනසතු කරන්න. (නි)

:       0       0

රෝහිත Sunday, 13 October 2013 09:19 PM

මෙයා මගේ භෞතික ගුරුවරයා. ඒත් දැන් නම් හටත් ලැජ්ජයි වගේ.(නදී)

:       0       0

මනෝ Monday, 14 October 2013 06:37 PM

මට නම් සතුටු වෙන්න බැහැ (නි)

:       0       0

උපාලි Tuesday, 15 October 2013 01:40 AM

නාලක, හිත රිදෙන කතා කියන්න එපා. (නි)

:       0       0

රොජර් Monday, 14 October 2013 06:50 PM

මම හිතනවා එතුමා මහත්මයෙක් කියා. අපිට එතුමා විශ්වාසයි. (නි)

:       0       0

පසිඳු මනෝහර Friday, 18 October 2013 09:33 PM

අර ඉංග්‍රීසි චැනල් එකට මොකද වුණේ? (නි)

:       0       0

දීපා Monday, 11 November 2013 08:10 PM

දැන් අත දමලා තියෙන්නේ මොකටද? (නි)

:       0       0

රොෂාන් Tuesday, 15 October 2013 07:37 PM

තරහ ගන්න එපා මෙහෙම කියුවට. දැන් ඔය ඉල්ලා අස්වෙලා කාටද ඕක බාරදුන්නේ? මම මේක බොහොම වගකීමෙන් කියන්නේ. මෙය කලිනුත් නමට විතරයි කලමනාකර අධ්‍යක්ෂ හැටියට හිටියේ. (අ)

:       0       0

තාරක Monday, 14 October 2013 02:16 PM

හොඳ මහත්මයෙක්. බලමු වැඩක් කරන්න පුලුවන්ද කියලා. (ස)

:       0       0

ද සිල්වා Thursday, 17 October 2013 06:07 AM

කොහොමත් ලබන පාර ඡන්දෙන් පස්සේ තමයි බලන්න වෙන්නේ (නි)

:       0       0

සරා Monday, 14 October 2013 09:59 AM

එතකොට ලයිසියම් දැන් කාගේද? (නි)

:       0       0

අසන්ක Tuesday, 15 October 2013 08:30 PM

ඔබට රටේ ඉහළම ස්ථානයකට යාමට තරමේ බුද්ධියක් ඇත (නි)

:       0       0

ලොකුගේ Tuesday, 15 October 2013 05:36 AM

ජාත්‍යයන්තර පාසල් වලට හොද වැඩපිළිවෙලක් හදන්න.රට ගැන දන්නා ඔබ වැනි අයට රටේ යහපතට මොනවා කරන්න බැරිද ? (නි)

:       0       0

පකීර් Thursday, 24 October 2013 07:29 AM

.මගේ ඥාතියෙක්ගේ දරුවෙක් ජාත්‍යන්තර පාසැලට ගියා. ඒ යාළුවා බංකොලොත් වෙලා මුදල් ගෙවන්න බැරිව ගියා. දරුවගේ ආච්චි ගිහින් අඩා වැටුනා ළමයව අයින් කරන්න එපා කියලා. මොකද දන්නවද අන්තිමට වුනේ සල්ලි නැත්නම් ආන්ඩුවේ පාසැලකට යන්න කිව්වා.(නදී)

:       0       0

චම් Monday, 14 October 2013 02:47 PM

ඇමතිට වඩා වැඩි බලයක් උප ඇමතිට තියෙනවද වැඩ කරන්න? (ස)

:       0       0

සිල්වා Sunday, 13 October 2013 02:10 PM

මෙතුමාගේ අදහස හොදයි. නමුත් බලමු ප්‍රායෝගිකව වැඩක් කරන්න පුලුවන්ද කියලා. රටේ පළමු තැන දෙන්න ඕනා අධ්‍යාපනයට. ඒ තුලින් රට සංවර්දනයක් කරා යන්න පලුවන් විනය යහපත් සමාජයක් ගොඩනගන්න පලුවන්. පළමුව අපේ රටේ සිටින හැම දරුවෙකුටම එක සමාන අධ්‍යාපනයක් ලබන්න පලුවන් ප්‍රයෝගික වැඩක් වෙන්න ඕනි අමාත්‍යංශයේ දුර්වලතා මගහැරගන්න දරුවන්ගේ දක්ෂතා කප්පාදු නොකර රටේ අනාගතය වෙනුවෙන් හරි දෙයක් කිරීමට ඔබට ශක්තිය ලැබේවා.(නදී)

:       0       0

ගයල් Friday, 08 November 2013 02:49 PM

ග්‍රේරෝ දක්ෂයෙක්, අවංකව වැඩක් කරාවි. මම එතුමාට සුබ පතනවා ලංකාවේ අධ්‍යාපනයට සේවයක් කරන්න ශක්තිය ලැබේවා කියලා. (ස)

:       0       0

ලසන්ත Sunday, 13 October 2013 02:27 PM

පසුගිය වසර කිහිපය තුල අධ්‍යාපනය යම් පිරිහිමකට ලක්වුනා. ඒ හැම දෙයක්ම මග හරවාගෙන හරි දේ හරි විදියට කිරීමට මෙතුමාට සක්තිය ලැබේවා!! (නදී)

:       0       0

සරත් ප්‍රනාන්දු Monday, 21 October 2013 03:46 PM

ඉතිරි වෙලා තිබෙන නිදහස් අධ්‍යාපනයටත් දෙවියන්ගේම පිහිටයි. මේ අය කොයි ලෝකේ යන්නද? (ස)

:       0       0

ශානි Wednesday, 16 October 2013 06:32 PM

තව ටික දවසකින් ඇමති කම දාල පරණ ජොබ් එක පටන් ගනී .(අ)

:       0       0

තාරක Friday, 25 October 2013 09:21 AM

දැන් ඉතින් කොහොම අස් වුනත් මොකද, හැබැයි ඉතින් ලංකාවේ ලංකාවේ අධ්‍යාපනයම ටියුෂන් සරණයි. (ස)

:       0       0

රුවන් - ගාල්ල Friday, 15 November 2013 12:30 PM

ආ ඇත්තද?අපි සතුටු වෙන්න ඕනා ජාත්‍යන්තර පාසලක ළමයි දේශීය නැටුම් කළා කිවාම.ඔහුගෙ වෙනස ඒකයි. (ස)

:       0       0

නුවන් Sunday, 13 October 2013 02:39 PM

පාසල් සංවරධනයට එදා සිදු වු මෙහෙවර වර්තමානයේ සිදු නොවීම කණගාටුවට කරුණක්. දැන් ලංකාවේ පාසල් 3000ක් විතර වැසිලා කුඩා පාසල් ගැන කිසිම සැලකිලිමත් කම්ක් නැහැ. දැන් දරුවන්ට පීඩනයක් වෙලා තියෙන්නේ ඔතන එක සමාන පාසල් නොමැතිකම දක්ෂ ළමයින්ව කප්පාදු කරලා බලදාරින්ගේ වරද වසා ගැනීම වරදක්. දරුවන් කියන්නේ රටේ අනාගතය පහසුකම් සැපයීම රජයේ වගකීමක් ...(නදී)

:       0       0

ජගත් Sunday, 13 October 2013 02:41 PM

අයිතියෙන් නෙමේනේ.(නදී)

:       0       0

ගාමිණි Saturday, 26 October 2013 01:15 AM

ලංකාවේ ළමයින්ට දෙවියන්ගේම පිහිටයි (නි)

:       0       0

රාමා Sunday, 13 October 2013 02:48 PM

ඒක හොඳ තීරණයක්. හිතට එකඟව වැඩ කරන්න බැරී නම් වගකීම් දරන්න හොඳ නැහැ.(නදී)

:       0       0

ලලින් Monday, 14 October 2013 10:55 AM

මමත් එයාගේ ටියුෂන් ගියා. 'ඒ' සාමාර්ථයක් ගත්තා. ඒ කාලේ කිව්වේ කවදාවත් දේශපාලනය කරන්නේ නැහැ කියලා. (නි)

:       0       0

නලින් Thursday, 14 November 2013 03:14 AM

කොහොමද වැඩේ............ (දී)

:       0       0

රන්ජිත් Monday, 14 October 2013 03:23 PM

ලයිසියම් ගැන බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

නාලක Sunday, 13 October 2013 03:22 PM

ඒ කියන්නේ ලයිසියම් එක රජයට පවර ගත්ත ද? හාහ් හා හා.... (අනිවාර්යෙන් මොකෙක් හරි නෑදෑයෙක් ගේ නමට හරවල දාන්න ඇති.... ඉස්සර නාවුක ඇමති වෙලා ඉන්න කාලේ හිටපු අය නෞකා වලට සම්බන්ද ව්‍යාපාර කලානේ වෙන අයගේ නම් වලින්. බොරුනම් රවී කරුණා නායගම්ගෙන් අහන්න්න... අපි නොදන්නා චෙස් (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 20 October 2013 07:19 PM

සමහර පුද්ගලයෝ මස් වර්ග සහ මාළු වර්ග කන්නේ නැහැ. ඒඋනාට හොදි කනවා.(නදී)

:       0       0

අරුණ Sunday, 13 October 2013 04:21 PM

දැන් එතකොට මේ පාසැල අයතිය කාටද? ළමුන්ට මොකද වෙන්නේ (නදී)

:       0       0

අරුණ Sunday, 13 October 2013 04:21 PM

දැන් එතකොට මේ පාසැල අයිතිය කාටද? ළමුන්ට මොකද වෙන්නේ (නදී)

:       0       0

නිම් Saturday, 19 October 2013 05:59 PM

යමක් නිවැරදිව කල හැකි පුද්ගලයෙක් එත් ඔතනට ගිහිල්ල මොනවත් කරපු නැති පුද්ගලයෙක් වෙනවා වෙනවා මය (අ)

:       0       0

ලාල් Sunday, 17 November 2013 10:33 AM

නෝනා දුව පුතා ඉන්නවා ඔයාට වඩා නෝනා පරිපාලනයට දක්ෂයි.(නදී)

:       0       0

ශිරෝමි Saturday, 02 November 2013 10:29 AM

ඇයි ඒක නෝනාට බාර දුන්නේ? (නි)

:       0       0

ලලිත් Monday, 14 October 2013 01:08 AM

අධ්‍යාපන ඇමැතිත් ටියුෂන් මාස්ටර් උප ඇමැතිත් ට්යුෂන් මාස්ටර් ලංකාවේ අධ්‍යාපනය ට්යුෂන් මාස්ටර්ලටම බාරදෙමු.(නදී)

:       0       0

රංගන Tuesday, 29 October 2013 03:06 PM

කොහොමත් මෙයාල මේ වගේ ඇඟ බේරගන්න තමා දන්නේ??? (ස)

:       0       0

රෝෂාන් Sunday, 13 October 2013 05:01 PM

පව් අහිංසකයා. රටේ මිනිස්සුන්කේ සල්ලි ගසා කන්න එපා (නදී)

:       0       0

අස්මිත් Sunday, 20 October 2013 11:12 AM

මේකත් එක්තරා දේශපාලනික දඩයමක් පමණයි. ග්‍රේරු මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුන කෙනෙක් නෙමෙයි. අනික මොහු අතරමන් වුන කෙනෙක් නොවෙයි. බලමු මාස්ටර්ලා දෙන්නම අධ්‍යපනය කොහාට ගෙනියයිද කියලා?(නදී)

:       0       0

ලයනල් ලියන ගමගේ Friday, 15 November 2013 07:41 AM

පුංචි පහේ මැජික් එකක් .(නදී)

:       0       0

තුෂාර-ඩුබායි Sunday, 13 October 2013 05:29 PM

අනේ මේවා දැකල මොනතරම් කලකිරීමක් දැනෙනවද? (නදී)

:       0       0

ගයා Wednesday, 13 November 2013 04:43 PM

ග්‍රේරෝ දක්ෂයි. යමක් නිවැරදිව කල හැකි පුද්ගලයෙක්. ලයිසියම් ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද ලයිසියම් එක බලා ගන්නේ සර්ගේ බිරිඳ, කුමාරි ග්‍රේරෝ මහත්මිය. මගේ සුභ පැතුම්. (ස)

:       0       0

ගංමෑන් Sunday, 13 October 2013 05:42 PM

කෙලින් වැඩ කරන්න යනකොටම ඕක ඔහොම වෙයි කියලා නිකමට වගේ මට හිතුනා.. (නදී)

:       0       0

පියල් Monday, 14 October 2013 09:39 PM

ඔහු හොද කෙනෙක් ! අවංක කෙනෙක් ! වැඩක් කරාවි !(නදී)

:       0       0

මාලා Wednesday, 16 October 2013 01:47 AM

නාලක, ඔයා හරියට හරි. (නි)

:       0       0

මාරසිංහ Monday, 14 October 2013 02:54 AM

දැන් ලයිසියම් දරුවන්ට යන එන මන් නැති කරන්නද හදන්නේ? (නදී)

:       0       0

උද්දාම -දෝහා Wednesday, 23 October 2013 02:16 PM

වැඩි පරිස්සමට වක්කඩේ හකුරු හැංගුවා වගේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 115 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 179 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 120 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 256 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 49 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 430 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 629 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2131 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1853 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site